Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියේ පාසල් උපකරණ දන්සලක් පැවැත්වෙන බවට පළ වන සටහන් අසත්‍යයි!

    2025-06-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන් අනුරාධපුර පුජා නගරය මූලික කර ගනිමින්, පොසොන් පොහොය දිනයට සමගාමිව දන්සැල් රැසක් දැකගන්නට ලැබෙනවා. ඒ අනුව, එළඹෙන පොසොන් පොහෝ දින, ජය ශ්‍රී මහා බෝ මළුවේ පාසල් උපකරණ නොමිලේ බෙදා දෙන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විශේෂයෙන් අනුරාධපුර පුජා නගරය මූලික කර ගනිමින්, පොසොන් පොහොය දිනයට සමගාමිව දන්සැල් රැසක් දැකගන්නට ලැබෙනවා. ඒ අනුව, එළඹෙන පොසොන් පොහෝ දින, ජය ශ්‍රී මහා බෝ මළුවේ පාසල් උපකරණ නොමිලේ බෙදා දෙන දන්සැලක් පැවැත්වෙන බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සත්‍යතාවයක් පවතින්නේ දැයි යන්න අප විමසා බැලීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පොසොන් පොහොය දින(10) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින භූමියට අයත් රථ ගාලේදී පාසල් උපකරණ දන්සලක් පැවැත්වෙන බවට සමාජ සමාධ්‍ය සටහන් පළ වී තිබුණා.

    එදින උදෑසන 5.00 සිට එදින සවස් වන තෙක් පාසල් ළමුන් සඳහා පොත්පත්, පාසල් උපකරණ, සපත්තු, පාසල් බෑග් දන්සලක් පැවැත් අතර බුරුම ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙම දන්සල දෙනු ලබන අතර, ඊට සමගාමීව කිරිබත් සහ ආහාර දන්සලක් ද පැවැත් වෙන බවට එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම පණිවිඩයේ සත්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් පොහෝ දිනයේ දී සිහිකෙරෙන විශේෂිතම සිදුවීමයි. පොසොන් පසළොස්වක පෝය දිනයේ සිට කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයක් වන පොසොන් සැමරීමේදී වෙසක් සමයේ මෙන් ම නොයෙකුත් දන්සැල් ද, දිවයින පුරා පවත්වනු ලබනවා.

    මේ හේතුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුද බිමේ මෙලෙසින් පාසල් උපකරණ බෙදා දෙනු ලබන දන්සැලක් පැවැත්විය හැකි බැවින් බොහෝ දෙනෙකු ඉහත සටහන හුවමාරු කර ගෙන තිබුණා. 

    අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා බෝමළුව විහාරවාසි ශාත්‍රපති පුජ්‍ය පහළතලාවේ සුමනසිරි හිමියන් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    උන්වහන්සේ සඳහන් කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බව ත්, මෙලෙසින් පාසල් උපකරණ බෙදා දීමේ දන්සැලක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුද බිමේ නොපැවැත්වෙන බවයි.

    එමෙන් ම අටමස්ථානාධිපති නාහිමි විසින් ද, මෙම සටහන අසත්‍ය බවට පළ කර තිබූ සටහනක් පහළතලාවේ සුමනසිරි හිමියන් විසින් සිය ෆේස්බුක් ගිණුමේ හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

    Archived Link

    අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක

    අප මේ පිළිබඳව අනුරාධපුර මහ නගර සභාවෙන් විමසීමක් කළ ලියාපදිංචි කර ඇති දන්සැල් පිළිබඳ දැන ගැනීම සඳහා අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත යොමු කරන ලදී.

    ඔහු තහවුරු කළේ, ආහාර පාන සඳහා ලියාපදිංචි වී ඇති දන්සැල් පිළිබඳ පමණක් ඔවුන් සතුව ඇති අතර, වයිරල් වී ඇති ඉහත සටහනේ කිරිබත් දන්සැලක් පැවැත්වෙන බවට දක්වා තිබීම හේතුවෙන් ඒ සඳහා අවසර ගත යුතුව ඇතත්, මෙතෙක් එවැනි දන්සැලක් පැවැත්වෙන බවට හෝ තමන් වෙත දන්වා නොමැති බවයි.

    ජාතික පොසොන් උත්සවය

    වාර්ෂිකව පවත්වන ජාතික පොසොන් උත්සවය සදහා වන  කමිටු රැස්වීම පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි, අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කළාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය  පූජ්‍ය  පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ ඇතුලු අටමස්ථානාධිපති නාහිමිවරුන්ගේ අනුශාසනයෙන්  හා වැඩමවීමෙන්  දිස්ත්‍රික් ලේකම්, පොසොන් උත්සව කමිටුවේ සභාපති කේ.ජී.ආර්.විමලසූරිය මහතාගේ හා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පවත් වා තිබුණා.

    “අනු බුදු දහමින් ලොවම නිවේවා..!” යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාව ව අතර 2025 ජූනි මස 07 දින සිට 2025 ජුනි මස 13 දින දක්වා කාලය පොසොන් සතිය ලෙස නම්කර තිබේ . ජූනි මස 06 වන දින ඉසුරුමුණි රජමහා විහාරස්ථානයෙන් පැන් පෙරහැර ආරම්භ වී මහමෙව්නා උයනේ පිහිටා  ඇති සති පිරිත් මණ්ඩපයේ දී පිරිත් පේ කිරීම සිදු කිරීමෙන් අනතුරුව  07 වන දින සිට සති පිරිත් පිංකම ආරම්භ වීමට නියමිතයි.

    මෙවරත් රුවන්වැලි සෑ මළුවේ දී සිදු කරන සර්ව රාත්‍රික හේවිසි පූජාව පැවැත් වෙන අතර එසේම භක්ති ගීත, ජලය, විදුලිය, සනිපාරක්ෂක පහසුකම්, අනාරක්ෂිත ගස් ඉවත්කිරිම, වෙළද ප්‍රචාරණ , ජීවිතාරක්ෂක සේවා සහ ආපදා වැළැක්වීම, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආවරණය, සැරසිලි, දන්සල් , සුරාසැල්  හා මස්කඩ වැසීම, පරිසරය, ආරක්ෂාව, දුමායනය හා ඩෙංගුමර්ධන වැඩ සටහන් ,ආදි පිලිබදව මුලික කරුණු  සාකච්ඡා කිරිම  මෙහි දි සිදුකරන ලදි. දන්සැල් යම් නියාමනයකට අනුව සිදු කල යුතු බවත් එසේ නෙවුන හොත් ප්‍රධාන මාර්ගයන් අවහිර විම තුලින් දැඩි මාර්ග තදබදයක් ඇතිවිම සිදු විය හැකි බව ‍මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

    අනුරාධපුර නගරයේ වෙළද ආයතන දැනුවත් කිරිම , සැරසිලි හා  සන්දර්ශනාත්මක දෑ  නොමැතිව මෙය පුණ්‍ය  භුමියක් ලෙස හැගවෙන ආකාරයේ සැරසිලි සිදු කිරීමට ත්,  බුදුදහම හදුන්වා දුන් අනුබුදු මිහිදු හිමියන්ට කරන ගෞරවයක් වශයෙන් හැඟීමක් ඇති කරගෙන පැමිණෙන බැතිමතුන් සේම මෙහි  සිටින බැතිමතුන් කටයුකලයුතු බව අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කළාවිය ප්‍රධාන සංඝනායක ආචාර්ය  පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ අවධාරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය අංශය පළ කළ සටහනක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.