Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඕස්ට්‍රේලියා අධිකරණයෙන්, ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසර ලැබුණා ද ?

    2022-12-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර හිමිවූ බවට සමාජ ජාලා සටහන් පළවුණා. මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ඔස්ට්‍ර්ලියානු අධිකරණය මගින් අවසර ලබාදී ඇති බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණු ආකාරය දක්නට ලැබුණා. එම පුවතේ මූලාශ්‍ර ලෙස දක්වා තිබුණේ, අද දෙරණ පුවත් වල එම පුවත පළ වූ බවත් ඒ ඇසුරෙන් ලබාගත් බවයි.

    Facebook | Archived Facebook | Archived Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප විමසා බැලුවේ මෙම සමාජ ජාලා සටහන්වල ආකාරයේ පුවතක් අද දෙරණ මගින් විකාශය කර ඇතිද යන්න විමසා බැලුවා.

    ඔවුන් ඒ සම්බන්ධයෙන් පුවතක් විකාශය කර තිබුණු අතර එහි සදහන් වුණේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු නොවේ. එහි දැක්වුණේ ධනුෂ්ක මේ වන විට නතරවී සිටින නවාතැන් පළෙන් ඉවත්ව සිඩ්නි වල ම වෙනත් ප්‍රදේශයක පිහිටි නවාතන්පොලකට මාරුවීමට අධිකරණයේ අවසරය ලැබුණු බවයි. එම අලුත් නවාතැන සහිත ප්‍රදේශය ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් ජීවත්ව සිටින ප්‍රදේශයක් බ වද සදහන්. අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ එය පළව තිබුණු ආකාරය පහතින්. 

    https://www.facebook.com/firstat9/videos/835382097752940/

    Ada Derana

    ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය මගින් මේ පිලිබදව වාර්තා කර ඇතිද යන කාරණයයි.

    එහිදී ඕස්ටේලියාවේ මාධ්‍ය මගීන්ද දෙසැම්බර මස 16  වන දින ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි හිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සහ ‘අද දෙරණ’ සදහන් කල ආකාරයටම ඔහුට සිය නවාතැන මාරුකිරීම සදහා අධිකරණ අවසරය ලැබුණු බව සදහන් . එමෙන්ම මෙම නඩුව පිළිබද ඉදිරි නඩු දිනය ලබන වසරේ ජනවාරි මාසයේ බවද සදහන්. කෙසේ වෙතත් ධනුෂ්කට ලංකාවට පැමිණීමට අවසර හිමිව නැහැ. එමෙන්ම ඔහු ගේ ගුවන් ගමන්බලපත මේ වන විටත් පවතින්නේ ඕස්ට්‍රේලියානු බලධාරීන් සතුවයි. ඒ සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවක් මෙතනින්.Archived.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබුණු බවට වන සමාජ ජාලා සටහන් වැරදි සහගත බවයි. ඔහුට එහි අධිකරණය මගින් දෙසැම්බර් මස 16 දින අවසර ලබාදී ඇත්තේ මේ වන විට නැවතී සිටින නවාතන්පොලින් ඉවත්ව සිඩ්නිවලම පිහිටි වෙනත් නවාතන්පොලකට යාමටයි. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය තවමත් පවතින්නේ ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ බාරයේයි.ධනුෂ්කගේ ඉදිරි නඩු දිනය යෙදී ඇත්තේ ජනවාරි මාසයේදීයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ධනුෂ්කට ඕස්ට්‍රේලියා අධිකරණයෙන් අවසර ?

    Fact Check By: Kalana Krishantha 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.