Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වූ බවට ව්‍යාජ පුවතක් !!

    2022-05-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට ඊයේ(10) දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සට

    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට ඊයේ(10) දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ඊයේ (10) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය ධාරා එම පුවත වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළා. 

    ඒ අනුව එවැනි පුවතක් පළ වී ඇති බවට කිසිදු සාක්ෂියක් අපට දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් අප ඒ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, තමන් ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවට වික්ටර් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර ඇති බවයි. 

    එම සටහන පහතින්.

    Facebook

    කෙසේ වෙතත් ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා  නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන් වන ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා ඊයේ (10) කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇති බවට පුවත් වාර්තා මෙලෙසින් සහ මෙලෙසින් පෙන්වා දී තිබූ අතර බොහෝ විට මෙම පුවත සමගින් ඇතැම් පිරිස් වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට උපකල්පනය කර ඇති බවට පැවසිය හැක.

    1942 පෙබරවාරි 18 වන බදාදා දින වික්ටර් රත්නායක මහතා උපත ලැබූ අතර මේ වන විට 80 වැනි වියේ පසුවනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත අසත්‍ය බවයි. වික්ටර් රත්නායක මහතා පැවසුවේ තමන් නීරෝගී සුවෙන් පසුවන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.