Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

    2024-02-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් : 

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් කලාපයක් කර ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ද, ඒ පිළිබඳ වාර්තා පළ වී තිබුණේ මේ අයුරින්.

    Web | Archived

    මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මන්ත්‍රී රෝහිණී කවිරත්න

    අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ධාරා හරහා ද, පරීක්ෂා කළේ, සමගි ජන බලවේගයේ(SJB) මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය විසින් මෑතකදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමු සඳහා සහභාගී වී නොතිබුණා ද, යන්නයි.

    ඒ අනුව අපට දැක ගන්න ට ලැබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය මීට සති දෙකකට පෙර එනම් පෙබරවාරි 1 වන දා එම පක්ෂය විසින් පවත්වා තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වී තිබූ බවයි.

    එම මාධ්‍ය හමුවේ තව ත් වීඩියෝවක් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියගේ නිල ෆේස්බුක් පිටුවේ ද, පළ කර තිබුණේ මෙලෙසින්.

    අප මේ පිළිබඳ ව ඇයගෙන් ද, විමසීමක් කළ අතර රෝහිණී කවිරත්න මහත්මිය පවසා සිටියේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන තොරතුරු අසත්‍ය බව ත්, තමන් ට සජබේ මාධ්‍ය හමු වාරණය කර නොමැති බව ත් තමන් පසුගියදා පක්ෂය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවකටද, සහභාගී වූ බවයි.

    එමෙන් ම මන්ත්‍රිණී විසින් පක්ෂය නියෝජනය කරමින් මෑතකදී සිදු කර තිබූ වැඩ සටහන් වලට ද, සමහභාගී වී තිබූ බව, ඇයගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    මන්ත්‍රී තලතා අතුකෝරළ

    සමගි ජන බලවේගය විසින් මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමු සඳහා මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය සහභාගී වී නොතිබූ නමුත් පක්ෂය නියෝජනය කරමින් පවත් වා තිබූ වැඩ සටහන් සඳහා ඇය සහභාගී වී තිබූ බවට ඇයගේ නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    තලතා අතුකෝරළ මහත්මියගෙන් ද, අප ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඇය තහවුරු කළේ ද, එම සටහන් අසත්‍ය බව ත්, තමන් ට හෝ පක්ෂයේ කිසිදු අයෙක් ට කිසිදු වාරණයක් පනවා නොමැති බවයි.

    සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය

    සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, ඉහත සමාජ මාධ්‍ය සටහන් ප්‍රතික්ෂේප කරමින් තහවුරු කළේ, මෙය පක්ෂයට මඩ ගැසීම සඳහා පදනම් විරහිතව එල්ල කරන චෝදනා පමණක් බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    සමගි ජන බලවේගයේ මන්ත්‍රිණීන් වන තලතා අතුකෝරළට සහ රෝහිණී කවිරත්න යන මහත්මීන් ට මාස ගණනක සිට නිල මාධ්‍ය හමුවට පැමිණීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ප්‍රකාශ අසත්‍යයකි. අප කළ පරීක්ෂාවේදී මන්ත්‍රීනියන් පක්ෂය විසින් මෑතකදී පැවැත් වූ මාධ්‍ය හමු මෙන් ම වැඩසටහන් සඳහා ද, සහභාගී වී තිබූ බවට අනාවරණය වූ අතර, ඒ බව එම මන්ත්‍රිණියන් දෙදෙනා මෙන් ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.