Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කලාකරු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වූ පුවත අසත්‍යයයි!

    2021-11-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update: ජාතික රෝහලේ දින 21 ක් ප්‍රතිකාර  ලබමින්  සිටි වේදිකා නාට්‍ය ,ටෙලිනාට්‍ය හා ප්‍රවීන සිනමා රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා. කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ

    Update:

    ජාතික රෝහලේ දින 21 ක් ප්‍රතිකාර  ලබමින්  සිටි වේදිකා නාට්‍ය ,ටෙලිනාට්‍ය හා ප්‍රවීන සිනමා රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා.

    කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසාද මේ පිළිබඳව සිය ෆේස්බුක් හි සටහනක් පළ කර තිබුණා.

    Facebook | Archived Link

    මියයනවිට ඔහු 57 වැනි වියේ පසු වුණා.

    මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    කලාලෝකයේ මෙන්ම සමාජයේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් අසනීප තත්ත්වයන් සඳහා රෝහල් ගත කළ වහාම එම පුද්ගලයින් මිය ගිය බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම බහුලව දක්නට ලැබෙනවා එලෙස ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කලාකරු සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සීඝ්‍රයෙන් පරිශීලකයන් අතර  සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    බොහෝ පිරිසක් මෙය සත්‍ය  බවට නොමග ගොස් තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාට ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

    මේ වන විටත් ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට සහ සමාජ මාධ්‍ය ඔස්සේ සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සංසරණය වන සටහන් අසත බවද මේ පිළිබඳව අප කොළඹ ජාතික රෝහලෙන් කළ විමසීමේදී ඔවුවන් පවසා සිටියා.

    කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසාද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හි සටහනක් පළ කර තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට පළ වන සටහන් අසත්‍ය බවද, ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතාගෙන් ද අප කළ විමසීමේදී ඔහු සඳහන් කළා.

    ඒ සම්බන්ධයෙන් දයාන් විතාරණ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම ඒ පුවත අසත්‍ය බවට ජනප්‍රිය රංගන ශිල්පී මිහිර සිරිතිලකද වීඩියෝවක් එක් කරමින් පවසා තිබුණේ මෙලෙසින්.

    https://www.facebook.com/chethiya.lahiru/videos/416646473432266

    අධි රුධිර පීඩනය හේතුවෙන් අංශභාග රෝග තත්ත්වයකට මුහුණ පෑම නිසා මෙලෙස අසනීප තත්ත්වයක් උද්ගත වී ඇති බව රංගන ශිල්පී Bandihettige Don Dammika Sampayo මෙලෙසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.  Archived Link 

    මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා සරත් චන්ද්‍රසිරි මහතාගෙන් නිවැසියන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කරන අතර එම ප්‍රතිචාරය සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ  විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රවීන රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත අසත්‍ය බවයි. ඒ මහතා මේ වන විට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට කොළඹ ජාතික රෝහල තහවුරු කර සිටී

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.