Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පර්සි අන්කල්ගේ මරණයට පෙර, ඔහු මිය ගිය බවට ව්‍යාජ පුවත් හුවමාරු වී තිබු අයුරු!

    2023-08-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update: ලංකාවේ ක්‍රිකට් ලෝලීන් මෙන් ම ජාත්‍යන්කර ක්‍රිකට් ලෝලීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන, ‘පර්සි අන්කල්’ ලෙස ලොකු – කුඩා සැවොම හඳුනන පර්සි අබේසේකර මහතා, රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වූ බව, ඔක්තෝබර් මස 30 වැනිදා ඔ

    Update: ලංකාවේ ක්‍රිකට් ලෝලීන් මෙන් ම ජාත්‍යන්කර ක්‍රිකට් ලෝලීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන, ‘පර්සි අන්කල්’ ලෙස ලොකු – කුඩා සැවොම හඳුනන පර්සි අබේසේකර මහතා, රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වූ බව, ඔක්තෝබර් මස 30 වැනිදා ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දුන්නා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මීට මාස කිහිපයකට පෙර, පර්සි අබේසේකර මහතා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් අගෝස්තු මස 08 වැනිදා පස්වරුවේ සිට සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා FactCresendo අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පර්සි අබේසේකර මහතා ජීවිතක්ෂයට පත් වූ බවට මීට සුළු වේලාවක සිට ෆේස්බුක් සටහන් කිහිපයක් සංසරණය වෙමින් පැවතුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Facebook | Archived Link

    ෆේස්බුක් පරිශීලකයින් අතර ‘පර්සි අන්කල්’ ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් සටහන් බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

    මෙම සටහන් පිළිබඳව දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ පුද්ගලයින් උපකල්පනය කර තිබූ බවයි.

    මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතා මිය ගිය බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණත්, මෙතෙක් ප්‍රධාන මාධ්‍ය ධාරා එම පුවත වාර්තා කර නොතිබුණි.

    මේ හේතුවෙන් අප පර්සි මහතාගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කරත් අපට එම අවස්ථාව ව්‍යර්ථ වූ බැවින් අප මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකාර ප්‍රසන්න රොද්‍රිගෝ මහතාගෙන් විමසීමක් කළ අතර එම මහතා තහවුරු කළේ,  පර්සි මහතා ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන පුවත අසත්‍ය බවයි.

    එමෙන් ම අප ඒ පිළිබඳ ව ක්‍රිකට් මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් හරහා ද තහවුරු කර ගත් අතර ඔවුන් සඳහන් කළේ ද, එම පුවත අසත්‍ය බවයි.

    ‘පර්සි අන්කල්’ සම්බන්ධයෙන් ඉහත පැතිරෙන පුවත අසත්‍ය බවට ඔවුන්ගේ හිතවතෙකු බව පැවසෙන පුද්ගලයෙක් ප්‍රතිචාර දක්වා තිබූ බැවින් ද, ඔහුගෙන් ද අප තහවුරු කර ගත්තේ, පර්සි මහතා රෝගාතුරු වීම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා බව ත්, ඔහු ජීවිතක්ෂයට පත් වූ පුවත අසත්‍ය බවත් ය.

    තමන් සුවෙන් පසුවන බව පර්සි මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    1936 වසරේ ජූලි 30 වැනි දින බලපිටියේදී උපත ලද අබේසේකර මහතාගේ 87 වැනි ජන්ම දිනය වෙනුවෙන්‍ උපන් දින සාදයක් හා ආශිර්වාද පින්කමක් පසුගියදා පවත් වා තිබුණු බව ත්, ඒ.සී.එල්. (ACL) කේබල්ස් සමාගමේ සුබසාධක අංශය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ක්‍රිකට් පිටියක හැඩය ගත් ක්‍රිකට් පන්දුවක්, විකට්ටුවක් හා පිත්තක්ද සහිත අපූරු කේක් ගෙඩියක් කපා උපන් දින සාදය පැවැත්වූ බව ත්, මේ දිනවල පර්සි මහතා මඳක් අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් උපන් දින සාදයට සමගාමීව ඒ මහතාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද පිරිත් සජ්ජායනයක් සහ බෝධි පූජා පින්කමක්ද සංවිධානය කර තිබුණු බව ත්, මව්බිම වෙබ්අඩවියේ ඊයේ(07) වාර්තා කළේ මෙලෙසින්.

    වැඩිදුර තොරතුරු සමගින් මෙම ලිපිය අප යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට විශිෂ්ඨම ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස හැඳින්වෙන පර්සි අබේසේකර මහතා මිය ගිය බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකාර ප්‍රසන්න රොද්‍රිගෝ මහතා ඇතුළු ක්‍රිකට් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, තහවුරු කළේ එම පුවත අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-08-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.