Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් ද?

    2025-04-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සිංහල හින්දු අලුත් අවුරුදු දිනයන් අප්‍රේල් 12, 13, 14 දිනයන් වලදී යෙදී තිබෙන අතර එම දිනයන් යෙදී ඇත්තේ සෙනසුරාදා, ඉරිදා සහ සඳුඳා ලෙසයි. කෙසේ වෙතත් මෙවර අප්‍රේල් 15 වන දින ද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවට තොරතුරු හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් සිදුකළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    “අප්‍රේල් 15 රජයේ ප්‍රසිද්ධ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ” යනුවෙන් සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

    Fb|Archive

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තීරණයක් ගෙන ඇති බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් සිදුකර නොතිබුණු අතර එවැනි නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කළ බවට පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ නෑ.

    කෙසේ වෙතත් අද (10) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් ද යන්න සම්බන්ධයෙන් විමසීමක් සිදුකරන අතර ඊට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසුවේ, අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

    සිකුරාදා දිනයත් මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් අදාළ සතිය තුළ වැඩකිරීමට ඇත්තේ දින තුනක පමණ කාලයක් වන නිසාවෙන් තවමත් එම දිනය ගැන නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “අප්‍රේල් 15 දින නිවාඩු දිනයක් බවට පත් කෙරේ” යන මාතෘකාව සහිත ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යවල සංසරණය වන බවට නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

    2025 අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති අතර, මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

    Archive

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    2025 අප්‍රේල් 15 දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවට රජය විසින් කිසිදු නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැත. එදින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවට සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-04-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.