Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මාවරලේ භද්දිය හිමියන් සිදුකල ප්‍රකාශයක් ලෙස හුවමාරු වන නොමගයවන සුලු සටහන් පෙළක්!

    2023-01-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාවරලේ භද්දිය  හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස, නොමඟ යවන සුළු අර්ථකතන සහිතව සටහන් පෙළක් සමාජ ජාලා ඔස්සේ හුවමාරුව තිබෙන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. මාවරලේ භද්දිය හිමි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මාවරලේ භද්දිය  හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් ලෙස, නොමඟ යවන සුළු අර්ථකතන සහිතව සටහන් පෙළක් සමාජ ජාලා ඔස්සේ හුවමාරුව තිබෙන ආකාරයක් පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණා. මාවරලේ භද්දිය හිමියන් විසින් අදහස් පලකරන වීඩියෝවක් සමගින් මෙම සටහන් හුවමාරුව තිබුණා.

    සමාජ ජාලා සටහන් 

    භද්දිය හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරමින්, ඔවුන්ට බලය ලබානොදෙන බව සදහන් කරමින් අදහස් පලකළ බවට , “මිසදිටු JVPබලවේගය පැරදවීම සිංහල බෞද්ධයන් වගකීම කොට සලකන්න” යන වදන් පෙළ ද ඇතුළත් කරමින් වීඩියෝ සටහන් හුවමාරුව තිබුණේ මෙලෙසින්. 

    Facebook

    මෙය මෑත කාලයේ වීඩියෝවක් නොව, මීට වසර කිහිපයකට ඉහත දී එනම් 2019 වසරේදී , එවක පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කරමින් භද්දිය ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද අදහස් පළකිරීමක් බවත් ඇතැම් සමාජ මාධ්‍ය සටහන් මඟින් දක්වා තිබුණා

    Archived

    මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය  කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම අවධානය යොමුකළේ මෙම වීඩියෝවේ මුල් වීඩියෝව සොයාගනිමටයි. Invid- We-Verify තාක්ෂණය ඔස්සේ අපට මෙහි මුල් වීඩියෝව සොයා ගැනීමට හැකියාව ලැබුණේ.

    මීට සති කිහිපයකට පෙර පැවැත්වූ ගංගොඩවිල සෝම හිමියන්ව අනුස්මරණය කරන උත්සවයකදී මාවරලේ භද්දිය හිමියන් විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ බලංගොඩ මිගදාය විදසුන් සෙනසුණේ සිටයි. 

    එහිදී භද්දිය හිමියන් විසින් සිදුකරන ලද සම්පුර්ණ දේශනය ෆේස්බුක් ඔස්සේ සජීවීව පළකර තිබු එම වීඩියෝව පහතින් (34 වන මිනිත්තුවේ සිට)

    මෙම දේශනාවේ කිසිම අවස්ථාවක භද්දිය හිමියන් විසින් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සෘජු සදහනක් සිදු නොකරයි. 

    උන්වහන්සේ සදහන් කරන්නේ ධර්මය විශ්වාස නොකරන මිසදිටු බලවේග මේ අවධියේ සංවිධානාත්මකව හිස ඔසවමින් සිටින බව සහ එයට සාර්ථකව මුහුණ දීම සදහා බෞද්ධයන් විසින් සුදානම් විය යුතු බවයි. 

    එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම සදහා භික්ෂුන් මැදිහත් නොවිය යුතු බව මෙන්ම භික්ෂුන් සිදු කල යුත්තේ බුදුන් වහන්සේ දෙසු මාර්ගයේ ගමන් කරන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම බවත් උන්වහන්සේ පවසනවා.

    මේ පිළිබඳව වැඩිදුර විමසීමට අප  මාවරලේ භද්දිය හිමි වැඩවසන අතුරුගිරිය ආර්‍යනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ද විමසීමක් සිදුකළ අතර එහිදී උන්වහන්සේගේ ගෝල හිමි නමක් වන පරකන්දෙනියේ සීලවංස හිමි අප සමඟ පවසා සිටියේ මෙම වීඩියෝව සම්පුර්ණයෙන්ම ව්‍යාජ සිරස්තලයක් සහිතව නොමඟ යවන සුළු ආකරයට පළකර ඇත්තේ කිසිලෙසකත් තම අනුදැනුමකින් නොවන බවත් මෙම ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් භද්ධිය හිමියන් විසින් ප්‍රකාශයක් ද නිකුත් කරනු ඇති බවයි

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (නිගමනය)

    2022 දෙසැම්බර් මාසයේ දී පැවැත්වූ, මීට වසර 19කට පෙර අපවත් වූ ගංගොඩවිල සෝම හිමි අනුස්මරණ ධර්ම දේශනාවක් අතරතුර දී මාවරලේ භද්දිය හිමියන් විසින් පැසවූ ප්‍රකාශයක කොටසක්, නොමඟ යවන සුළු අන්දමින් ව්‍යාජ සිරස්තලයක් සහිතව සංස්කරණය කරමින් හුවමාරු වූ අවස්ථාවක්.

    ධර්මය විශ්වාස නොකරන මිසදිටු බලවේග සංවිධානාත්මකව හිස ඔසවමින් සිටින බව සහ එයට සාර්ථකව මුහුණ දීම සදහා බෞද්ධයන් විසින් සුදානම් විය යුතු බව මෙම ධර්ම දේශනාවේ දී භද්දිය හිමියන් පවසන අතර එය කිසිඳු හෝ දේශපාලන පක්ෂයකට සම්බන්ධ කරමින් ප්‍රකාශයක් සිදුකර නැහැ.

    Also Read:

    බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

    දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.