Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

    2022-02-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා

    කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා.

    ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න නිවුන් දරුවන් ලබමින් උතුම් මව් පදවියට සැරසෙයි. ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම්!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ෆේස්බුක් සටහන් මෙන්ම, වෙබ් වාර්තාද, YouTube ඔස්සේ ද පුවත් සංසරණය වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    එමෙන්ම ඇතැම් පුවත් මගින් ඇය මව් පදිවිය ලැබූ බවටද සඳහන් කරමින් ෆේස්බුක් සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මේ පිළිබඳව YouTube හි පළ වූ වීඩියෝවක් මෙතනින්

    දමිතා අබේරත්න මහත්මිය මවු පදවිය ලැබූ බවට ඇතැම් වෙබ් වාර්තා වලද සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link

    මෙම පුවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම පුවත සත්‍ය බවට සිතා ප්‍රතිචාර දක්වා ඇති අයුරු පහතින්.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    වයස අවුරුදු 8 දීම කලා දිවියට එළැඹී ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය නිවුන් දරු උපතක් සිදු කළ බව හා නිවුන් දරුවන් ලැබීමට සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණත් මෙහි කිසිදු පිළිගත හැකි නිල තොරුතුරක් වාර්තා වී නොතිබුණි.

    මෙම පුවත සම්බන්ධයෙන් බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූවත්, මේ පිළිබඳ නිල තොරතුරක් ක්ෂේත්‍රයේ කිසිවෙකුගේත් නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා හෝ දමිතා අබේරත්න මහත්මිය විසින් පළ කර නොතිබුණු බවත් ඇය විසින් මෑතකදී සහභාගී වූ රූපවාහිනි වැඩසටහන් නිරීක්ෂණය කිරීමේදී ද, ඇය දරු උත්පත්තියකට සූදානම් වී ඇති අයුරු දැකගන්නට නොලැබිණි. 

    එමෙන්ම ඇයගේ දරුවා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර තිබූ ඡායාරූපය දමිතා අබේරත්න මහත්මියගේ සොහොයුරාගේ දරුවාගේ ඡායාරූපයක් බවත් ඇයගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් මේ පිළිබඳව බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණු හෙයින් හා දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව මෙම පුවත සංසරණය වීම හේතුවෙන්ද, මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප ප්‍රවීණ රංගන ශිල්පිණී, දමිතා අබේරත්න මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    ඇය සඳහන් කළේ, මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. ඉතාමත් සංවේදී කාරණා කිසිදු වග විභාගයකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම පිළිබඳ තමන් කණගාටු වන බවත්, කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පැතිරුවීම පසුගිය කාල වකවාණුවේදී ද දැක ගන්නට ලැබුණු අතර ඇතැම් කලාකරුවන් ජීවත්ව සිටියදී පවා මරණයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරවීම සුලබව දක්නට ලැබුණු බවත් සඳහන් කළා. 

    ඇතැම් කාරණා ඉතා සංවේදී කාරණා බවත් යම් අසත්‍ය තොරතුරක් පැතිර වීම මගින් කලා කරුවන්ට සිදුවන හානිය සුළුපටු නොවන බවත්, ඒ පිළිබඳ සිතා කටයුතු කරන ලෙස ඇය ඉතාමත් ආදරයෙන් සමාජ මාධ්‍ය ජාලා වල අසත්‍ය පතුරවන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින බවත්, තමන්ට නිවුන් දරු උපතක් සිදුවූ බවට හෝ නිවුන් දරු උපතක් ලැබීමට යෑම පිළිබඳ නොමග ගොස් සිටින ප්‍රේක්ෂකයන්ටද තමන්ට දුන් ආශිර්වාදයට සිය ස්තූතිය පුද කරන අතර එවන් සුබ ආරංචියක් සත්‍ය වශයෙන්ම ලැබුණු දින ඒ පිළිබඳව දැනුවත් කරන බවත් පවසා සිටියා.

    දමිතා අබේරත්න මහත්මිය විසින් මෙම අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් වැඩිදුර අදහස් සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කර තිබුණේ මෙලෙසින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය නිවුන් දරු උපතක් සිදු කළ බව හා නිවුන් දරුවන් ලැබීමට සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය වේ. අප කළ විමසීමේදී ඒ පිළිබඳව රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය විසින් තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.