Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් මිය ගිය බවට අසත්‍ය සටහනක්!

    2025-02-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : අති උතුමු ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා යෙදෙන අප්‍රේල් 21 වන අද දින පෙරවරු 9:45 ට පමණ වතිකානුවේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි අපෝස්තලික සභා ගර්භයේදී ස්වර්ගස්ත වී ඇති බව වතිකානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් වතිකානු ෆේස්බුක්

    Update :

    අති උතුමු ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා යෙදෙන අප්‍රේල් 21 වන අද දින පෙරවරු 9:45 ට පමණ වතිකානුවේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි අපෝස්තලික සභා ගර්භයේදී ස්වර්ගස්ත වී ඇති බව වතිකානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් වතිකානු ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන පහතින්.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පසුගිය දා නරක අතට හැරීමෙන් පසු, පාප් වහන්සේ රෝහල් ගත කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ(23) දින මෙසේ තරමක් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ පාප්වහන්සේ මිය ගොස් ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් දැක ගන්නට ලැබුණු අතර මේ පිළිබඳ නිවැරදි කරුණු සොයා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමානන් වහන්සේ අද (24) ජීවිතක්ෂයට පත් වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, මෙම සටහන් පළවී තිබුණේ මේ අයුරින්.

    Archived Link

    මෙම සටහන් WhatsApp ඔස්සේ ද, හුවමාරු වූයේ මේ අයුරින්.

    මෙලෙසින් පෙබරවාරි 23 වැනි දින පාප්වහන්සේ අපත්වූ බව හඟවමින් හුවමාරු වන පුවත නිවැරදි ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    වර්තමාන කතෝලික ශුද්ධවූ සභාවේ නායකයානන් වන, රෝමයේ අගරදගුරුතුමානන්ද වන පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමානන් මිය ගිය බවට වතිකානුව විසින් නිල පුවත් වාර්තා කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

    නමුත් වතිකානුවේ මීට සුළු මොහොතකට පෙර නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ, පසුගිය ඉරුදින එනම් ඊයේ(23) දින ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලේ රැඳී සිටින දසවන  රාත්‍රියෙන් පසු, විවේකයෙන් ගත කළ බවයි. 

    රෝමයේ ජෙමෙලි රෝහලේ නියුමෝනියාව සඳහා පාප් වහන්සේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එතුමන් පසුගිය සෙනසුරාදා උදෑසන සිට කිසිදු ශ්වසන අර්බුදයකට මුහුණ දී නොමැති වුව ත්, ඉරිදා සවස, වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල වූ බවත්, එම නිවේදනයේ සඳහන්.

    එතුමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව දක්වමින් පළකර තිබු නිල නිවේදනය ඇතුළත් ෆේස්බුක් සටහන පහතින්.

    Facebook | Archived Link

    88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය පෙබරවාරි 14 වන දින සිට රෝමයේ ජෙමෙලි රෝහලේ රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා අතර බ්‍රොන්කයිටිස් රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වූ අතර ශරීරයේ රුධිර පට්ටිකා මට්ටම පහත යාමත් සමග හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීම සඳහා රුධිර පාරවිලයනය ඔස්සේ උන්වහන්සේට රුධිරය ලබා දීමටත් සිදුවූ බවයි වතිකානුව සඳහන් කරන්නේ.

    ලොව පුරා සිටින කිතුනුවන් ඇතුළු සැවොමගේ ආශීර්වාදයත්, ආදරයත්, ලැබීම සම්බන්ධයෙන් වතිකානුව සිය කෘතඥතාවය පළ කර තිබෙනවා.

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සම්බන්ධයෙන් පළවන සටහන් අසත්‍ය බව පෙන්වා දිය හැක. මේ පිලිබඳ ඉදිරියේ දී ලැබෙන නිල නිවෙදයනන් සමඟ මේ පිලිබඳ තොරතුරු යාවත්කාලින කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වතිකානුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජීවිතක්ෂයට පත් වී ඇති බවට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. සෞඛ්‍ය තත්වය නරක අතර හැරීමත් සමඟ මීට දින දහයකට පෙර රෝහල්ගත වී මේ වන විටත් රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූවත්, එතුමන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වතිකානුවේ මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-02-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.