දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මෑතක සිට රටේ පවතින ආර්ථික, දේශපාලන, සමාජීය තත්වයන් හමුවේ පාලකයන්ට සහ විවිධ පුද්ගලයන්ට එරෙහිව අප්රසාදය පළ කිරීමට වස් කවි ස්වරූපයෙන් නිර්මාණය කළ පෝස්ට් සහ වීඩියෝ සමාජ මාධ්ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මේ අතර වස් කවි සමාජ මාධ්ය තුළ ප්රචාරය කරන සියලු දෙනාට නීතිය අනුව දඬුවම් කරන බවට සහ වස් කවිය රචනා කළ චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්රියා කරන බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් ප්රකාශ කර ඇති බව දක්වන සටහනක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ මෙහි සත්ය අසත්ය භාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :



Facebook | Archived Link Facebook | Facebook
විමර්ෂණයට ලක් කළ ප්රකාශය : අප විසින් පරීක්ෂා කළේ වස් කවි සමාජ මාධ්ය තුළ ප්රචාරය කරන පුද්ගලයන්ට නීතිය අනුව දඬුවම් කරන බවට සහ වස් කවිය රචනා කළ චීවරධාරිය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්රියා කරන බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් ප්රකාශ කර තිබේද ? එසේම එවැනි පියවරක් ගැනීමට කටයුතු කරන්නේද? යන්නයි.
Fact Check (සත්ය තොරතුරු විමර්ෂණය කිරීම) :
මේ දිනවල පවතින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ විවිධ මතභේද සහ දේශපාලන තීරණ පිළිබඳව අප්රසාදය පළ කරමින් නිර්මාණය කරන ලද වස් කවියක් ලෙස හඳුනා ගැනෙන ගායනයක් මෑත දිනවලදී සමාජ මාධ්ය වෙත එක් කර තිබේ. පාලකයන් සහ වගකිව යුතු පිරිස් වෙත විරෝධය දැක්වීමේ මාධ්යයක් ලෙස සකසන ලද එම ගායනය ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියුබ් හරහ වේගයෙන් පැතිර යමින් පවතී. අදාල වස් කවි රචනා කළේ කවුරුන්ද යන්න හෝ එය නිර්මාණය කිරීම පසුපස ඇත්තේ කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් නොවේ. ඉහත ආකාරය සටහනක් හුවමාරු වන්නේ මෙවැනි පසුබිමකයි.
අදාළ වස් කවි රචනා කළ පාර්ශවය හෝ එය සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු කර ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය වශයෙන් අවශ්ය පියවර ගන්නා බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් ප්රකාශ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය විසින් මෙන්ම ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ සහ නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් මෙවැනි ප්රකාශයක් පොලිස් මාධ්ය ප්රකාශක ෆ්රෙඩ්රික් යූ. වූට්ලර් මහතා විසින් සිදුකර තිබේද සහ එවැන්නක් සම්බන්ධයෙන් ප්රධාන දරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තා කර තිබේද යන්න පරීක්ෂා කළ අතර, එහිදී හඳුනාගත හැකි වූයේ එවැනි කිසිවක් සම්බන්ධයෙන් කිසිදු මාධ්යයක් ඔස්සේ වාර්තා කර නොමැති බවයි. එසේම පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් සිදුකළ ප්රකාශයන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකරමින් අප විසින් පරීක්ෂා කළ අතර එහිදී ද පැහැදිලි වූයේ ඔහු විසින් මෙවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවයි. එසේම අදාල ක්රියා සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්රියාත්මක වන බවටද කිසිදු ආකාරයක වාර්තාවක් නිල මූලාශ්ර හෝ ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තා කර නොමැත.
පොලිස් මාධ්ය ප්රකාශක ෆ්රෙඩ්රික් යූ. වූට්ලර්
ඒ අනුව අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය ප්රකාශක ෆ්රෙඩ්රික් යූ. වූට්ලර් මහතා සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදුකළ අතර එහිදී ඔහු විසින් සඳහන් කළේ, සමාජ මාධ්ය ඔස්සේ වස් කවි ප්රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට හෝ අදාළ කවි රචනා කළ පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්රියා කරන බවට තමන් විසින් කිසිදු අවස්ථාවකදී ප්රකාශ කර නොමැති බවයි. එසේම මෙහි දක්වා ඇති ආකාරයෙන් එම පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමේ කිසිදු සූදානමක් පොලීසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නොමැති බවත්, පොලිස් මාධ්ය ප්රකාශකවරයා අප වෙත තහවුරු කළා.
ඊයේ(20) කැබිනට් තීරණ දැනුම් දීමේදී ද, මාධ්යවේදීන් විසින් මේ පිළිබඳ ප්රශ්න කර තිබුණේ මෙලෙසින්.
සමාජ මාධ්ය ඔස්සේ අසත්ය ප්රචාරයන් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට සඳහන් කර තිබේ.
පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් පසුගියදා ප්රකාශයක් සිදු කරමින් සමාජ මාධ්ය ඔස්සේ අසත්ය ප්රචාරයන් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවට සඳහන් කර තිබේ.
එසේම ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් විහාර මහා දේවි උද්යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේලා අතර, බලන්ගොඩ කස්සප හිමි පයලිස්සා වැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එය පහරදීමක් බවට හුවමාරු වූ සටහන් අසත්ය බවට ප්රකාශ කරමින්ද පොලිස් මාධ්ය ප්රකාශකවරයා නැවත සඳහන් කර තිබුණේ, සමාජ මාධ්ය ඔස්සේ ජනතාව කුපිත කරමින් නොසන්සුන්තාවක් ඇති කරමින් අසත්ය තොරතුරු සමාජගත කරන්නන්ට දැඩිව නීතිය ක්රියාත්මක වන බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා
කෙසේ නමුත්, සමාජ මාධ්ය ඔස්සේ ආන්දෝලනයකට ලක්ව ඇති වස් කවියක් සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව, එය රචනා කළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන තත්ත්වයකට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා ඊයේ දින එනම් 2026.10.20 දින පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්ය තුළ වස් කවි ප්රචාරණය කරන සියලු දෙනාට නීතිය අනුව දඬුවම් කරන බවට සහ වස් කවිය රචනා කළ චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්රියා කරන බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් විසින් ප්රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වැනි සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවයි. එවැනි කිසිදු ප්රකාශයක් තමා විසින් සිදුකර නොමැති බවට සහ එවැනි කිසිදු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයා විසින් තහවුරු කර තිබේ. කෙසේ නමුත් සමාජ මාධ්ය ඔස්සේ ජනතාව කුපිත කරන ආකාරයේ අසත්ය ප්රචාරයන් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පොලිස් මාධ්ය ප්රකාශකවරයාා විසින් ප්රකාශ කර තිබේ.


