Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි!

    2024-01-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ පුවත්, විශේෂයන්ම මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වී ඇති බව දැකගනන්ට ලැබෙනවා. මේ අතර අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ පුවත්, විශේෂයන්ම මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වී ඇති බව දැකගනන්ට ලැබෙනවා. මේ අතර අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “දැඩිලෙස රෝගාතුරුව සිටින රට ජාතිය ආගම වෙනුවෙන් සටන් කල සඟ රජු අති පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ අති පූජ්‍ය අම්පිටියේ සුමන හිමියන්ට ඉක්මන් සූවය පාර්ථනා කරමු” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වූයේ ඥානසාර හිමියන් සහ අම්පිටියේ සුමන හිමියන් දෙනම රෝගි වූ බවට ඡායාරූප ද, දක්වමින්.

    Facebook | Archived

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මෙම තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳ අප පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) : 

    පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි

    පූජ්‍ය අම්පිටියේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේ හදිසි අනතුරක් නිසා දැඩිසේ ගිලන්ව එක්තැන්වී සිටින පුවත සත්‍ය වන අතර ඉහත ඡායාරූපය ද, මෑතකදී ලබාගත් ඡායාරූපයකි.  

    අම්පිටියේ සුමනරතන හිමියන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ ඇඩ්මින් විසින් පසුගිය 22 වන දින මේ බව හිමියන්ගේ නිල ෆේස්බුක් පිටුව හරහා මෙම පණිවිඩය දන්වා තිබුණේ මෙලෙසින්.

    ගලගොඩ අත්තේ ඥාණසාර හිමි

    බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට කිසිදු මාධ්‍ය ධාරාවක හෝ පුවතක් වාර්තා නොවී තිබූ අතර සම්බන්ධයෙන් උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බොදු බල සේනාවේ නියෝජිතයෙකු තහවුරු කළා.

    එමෙන්ම, ඥානසාර හිමියන් ඊයේ (25) දුරුතු පුර පසළොස්වක පොහොය දින රාවතාවත්ත, පල්ලියගොඩැල්ල විහාරස්ථානයේ පැවති ආගමික ධර්ම දේශනාවකට සහභාගී වී තිබූ බව දැක ගන්නට ලැබූ අතර එම විහාරස්ථානයේ වැඩ වසන හල්විටිගල විපුලධම්ම ස්වාමින් වහන්සේද, අප කළ විමසීමේදී තහවුරු කළේ, ඥානසාර හිමියන් සුවෙන් පසු වූ බවයි. එම පොහෝ දින ධර්ම දේශනාවේ සජීවි විකාශය මෙතනින්.

    ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසනීප ව රෝහල් ගතකර ඇති බවට හැඟවීමට දක්වා තිබූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපය 2018 වසරේ ඥාණසාර හිමියන් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබූ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි.

    Lankadeepa

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හදිසි අනතුරකට මුහුණ පෑම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන පුවත සත්‍ය නමුත්, එම සටහනේ පෙන්වා දෙන පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට දක්වා ඇති තොරතුරු අසත්‍යයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-01-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.