Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    එරන්ද ගිනිගේ විසින් සිදු කළ ප්‍රකාශයක්ද?

    2022-02-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් වෙනත් අර්ථ කථන වලින් පළ කරනවා සේම සිදු නොකළ ප්‍රකාශයන් එම පුද්ගලයන් විසින් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමග යැවීමට ඇතැම් සටහන් උපහාසත්මක කෝණයකින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත

    සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශයන් වෙනත් අර්ථ කථන වලින් පළ කරනවා සේම සිදු නොකළ ප්‍රකාශයන් එම පුද්ගලයන් විසින් සිදු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් නොමග යැවීමට ඇතැම් සටහන් උපහාසත්මක කෝණයකින් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හරින අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තෙල් නැතිව මගී බස් රථ අතරමග නතර වුනාම, ආණ්ඩුවට බැන බැන නොයිඳ, බස් වලින් බැහැල අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න.” – එරන්ද ගිනිගේ -වියත්මග යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් එක් කර තිබෙනු දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණු අයුරු පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රයේ නිර්මාතෘ, “ඇත් පවුර – සමාජ ව්‍යවසායකයන්ගේ ජයබිම” සම-නිර්මාතෘ, සහ ඩිමොක්‍රසි අර්ත් (ලෝක ප්‍රජාතන්ත්‍රවාදය) පදනමේ ශ්‍රී ලංකාව සඳහා තානාපති වන එරන්ද ගිනිගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් දක්වා තිබූ ඉහත සටහන සම්බන්ධයෙන් අප විමසා බැලීම සඳහා ඔහු මෑතකදී සහභාගි වූ වැඩසටහන් පිළිබඳව අපගේ අවධානය යොමු කළ අතර එවන් ප්‍රකාශයක් ඔහු විසින් සිදු නොකළ බවට ප්‍රත්‍යක්ෂ විය.

    ඒ හේතුවෙන් ඔහුගේ ෆේස්බුක් නිල සමූහයද නිරීක්ෂණය කළ අතර එරන්ද ගිනිගේ මහතා විසින් එවන් ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබිණි.

    ඔහු ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ තමන් විසින් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම මේ පිළිබඳව අප කළ විමසීමේදී ගිනිගේ මහතා සඳහන් කළේ, තමන් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    කෙසේ වෙතත් වියත්මග සංවිධානය ආරම්භයේ සිට එහි ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු වු එරන්ද ගිනිගේ මහතා වියත්මග සංවිධානයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් 2020 වසරේ ඔහු විසින් තැබූ ෆේස්බුක් සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ සාමාජිකයෙකු වන සඳමාලි ඒකනායක මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය තහවුරු කළේ, එරන්ද ගිනිගේ මහතා මේ වන විට එම සංවිධානයෙන් ඉවත් වී ඇති බවයි.

    ඒ අනුව වියත්මග සාමාජිකයෙකු බවට සඳහන් කරමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන ද අසත්‍ය වේ.

    එමෙන්ම මෙවන් අසත්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට හේතුව වශයෙන් එරන්ද ගිනිගේ මහතා විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා දැක්වූ මෙවන් අදහස් හේතු වූ බවට අනුමාන කළ හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    “වියත්මග සාමාජික එරන්ද ගිනිගේ විසින් තෙල් නැතිව මගී බස් රථ අතරමග නතර වුනාම, ආණ්ඩුවට බැන බැන නොයිඳ, බස් වලින් බැහැල අවට පරිසරයේ සුන්දරත්වය විඳින්න.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළුයි. ඔහු විසින් එවන් ප්‍රකාශයක් සිදු නොකර ඇති අතර ඔහු මේ වන විට වියත්මග සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.