Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස ඇති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

    2024-11-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික ත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දින කිහිපයක සිට ශ්‍රී ලංකාව දරුණු කාලගුණික තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර මෙම කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජීවිත සහ දේපළ හානි වාර්තා වනවා.එවන් පසුබිමක මෙම කාලගුණික තත්වය හේතුවෙන් සිදුවන ආපදා තත්වයන් පිළිබඳව සමාජය නොමඟ යවන සුළු සටහන් ද ප්‍රචාරය වන ආකාරය අපට නිරීක්ෂණය වුණා. අප විසින් ම අවස්ථා කිහිපයකදී එවැනි සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව හෙළි කළ අතර මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන  තවත් සමාජ මාධ්‍ය සටහනක සත්‍යතාව පිළිබඳව අප කරුණු විමර්ශණයක් සිදු කරනු ලැබුවේ මේ අයුරිනි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

    ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මහනුවර – ගම්පොල මාර්ගයේ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අසල ගිලා බැස ඇති පාලමක් බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.

    Fb| Fb

    වට්ස් ඇප් ඔස්සේ ද මෙවැනි සටහනක් හුවමාරු කරගෙන තිබුණේ මේ අයුරිනි. 

    මෙලෙස පවතින වර්ෂාපතනය හේතුවෙන් ගිලා බැස ඇත්තේ මහනුවර – ගම්පොල මාර්ගයේ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අසල පාලමක් ද යන්න අප පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරිනි.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ ම පාලමක් ගිලා බැස ඇති බවට තවත් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබූ අතර එම සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණේ මෙය අම්පාර මහ ඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දියේ සිදු වූ සිදුවීමක් බවයි. එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    ඒ අනුව මෙම පාලම ගිලා බැසීම නිවැරදි ලෙසම කුමන ස්ථානයක සිදු වූවක් ද යන්න පරීක්ෂා කිරීමේදී අප පළමුව මෙවැනි සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ ද යන්න සොයා බැලීමක් කළා. ඒ අනුව, News First විසින් මෙය 2024.11.26 වන දින වාර්තා කර තිබුණේ මේ අයුරිනි.

    තවත් ප්‍රධාන මාධ්‍ය කිහිපයක ම එම පුවත මේ අයුරින් සහ මේ අයුරින් වාර්තා කර තිබුණා.

    ඒ අනුව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබූ සියලු තොරතුරුවලට අනුව මෙය අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ නොවැම්බර් 26 වෙනිදා උදෑසන සිදු වූ සිදුවීමක් බවයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරත් හේතුවෙන් මෙම පාලම කැඩි ගොස් ඇති බව මෙම පුවත්වල වාර්තා කර තිබෙනවා.

    ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා ප්‍රකාශ කළ බව ද එම පුවත්වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    අප මේ පිළිබඳව අරලගංවිල ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තා කරුවන් කිහිප දෙනෙක්ගෙන් ද විමසීමක් සිදුකළ අතර මෙම පාලම පවතින වර්ෂාපතනය හේතුවෙන් ගිලා බැසීම අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දියේ සිදුවූවක් බව තවදුරටත් තහවුරු වුණා. එමෙන් ම මේ වන විට එම මාර්ගයේ අලුත් වැඩියා කටයුතු සිදුකර ඇති බවත් අද (30) දින සිට වාහන ගමනාගමනය එම මාර්ගයේ සිදුවන බවත් ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් අප වෙත පැවසුවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    නිගමනය (Conclusion) :

    ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පාලමක් ගිලා බැස ඇත්තේ, මහනුවර – ගම්පොල මාර්ගයේ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අසල නොවන අතර එය සිදුව ඇත්තේ අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ ය.

    Avatar

    Title:පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල පාලමක් ගිලා බැස අති බවට පළවන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් !

    Fact Check By: Piumika Laskhani 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.