Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දේශබන්දු අත්අඩංගුවට ගත්තට නාලන්දා ආදි ශීෂ්‍යයන්ගෙන් සුබාශිංසනයක්?

    2025-03-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සටහන් තුළින් වුවද, නොමග යවන සුළු අන්දමින් සත්‍ය තොරතුරු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය වනවා. එවැනි සටහනක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සටහන් තුළින් වුවද, නොමග යවන සුළු අන්දමින් සත්‍ය තොරතුරු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය වනවා. එවැනි සටහනක සත්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “සියවස අභිමුව පියමනින නාලන්දා මාතාවගේ, මව් තුරුලින් බිහි වූ  ප්‍රථම පොලිස්පති උසාවියට භාර වෙයි. කීර්තිමත් ආදී නාලන්දීය දේශබන්දු තෙන්නකෝන් සොහොයුරාට අපගේ උත්තමාචාරය” යනුවෙන් ආදී ශිෂ්‍ය සංගමය විසින් සටහනක් පළ කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් WhatsApp ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, මෙම සටහන් නාලන්දා විද්‍යාල ආදී සිසුන් සංගමය විසින් සත්‍ය වශයෙන් පළ කර ඇති බවට බොහෝ දෙනා නොමග ගොස් ඇති බවයි.

    මෙහි නිවැරදිතාවය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මාතර  වැලිගම ප්‍රදේශයේ පිහිටි “W15” හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය පෙබරවාරි 27 වන දින වරෙන්තු නිකුත් කර තිබූ අතර නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම මසකට ආසන්න කලක් ගත වුණි.

    දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ(19) දිනයේ  සිය නීතීඥවරුන් මාර්ගයෙන් මෝසම් පත්‍රයක් ගොනු කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණය භාර වී තිබුණා.

    නාලන්දා විද්‍යාලයීය ආදි සිසුවෙකු වන දේශබන්දු මහතා උසාවියට භාර වීම හේතුකොට ගෙන මෙලෙසින් එම පාසලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් සටහනක් පළ කර ඇති බවට හඟවා තිබූ බැවින් අප ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධ සටහනක් පළ වී ඇත්දැයි යන්න පරීක්ෂා කළා.  නමුත් අපට දේශබන්දු මහතා භාර වීම සම්බන්ධයෙන් එවැනි සටහනක් පළ කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම ඔවුන් විසින් දේශබන්දු මහතා සම්බන්ධයෙන් අවසන් වරට පළ කර තිබූ සටහන ලෙස දැක ගන්නට ලැබූ සටහන පහතින්.

    Facebook | Archived Link

    අප මේ පිළිබඳ නාලන්දා ආදී ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ දේශබන්දු මහතා තම පාසලේ ආදි සිසුවෙකු බව සත්‍ය මුත්, මෙවැනි සටහනක් එම සංගමය විසින් පළ කර නොමැති අතර මෙය හිතාමතා ම පාසලට අප කීර්තියක් ගෙන ඒම සඳහා නිර්මාණය කර ඇති සටහනක් බවයි පවසා සිටියේ.

    දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

    නමුත් එය ප්‍රතික්ෂේප කරමින් අභියාචානාධිකරණය පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව 13කට නියෝග කළේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු 11 වන දා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ, සැකකාර හිටපු පොලිස්පතිවරයා සැඟව ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂාවට ලක් කළ අතර එහෙත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව ය.

    ඊට අමතරව, බුද්ධි නිලධාරීන් යොදවා තවත් ස්ථාන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටිය ද, ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ නිලධාරීන් එමනිසා ඔහු අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණා.

    දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා තිබිණි. මේ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “සියවස අභිමුව පියමනින නාලන්දා මාතාවගේ, මව් තුරුලින් බිහි වූ  ප්‍රථම පොලිස්පති උසාවියට භාර වෙයි. කීර්තිමත් ආදී නාලන්දීය දේශබන්දු තෙන්නකෝන් සොහොයුරාට අපගේ උත්තමාචාරය” යනුවෙන් නාලන්දා ආදී ශිෂ්‍ය සංගමය විසින් සමාජ මාධ්‍ය සටහනක් පළ කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණු සටහන අසත්‍ය සහ නොමග යන සුළු වෙයි. එවැනි සටහනක් එම සංගමය විසින් පළ කර නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.