Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    භාතිය හස්තියා අවසන් ගමන් ගියා ද?

    2025-07-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : 07/15/25 අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ ප

    Update : 07/15/25

    අද උදෑසන 8.55ට පමණ භාතිය හස්තියා මිය ගොස් තිබුණා. නිකවැරටිය වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ යුධ හමුදා නිලදාරීන්ද බොහෝ පිරිසකගේ සහයෝගයද ඇතිව ඊයේ(14) දින භාතිය ඇතා අනෙක් පසට හැරවීමට කටයුතු කරමින් භාතිය ඇතාව නැවත නැඟිටුවීමේ ප්‍රයත්නයේ පළමු පියවර සාර්ථක කරගැනීමට හැකි වූවත්, ඊයේ දින වනවිටත් භාතිය ඇතා සිටින්නේ යම් බරපතල තත්වයක බව පශු වෛද්‍ය ඒ්කකය සදහන් කර තිබුණා.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    තවමත් නිසි විසඳුමක් නැති අලි – මිනිස් ගැටුම නිසාම දිනෙන් දින වටිනා මිනිස් ජීවිත වගේම වන අලි සම්පත ද රටට අහිමි වෙමිනි තිබේ. මේ දිනවල සමාජයේ වැඩිම අවධානයක් යොමුව ඇත්තේ වෙඩි වැඳීමක් නිසා පාදයේ අබාධයකින් පෙළෙන බව කියන භාතිය හස්තියා පිළිබඳවයි. සමාජ මාධ්‍යයේ ජාලාවල ද වැඩි වශයෙන් කතාබහට ලක්වන භාතිය සම්බන්ධයෙන් නොමග යවන සුළු ආකාරයෙන් සමාජ මාධ්‍යයේ පළ වන සටහන පිළිබඳ කළ කරුණු විමසා බැලීමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “භාතියත් යන්නම ගිහින්…“ යනුවෙන් සඳහන් කරමින් පසුගිය 4 වැනිදා මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර තිබුණේ හස්තියා වතුර වළක වැතිර සිටින ඡායාරූපයක් ද සහිතවයි. මෙම ඡායාරූපයේ හස්තියා වතුර වළක වැතිර සිටින අකාරයත් පිරිසක් හස්තියා දෙස බලා සිටින ආකරයත් දැකගත හැකියි. මෙම ඡායාරූපයට අනුව බැලූ බැල්මට පෙනී යන්නේ, හස්තියා මියගොස් ඇති බවයි.සැලකිය යුතු පිරිසක් අතරේ මෙම සටහන හුවමාරු වී ඇති ආකාරයක් ද දැකගත හැකියි.

    ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි සත්‍ය ලෙසම භාතිය හස්තියා මියගොස් තිබේද යන්න පිළිබඳව අප කරුණු විමසීමක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙරට ප්‍රමුඛ පෙළ මාධ්‍ය ධාරා ගෙවුණු භාතිය හස්තියා සම්බන්ධයෙන් පළ කර ඇති පුවත වාර්තා පිළිබඳ අප මුලින් ම අවධානය යොමු කළා. එහිදී 05 වැනිදා හිරු ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ භාතිය හස්තියා පිළිබඳව පුවතක් වාර්තා කර තිබෙණු නිරීක්ෂණය කළ අතර එහි කිසිදු තැනක හස්තියා මියගිය බවට සඳහනක් නොවූ අතර එහි සඳහන් වන්නේ, රෝගාතුරව සිටින භාතිය හස්තියා මේ වනවටිත් බරපතල තත්ත්වයෙන් වතුර වළෙහි  තවදුරටත් වැතිර සිටින බවයි.  හිස ජලයේ ගිලී යාම වැළැක්වීම සඳහා වැලිකොට්ට යොදා සැකසූ රඳවනයක් යොදා ඇති අතර හස්තියාගේ ශරීරය ආවරණය සඳහා වියනක් ද බැඳීමට යුද හමුදාව ක්‍රියා කර ඇති බව එහි සඳහන් ය. 

    හස්තියා සම්බන්ධයෙන් පළවන සටහන් පිළිබඳව වැඩිදුරටත් තෙරතුරු විමසීමක් සිදු කළ අතර එහිදී අප භාතිය හස්තියා අබාධිත තත්ත්වයට පත්වූ අවස්ථාවේ සිට මේ දක්වා තොරතුරු දර්ශන, ඡායාරූප ද සහිත පුළුල් ආවරණයක් ලබාදුන් වනජීවී ඡායාරූපකරණ ශ්ලිපී පැතුම් බණ්ඩාරගේ ෆේසුබක් පිටුව වෙත අවධානය යොමු කළේ ය. ඔහු සිය PathumS WILD ෆේස්බුක් පිටුවේ භාතිය ඇතාගේ වත්මන් තත්තවය පිළිබඳව දර්ශන ද සහිතව සටහනක් තබා තිබුණා.

    එහි දැක්වුණේ, භාතිය තවමත් හොඳින් ක්‍රියාකාරීව සිටින බවයි. තව ද පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ  (2025/07/06 ) ඇතා  සිටින ස්ථානයෙන් ගොඩට ගෙන ප්‍රථිකාර ඇරඹීමේ සූදානමක් ඇති බව ද  සඳහන් කර තිබුණා. විස්තරය මෙතැනින්

    මේ අතර භාතිය හස්තියා මියගිය බවට වන පුවත පිළිබඳව අප පැතුම් බණ්ඩාරගෙන් අප විමසීමක් සිදු කළ අතර ඔහු පැවසුවේ, හස්තියා තවමත් ක්‍රියාකාරීව සිටින බවයි. ඊට අදාළව ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන පහතින්.  

    Facebook

    මේ අතර Protect Elephants World යන ෆේස්බුක් පිටුවේ ද භාතිය මියගිය බවට වන පුවත අසත්‍ය බව මෙලෙස සටහනක් මගින් සඳහන් කර තිබුණා.

    Facebook

    වනජිවි පශු වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිචාරය  

    භාතිය හස්තියා මියගිය බවට වන පුවත පිළිබඳව අප වනජිවි පශුවෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතාගෙන් විමසා සිටියේ ය. ඔහු ද පැවුසවේ, එහි සත්‍යතාවක් නොමැති බවත් අද දිනයේත් හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කළ බවත් ය.

    භාතියට මොක ද වුණේ?

    වයස අවුරුදු 30ක පමණ වයසේ පසුවන  භාතිය නිරතුරුව ගැවසුණේ,  ගල්ගමුව අවට ප්‍රදේශවලයි. එහෙත් මාස කිහිපයක සිට ඔහු ගැන තොරතුරක් සොයා ගැනීමට නොමැතිව තිබී ඇති අතර පසුව මැයි මාසයේ 20 වැනිදා දැනගන්නට ලැබී ඇත්තේ,  භාතිය දකුණුපස ඉදිරිපස   පාදයේ ආබාධයකින් පෙළෙන බවයි. පාදය ඉදිමී තිබී ඇති අතර එය වෙඩි වැදීමකින් සිදු වන්නට ඇතැයි, යන අනුමානය යටතේ පාදයේ  අබාධයට ප්‍රතිකාර කිරීම ආරම්භ වී තිබේ. පාදයේ තුවාලය සඳහා වනජීවියේ සහ පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර සිදු කිරීම් සිදු කළ අතර දිනකට මීටර් 500ක් වැනි දුරක් පමණ ඇවිඳ යාමේ හැකියාව තිබූ භාතියට ගම්වාසීන්ගෙන් ද අඩුවක් නැතිව ආදරය ලැබී තිබුණා.

    පාදයේ තුවාලය කෙමෙන් සුව අතට හැරෙමින් තිබුණ ද භාතියට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා තිබුණේ, තුවාලය ඇතුළතින් ආසාදනය වී ඇති බවයි. කෙ‍සේ වෙතත් භාතිය සිටිනා ඉසව්වට පැමිණි තවත් අලි දෙදෙනෙකු සමග භාතිය කැලෑවට පිටත්ව ගොස් තිබුණා. සම්පූර්ණ සුවය නොලැබ සිටි භාතිය ඒ ගමන නැවතී තිබුණේ, මහව පොල්පිතිගම වැව් ඉස්මත්තේ ඇද වැටීමෙනි.

    වතුරේ වැටී ඉතා අසීරු‍ෙන් සිටි භාතියට පැය කිහිපයක්ම ප්‍රතිකාර ලබාදී තිබූ අතර භාතියට නැගීසිටීමට උපකා රකර ඇත්තේ,පටි යොදා, බැකෝ ආධාරයෙනි.  වැටුණු අලියෙකු නැගිටින්නේ නැහැ යන සමාජ වහරට අභියෝග කරමින් එහිදී භාතිය යළි නැගී සිට ඇත. භාතියගේ යළි නැගී සිටීමට  පශු වෛද්‍ය කණ්ඩායම, වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ලැබී තිබුණේ අපමණ සහයක්. වැඩි විස්තර මෙතැනින්

    මේ අතර ප්‍රාෙද්ශීය වාර්තාකරු පැවසුවේ, දිනකට මීටර් 500ක් පමණ දුරක් පමණ ඇවිද සිටි භාතිය සතියකට පමණ පසු යළිත් යළිත් වතුර වළකට වැටුණු බවයි. එම ස්ථානයෙන් ද ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව වනජීවි නිලධාරීන් භාතිය එම ස්ථානයෙන් ද ඔසවා තබා තිබුණා. මීට පෙර ලබාදුන් ආහාර හොඬවැලෙන් කට තුළට දා ගත්තත ද ඒ වනවිට හොඬවැලේ ද  ප්‍රශ්නයක් ඇති බව නිරීක්ෂණය වූ බව වාර්තාකරු පැවසුවා. ඒ අනුව වනජීවි නිලධාරීන්ට භාතියට කෑම කැවීමට සිදු වූ බව ත් මේ දක්වා දිනකට කිලෝ 150ක් 200ක් පමණ කෑම කවන බව ත් වාර්තාකරු පැවසුවා. භාතිය දැන් සිටින වතුර අඩු වළක බවත් ඔහුට ඇති අපහසුතා නිසා දැන ඔහු එහි වැතිර සිටින බවත් ඔහු පැවසුවා.

    මේ අතර දුර්වල තත්ත්වයෙන් කුඩා වතුර වළකට වී වැතිර සිටින භාතිය හස්තියා  පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය දම්මික  පටබැදි, වනජිවි පශුවෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් එම ස්ථානයට පැමිණ තිබුණා. එහිදී පරිසර අමාත්‍යවරයා සහ පශුවෛද්‍ය අධ්‍යක්ෂවරයා භාතියගේ තත්ත්වය සහ ගනු ලබන ඉදිරි ක්‍රයාමාර්ග සම්බන්ධයෙන් පළකළ අදහස් මෙතැනින් සහ මෙතැනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, භාතිය හස්තියා මියගොස් ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. කෙසේ වෙතත් පාදයක සහ හොඬවැලෙහි ආබාධ තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳිමින් සිටින භාතිය හස්තියා මේ වනවිට ජීවිතය ගෙවා දමන්නේ, ජලය සහිත වළක වැතිර සිටිමිනි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-07-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.