Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

    2022-03-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රා

    ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන මේ වනවිට ෆේස්බුක් පරිශීලකයින් හයසිය අනූ හය දෙනෙක් අතර සංසරණය වී තිබූ අතර මේ සම්බන්ධයෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වූ බවට කිසිදු මාධ්‍ය ධාරාවකින් වාර්තා නොවුණ අතර මේ ප්‍රධාන පුවත් වෙබ් අඩවි හරහා හෝ පුවත් පත් හරහාද මේ පිළිබඳ කිසිදු වාර්තාවක් දැක ගන්නට නොලැබුණු බව අපට නිරීක්ෂණය විය.

    කෙසේ වෙතත් අප අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතාගෙන්ද විමසා සිටියා. ඔහු සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

    ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පී ආචාර්ය එච්.ඒ. කරුණාරත්න මහතාගේ  ZEN – THE ESSENCE OF JAPANESE BEAUTY චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීම ඊයේ (07) පස්වරුවේ තිඹිරිගස්යාය ගැලරි ෆෝලයිෆ් (Gallery FourLife) ස්ථානයේ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කරනු ලැබුවේ මෙලෙසින්.

    කෙසේ වෙතත් මෙලෙස නොමග යවන සුළු මෙම අසත්‍ය සටහන් ඊයේ උදෑසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට හේතුව ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවමින් දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ නැදුන්ගමුවේ රාජා හස්තියා ඊයේ අළුයම මියයෑම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිවන් සුව ඇත් රජුනි යනුවෙන් සඳහන් කළ සටහන් සංසරණය වීමත් සමග එම වැකිය සඳහා උපහාසාත්මක කෝණයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපයද පළ කර මෙම සටහන් පළ කර ඇති බවට අනුමාන කළ හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිය ගිය බවට පළ වන සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.