Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වූ බවට පැතිරෙන සටහන් අසත්‍යයි!

    කරුණු විමර්ශනය කිරීම
    2026-05-29
    3 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජය තුළ කිසියම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජය තුළ කිසියම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු තොරතුරු නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා. කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ එවැනි අසත්‍ය සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :

    කොටුවෙ පොඩි හාමුදුරුවන් දිවි සැරිය නිම කළ බවට, උන්වහන්සේගේ ඡායාරූප ද සමඟ හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් පහතින්.

    Facebook| Archived Link  Facebook Facebook Facebook Facebook

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කොටුවේ පොඩි හාමුදුරුවන් සම්බන්ධයෙන් හුවමාරු වන එම පුවත සත්‍යයක් නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ නිල විශ්වසනීය මූලාශ්‍ර විසින් වාර්තා කර තිබිය යුතුය. කෙසේ නමුත් අප විසින් සිදු කළ පරීක්ෂාවේ දී එවැනි කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් මගින් එවැනි පුවතක් තහවුරු කර තිබුණේ නැහැ. 

    ඒ අනුව අප විසින් කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කළා. අදාළ සමාජ මාධ්‍ය ගිණුම් සක්‍රීයව ඇති ආකාරය එහිදී අපට නිරීක්ෂණය කළ හැකි වුණා. Facebook

    කොටුවේ පොඩි හාමුදුරුවන්

    මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා අප විසින් සෘජුවම කොටුවේ පොඩි හාමුදුරුවන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළා. එහිදී තහවුරු වූයේ මෙම පැතිර යන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එසේම කොටුවේ පොඩි හාමුදුරුවන් සුවෙන් සිටින බවද උන්වහන්සේ විසින්ම තහවුරු කළා. 

    ව්‍යාජ සබැඳි සමඟ හුවමාරු වන වංචනික සටහන් නිර්මාණ පෙළක්!

    තව ද හුවමාරු වන ඇතැම් සටහන් වල, සම්පූර්ණ විස්තර සඳහා වීඩියෝවක් නැරඹීමට එක්වන ලෙස පවසමින් සබැඳියක් දක්වා තිබූ අතර, එම ලින්ක් එක සත්‍ය වීඩියෝවක් නොව, තතුබෑම් වංචාවක් (phishing scam) බවට දැකගන්නට ලැබුණි.

    Phishing Attack යනු කුමක්ද?

    තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී වංචනික ලෙස, විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා, ඔබව රවටා, තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) 

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වී ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. උන්වහන්සේ සුවයෙන් සිටින බවට කොටුවේ පොඩි හාමුදුරුවන් විසින්ම තහවුරු කළා.

    Result Stamp

    Title: කොටුවේ පොඩි හාමුදුරුවන් අපවත් වූ බවට පැතිරෙන සටහන් අසත්‍යයි!

    Fact Check By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-05-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.