Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනි සේරසිංහ දිවි සැරිය නිම කළ බවට අසත්‍ය පුවතක්!

    2021-11-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : නැවත වරක් ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය ගිය බව දක්වමින් සටහන් පෙළක්, 2023 වසර උදා වීමට හොරා කිහිපයකට පෙර, 2022 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ හුවමාරු වූ අතර , ඇයගේ පුතණුවන් විසින් එම පුවත් අසත්‍ය බවත්, ඇය සුවෙන් පසුවන බවත් තහ

    Update : නැවත වරක් ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මහත්මිය මිය ගිය බව දක්වමින් සටහන් පෙළක්, 2023 වසර උදා වීමට හොරා කිහිපයකට පෙර, 2022 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ හුවමාරු වූ අතර , ඇයගේ පුතණුවන් විසින් එම පුවත් අසත්‍ය බවත්, ඇය සුවෙන් පසුවන බවත් තහවුරු කර තිබෙනවා. ඒ පිළිබඳව දයාන් විතාරණ මහතා තැබූ සටහනක් මෙතනින්. Archived

    මෑත කාලීනව අපට සුලබව දැකගන්නට ලැබුණු කරුණු නම් රංගන ශිල්පීන් අභාවප්‍රාප්ත වූ බවට දැක්වෙන අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ බවයි. කිසිදු ආකාරයෙන් තහවුරු නොකළ එවන් අසත්‍ය පුවත් දුටු සැනින් බොහෝ දෙනා තවමත් එම පුවත ප්‍රචාරය කිරීමට පෙළඹෙන්නේ නිල නොලත් තොරතුරු මත යැපීමෙනි. සිනමා ලොවේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක් සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය සටහනක් පිළිබඳව නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    09/08/25 :

    සේරසිංහ මහත්මිය මිය ගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත සටහන් පළ වූයේ මෙලෙසින්.

    මෙම සටහන් අසත්‍ය වන අතර අප එතුමියගේ සහයට සිටින සේවිකාවගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ, අයිරාංගනී සේරසිංහ මහත්මිය සුවෙන් පසුවන බවයි.

    “ජේෂ්ඨ රංගන ශිල්පිණී අයිරාංගනී සේරසිංහ මහත්මියනි

    ඔබට සුබ ගමන්..

    අජරාමර වූ අමා මහ නිවනින් නිවේවා !!! ” යනුවෙන් සටහනක් ෆේස්බුක් ඔස්සේ දක්වා තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ලාංකේය සිනමාවේ ජේෂ්ඨතම සහ විශිෂ්ටතම චරිතාංග නිළියක් වන අයිරාංගනී රොක්සානා මීදෙනිය නොහොත් අයිරාංගනී සේරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා සීඝ්‍රයෙන් සටහන් සංසරණය වුණා.

    මෙහි නිරවද්‍යාතාවය සොයා විමර්ශනය කිරීමේදී අපට දැන ගැනීමට හැකි වූයේ එම පුවත අසත්‍ය බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි. 

    මේ පිළිබඳව තොරතුරු විමසීමට අප එතුමියගේ නිවසේ දුරකතන අංකයට කතා කළ අතර එතුමියගේ උපස්ථාන කටයුතු සිදු කරනු ලබන කාන්තාව සඳහන් කළේ, හදිසියේ බිම වැටීමක් පමණක් වුව බවත් කිසිදු අසනීප තත්ත්වයකට ඇය මුහුණ පා නොමැති බවත් මේ වන විටත් නිරෝගී සුවයෙන් ඇය පසුවන බවයි.

    ඒ බවට ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ හදිසි අනතුරකට ලක්වූ ඇය මේ වන විටත් නිසි ප්‍රතිකාර ගනිමින් පසුවන බවයි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම හිරු News වෙබ් අඩවියද වාර්තා කළේ, අයිරාංගනී සේරසිංහ මහත්මිය නිවසේ සිටියදී හදිසියේ ඇතිවූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් නිවසේ ඇද වැටුණු බවත්, මේ වන විටත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් එතුමිය විසින් පැවසූ බවයි. එම පුවත මෙතනින්. Archived Link

    අයිරාංගනී සේරසිංහ මහත්මිය තම පළමු වෘත්තීය රංගන දායකත්වය ලබා දෙන්නේ ‍ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක යි. ඒ අනුව ඇය රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ මෙරට ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” සිනමා පටය හරහා යි. 1950 වර්ෂයේ දී තිරගත වූ රේඛාව චිත්‍රපටයේ මවකගේ චරිතයට පණ පොවන ඇය එහිදී හඳුනාගත් වින්ස්ටන් සේරසිංහ සමඟ විවාහ වූ පසුව අයිරාංගනී සේරසිංහ ලෙසින් හඳුන්වනු ලැබුවා. ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් අයිරාංගනී සේරසිංහයන්ගේ දායකත්වය අතිමහත්ය. ලංකාවේ ටෙලි  නාට්‍ය කලාවට ද ඇයගෙන් ලැබුණු දායකත්වය අති විශාල වන අතර 1980 වර්ෂයේ “යශෝරාවය” ටෙලි නාට්‍යයේ සුදු හාමිනේගේ චරිතයෙන් ආරම්භ වී දු දරුවෝ, ගම්පෙරලිය, නෑදෑයෝ, අම්මයි තාත්තයි, සත් පුරවැසියෝ, මුතු කිරිල්ලි වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම ඇය රංගනයෙන් දායක වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වූ පරිදි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී, අයිරාංගනී සේරසිංහ මහතා මිය ගිය බවට පළ වූ තොරතුර අසත්‍ය බවයි. සුළු අසනීප තත්ත්වයක් මත ඒ මහත්මිය සිය නිවසේදී බිම වැටී ඇති අතර එම අනතුරින් කිසිදු අයහපත් තත්ත්වයක් ඇති නොවුණු අතර මේ වන විටත් එතුමිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.