Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

    2022-04-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධ

    රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා. 

    කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 49 වගන්තියට අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී නොමැති නම්, අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරිනු නොලැබෙන බැවින් කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මේ වන විට ඇති අවිනිශ්චිතතාවය මත අග්‍රාමාත්‍ය තනතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීමට සූදානම් යනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘ජනතාවගේ ඉල්ලීම පරිදි මා අගමැති ධුරයේ කටයුතු කිරීමට සූදානම්’ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන මේ වන විට ෆේස්බුක් පරිශීලකයින් එක්දහස් එකසීයක් දෙනා අතර සංසරණය වී තිබුණා.

    එමෙන්ම මෙම තේමාවෙන් පළ වූ තවත් සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රධාන මාධ්‍ය වාර්තාවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මෙවන් පුවතක් වාර්තා වී ඇත්දැයි අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

    නමුත් එවන් පුවතක් වාර්තා වී නොතිබුණි.

    කෙසේවෙතත් පවතින අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩ කළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබා දියයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවටත් ප්‍රධාන මාධ්‍ය හරහා මෙලෙසින් වාර්තා කර තිබුණි.

    එමෙන්ම ඊයේ (03) දිනයේදී විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ සභාගීත්වයෙන් සංවිධානනය කර තිබූ විරෝධතා පා ගමනින් පසු සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් පැලැස්තර ආණ්ඩු බිහි කිරීමට සූදානම් නොමැති බවයි. පවතින ආණ්ඩුව යටතේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් ජනතා ඡන්දයෙන් තොරව කිසිදු ක්‍රමයකින් ආණ්ඩුවක් පිහිටන්නේ නැති බවද ඒ මහතා එහිදී සඳහන් කළේ එම අවස්ථාව පහතින්. (17.52)

    විපක්ෂ නායකවරයා අගමැති ධුරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් ද විමසීමක් සිදු කරනු ලැබුවා. ඔහු සඳහන් කළේ, එම තොරතුර අසත්‍ය බවයි. කිසිදු අවස්ථාවක පවතින ආණ්ඩුව යටතේ විපක්ෂ නායක ආණ්ඩුවේ කිසිදු තනතුරක් හොබවන නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

    ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේද, එම පුවත් අසත්‍ය බවයි.

    රටේ මේ වන විට පැන නැගී ඇති අර්බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර සම්පුර්ණ කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීට තීරණය කළ බවත් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දුන් බවටත් ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලබනවා.

    මෙරට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (04) පෙරවරුවේ මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති අතර එම හමුවීමේදී මෙරට කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිත බවද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.

    මීට පෙර ද “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත” යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාව මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතාවගේ ඉල්ලීම පරිදි  අගමැති ධුරයේ කටයුතු කිරීමට තමන් සූදානම්’ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යවන සුළුබවයි. සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ තමන් පවතින ආණ්ඩුව යටතේ කිසිදු තනතුරක් දරන්නේ නැති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.