Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා බවට සමාජ ජාලා තුළ පැතිරුණු ව්‍යාජ සටහන් ගැන, සත්‍ය සතු විමසුමක්!

    2024-07-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජන රැළියක් අමතිමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ලෝවැසි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් නොවී

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජන රැළියක් අමතිමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ලෝවැසි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් නොවී පුදුමාකාර ලෙස බේරුණු අතර, අදාළ වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසා බෑලූ අතර, එම වෙඩික්කරු ව්‍යාජ සහ නොමගයවන සුළු වීඩියෝ සහ සේයාරූ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 1

    මාර්කෝ වයලී නම් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකල බවට ඉංග්‍රීසි බසින් පළවුණු සමාජ මාධ්‍ය සටහන් වල දැක්වුණා.

    Facebook | Archived 

    සමාජ ජාලා සටහන් 2

    වෙඩි තැබූ පුද්ගලයාගේ සේයාරූ බවට පළ කරමින් සිංහල බසින්ද සමාජ ජාලා සටහන් සංසරණය වූ බවට අපට දැක ගන්නට ලැබුණා.

    FB | Archived

    මෙම සේයාරූ මගින් දැක්වෙන්නේ ට්‍රම්ප්ට වෙඩි තැබීම සිදුකල සැබෑම වෙඩික්කරුද ? ඒ පිලිබදව අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) 

    එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගිය සෙනසුරාදා (ජුලි 13) මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ තොරතුරු වෙත අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කළා. 

    පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති ජන රැළියක කතා කරමින් සිටියදී ට්‍රම්ප්ගේ වේදිකාව දෙසට වෙඩි තැබූ පුද්ගලයා, එම සිද්ධිය වී තත්පර කිහිපයකින් රහස් ඔත්තු සේවය විසින් වෙඩි තබා ජීවිතක්ෂයට පත් කර තිබුණා.

    මෙම වෙඩික්කරු පෙන්සිල්වේනියාවේ බෙතෙල් පාර්ක්හි වෙසෙන 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයෙකු බවට, DNA සහ facial recognition ඔස්සේ බවට හඳුනා ගත් බව FBI ආයතනය ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ රොයිටර් වාර්තාව මෙතනින්.

    AP පුවත්සේවය මගින්, මැතිව්ස් කෘක් සිය උසස් අධ්‍යාපනය ලද පාසලෙන් 2022 දී  උපාධි ලබාගත් අවස්ථාවේ සේයාරුවක් පාසලේ වීඩියෝවකින් උපුටාගෙන අන්තර්ජාලයට මුදා හැර තිබුණා. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්. 

    මෙම වෙඩික්කරුගේ සේයාරුව සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන්හි දැක්වූ පුද්ගලයින්ගේ හැඩහුරුකම් වෙනස් බව බැලු බැල්මට පවා පෙනෙනවා. 

    A person in a graduation cap

Description automatically generated

    කෙසේවෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ව්‍යාජ සටහන්හි, ට්‍රම්ප් ජන රැළියේ වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා බවට පෙන්වා දුන් අය කවරේද යන්න අපි දැන් සොයා බලමු.

    Fact Check 1 (කරුණු අනාවරණය 1)

    මුල් සටහනේ දක්වා ටිහ්බු වෙඩි තැබූ මාර්කෝ වයලී යනු ඉතාලි ජාතිකයෙක්. පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙසයි මාර්කෝ මේ වන විටත් ඉතාලියේ සිට කටයුතු කරන්නේ. 

    සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා පණිවිඩයක් තබමින් මාර්ක් පවසන්නේ ට්‍ර්ම්ප්ට වෙඩි තැබූ සිදුවීමට තමන්ගේ සබඳතාවයක් නොමැති බවත්, තමා අළලා ව්‍යාජ පුවත් නිර්මාණය කළ පුද්ගලයින්ට එරෙහිවනීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට කටයුතු කෙරෙන බවයි. Archived 

    මේ සම්බන්ධයෙන් අප විසින් ඉංග්‍රීසි බසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමට පිවිසීම මෙතනින්.

    Fact Check 2 (කරුණු අනාවරණය 2)

    ඉහත දෙවන සමාජ ජාලා සටහන්වල දක්නට ලැබෙන ඡායාරූපය පිළිබඳව ද අවධානය යොමු කල අපට පෙනීගියේ මෙයද නොමගයවන සුළු ඡායාරූපයක් බවයි.

    X සමාජ ජාලයේ පැතිර ගිය වීඩියෝවක් මගින් දැක්වුණේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි තැබූ පුද්ගලයා ලෙස දක්වමින්, තමා නියම Thomas Matthew C. බට හඟවමින්, තනි පුද්ගලයෙකු විසින් සිදුකරන කතාවක්.

    ව්‍යාජ වීඩියෝවේ අදාළ තරුණයා කරන්නේ, තමා රිපබ්ලිකානුවන්ටත් විශේෂයන්මම ට්‍රම්ප්ටත් වෛර කරන බවත්,  මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබට හසු වුනේ වැරදි පුද්ගලයෙකු බවයි. එමඟින් හැඟෙන්නේ ඇමරිකානු ආරක්ෂක අංශ මගින් ඝාතනය කරන ලද්දේ වැරදි පුද්ගලයෙකු බවත්, නියම වෙඩික්කරු නිදැල්ලේ සිටින බවක්.

    නමුත් මේ පිළිබදව වැඩි දුරටත් සොයා බැලූ අපට දක්නට ලැබුණේ අදාළ වීඩියෝව හාස්‍ය ජනක ලෙස ‘X’ සමාජ මාධ්‍ය ජාලය වෙත මුදාහැර තිබුනේ @jewgazing නමැති ගිණුම් හිමියෙකු විසින් බවයි. මේ පිලිබඳ ලොව පුරා අවධානය යොමු වීමත් සමඟම ඔහු එම වීඩියෝව සම ගිණුමෙන් ඉවත් කරමින් සිය X ගිණුමේ සඳහන් කලේ තමන් විහිළුවක් ලෙස මෙය සිදුකළ බවයි. එම සටහන් මෙතනින්. ඒ පිලිබඳ වෙනත් X පරිශීලකයෙකු පළකළ සටහනක් මෙතනින්.

    ට්‍රම්ප් ඝාතන තැත දියත් කළ අයුරු සහ මැතිව් කෲක්ස්ගේ තතු

    මැතිව් කෲක්ස් ජීවත් වී ඇත්තේ බට්ලර්හි වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට පැයක් පමණ ගමන් දුරකිනි. ඔහු සිය ප්‍රදේශයේ සාත්තු නිවාස කුස්සියේ සේවය නිරත වී තිබු අතර එම සේවා මණ්ඩලය පවසා තිබුනේ මොහු ගැන සැක කටයුතු කරුණක් මීට පෙර ආනාවරණය වී තිබුනේ නැති බවයි.

    එසේම කෲක්ස් රිපබ්ලිකානුවෙකු ලෙස  ලියාපදිංචි වී තිබු බව ජ්‍ය ඡන්දදායක වාර්තා පෙන්වා දෙයි. විසි හැවිරිදි කෘක්ස්, එළැඹෙන නොවැම්බර් 5 මැතිවරණයට මැතිව් කෲක්ස් ඡන්දය ලබා දෙන්නට නියමිතව සිටියේ සිය ජීවිතයේ මුල්ම අවස්ථාවටය.

    මැතිව් කෲක්ස්  ප්‍රාදේශීය වෙඩි තැබීමේ සමාජයක් වන Clairton Sportsmen’s Club හි අවම වශයෙන් වසරක කාලයක් සාමාජිකත්වය ලබා සිටි බවත් වාර්තා වී තිබෙනවා. එසේම ට්‍රම්ප් වෙත වෙඩි තැබූ AR වර්ගයේ රයිෆලය, කෘක්ස්ගේ පියා මිලදී ගත්තක් බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර මෙය කෘක්ස්ට කෙසේ ලැබුනේ ද යන්න ඇතුළුව ප්‍රහාරයේ චේතනාව සහ වෙනත් අය ඊට සම්බන්ධ ද යන්න පිළිබඳව විමර්ශනය කඩිනමින් සිදුවෙමින් පවතිනවා.

    ප්‍රහාරයේ වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණේ, වෙඩි මාලාවක තියුණු හඬ මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප් බිමට පහත් වීමට පෙර යම් අපහසුතාවකින් යුතුව ඔහුගේ එක් අතක් දකුණු කන වෙත ඔසවන අයුරු ය. එකවර ම එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයන් විසින් ඔහු වට කර ගන්නා ලද අතර ඔහු කඩිනමින් වේදිකාවෙන් ඉවත් කර මෝටර් රථයක් වෙත ගෙන යනු ලැබිණි. ආරක්ෂක නිලධාරීන් ට්‍රම්ප් ඉවතට ගෙන යන මොහොතේ ඔහුගේ කන තුවාල වී තිබු අයුරුත් මුහුණේ රුධිරය තැවරී ඇති බවත් පැහැදිලිව දැකගත හැකියි.

    මෙම වෙඩි තැබීමෙන් ට්‍රම්ගේ රැළියට සහභාගී වූ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව බීබීසි වාර්තා පෙන්වා ‍දෙන්නේ මෙලෙසින්.‍

    එමෙන් ම, වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා රයිෆලයකින් සන්නද්ධව, ආරක්ෂක අංශ වෙත දැකගත නොහැකි ලෙස රැලිය පැවති ස්ථානයෙන් මීටර් සිය ගණනක් එපිටින් වූ උස් ගොඩනැගිල්ලක සිට වෙඩි තැබීම සිදු කර තිබුනේ කෙසේද පිලිබඳ බොහෝ දෙනා ප්‍රශ්න කර තිබු අතර ඒ පිලිබඳ විමර්ශන සිදුවෙමින් පවතිනවා. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-07-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.