Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අනුරාධපුර ඥාණා අක්කට වඳින අගමැතිගේ ඡායාරූපයක් ද?

    2021-11-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි

    දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමට ඇතැම් පිරිස් විසින් දේශපාලන චරිත සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු පුවත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබනවා. එලෙස අසත්‍ය සමාජගත කිරීමට උත්හස දැරූ ෆේස්බුක් සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ෆේස්බුක් ඡායාරූප සටහනක දැක්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වැඩිහිටි කාන්තාවකගේ දෙසට හැරී වඳින ආකාරයක ඡායාරූපයක්. එම ඡායාරූපය සම්බන්ධයෙන් දක්වා තිබු විස්තරයේ විමසා තිබුනේ, මෙම පිරිස අනුරාධපුර ‘ඥාණා අක්ක’ට වඳින්නේ ඇයිද යන්නයි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එම සටහන සමාජ ෆේස්බුක් ඔස්සේ 1600කට අධික ප්‍රමාණයක් සංසරණය කර ගෙන තිබුණා.

    මෙම ඡායාරූපයේ සිටින්නේ අනුරාධපුරේ ‘ඥානා අක්කා’ බවට දැක්වූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    තවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් දැක්වුණේ,

     “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලන වේදිකාවේ පැවසූ බවටත්, එම අවස්ථාව හිරු TV ප්‍රවෘත්ති විකාශයේ පළ වූ බවද දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම සටහන වෙනත් පරිශීලකයින් විසින්ද හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්, සහ මෙලෙසින්. Archived Link 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ ඉහත ඡායාරූපය පිළිබඳව අප පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ, පසුගිය නොවැම්බර් 18 වන දා අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අවස්ථාවේදී ලබා ගත් ඡායරූපයක් බවයි.

    එහි සඳහන් කර තිබුණේ, ඉන්දු පෙරේරා මෑණියන් ඇතුළු කිරි අම්මාවරුන් උදෙසා කිරි අම්මා දානය පූජා කිරීම පැවති බවයි.

    ඒ බවට අග්‍රාමාත්‍යවරයා නිල ෆේස්බුක් පිටුවේ දැක්වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම ඡායරූප එකතුව ඇතුළත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරූප ද දැක්වුණේ මෙලෙසින්.

    ඉන්දු පෙරේරා නමැති එම වැඩිහිටි මවගේ වෙනත් කෝණයෙන් පළ වූ තවත් ඡායාරූපයක් පහතින්.

    Facebook | Archived Link

    ඥාන මෑණියෝ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූප හා මෙම ඡායාරූප සසැඳීමේදී පෙනී යන්නේ ඉහත ඡායාරූපයේ සිටින්නේ ඥාන මෑණියෝ නොවන බවටයි.

    කෙසේනමුත් මෙය තහවුරු කර ගැනීම සඳහා අප අනුරාධපුරයේ ඥාන මෑණියෝගේ දේවාලය ලෙස හැඳින්වෙන ස්ථානයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන පන්තක මහතාව සම්බන්ධකර ගත් අතර මෙහි ඡායාරූපයේ සිටින්නේ ඥාන මෑණියන් නොවන බවත්, කොරෝනා වාතාවරණය හේතුවෙන් මේ ආකාරයේ වැඩසටහන් වලට සහභාගී නොවන බවත් තහවුරු කර සිටියා.

    එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු ආකාරයේ ප්‍රකාශයක් කළ බවට යොදාගෙන තිබුනේ, 2019 වසරේ ඔක්තෝම්බර් 26 වන දා හිරු TV ප්‍රවෘත්ති විකාශයේ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක රැළියේදී රාජ්‍ය සේවකයින්ගේද ප්‍රශ්න විසඳන බවට පැවසූ අවස්ථාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැවසූ අවස්ථාවකි.

    එම වීඩියෝව පහතින්.

    https://youtu.be/eqZ160Cx5dM?t=535

    එම අවස්ථාවේ ජනාධිපති විසින් “ප්‍රශ්න විසඳන්න ක්‍රියාකරනවා” බවට දැක්වූ සත්‍ය පුවත මෙලෙස  “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි ” යනුවෙන් සංස්කරණය කර තිබුණා.

    සංස්කරණයට භාජනය වූ ඡායාරූපයේ සහ සත්‍ය ඡායාරූප අතර සංසන්දනය.

    Read Also : ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්.. (2019 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ)

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අගමැති ප්‍රමුඛ පිරිස ‘ඥාණා අක්ක’ට වඳින බවට පළ වූ ඡායාරූපයේ සිටින්නේ, අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වූ කිරි අම්මාවරුන්ගේ දානය අවස්ථාවේදී සිටි ඉන්දු පෙරේරා නමත්තියකගේ ඡායාරුපයක් බවයි. එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවට පළ වූ “අඳ ගොවීන් දස ලක්ෂයකට සුදු සැරයැටි ලබා දෙමි” යන ප්‍රකාශය සංස්කරණය කොට නිර්මාණය කර ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.