Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?

    2022-03-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය

    දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “තවත් මම අලි බලාගන්නේ නෑ!

    ඉපදුණු රට වෙනුවෙන් මොනව හරි කරන්න ඕනා 

    මම මේ සතාට ආදරෙියි..අපි යාළුවෝ වගේ හිටියෙ. හොඳම යාළුවගේ අභාවයෙන් පස්සේ මට ඒ රැකියාව එපා වුණා. තවත් මම අලි බලාගන්නෙ නෑ. මම සතා වෙනුනේ කාලයක් මගේ ජීවිතය කැප කළා. දැන් ඉපදුණු රට වෙනුවෙන් මොනව හරි කරන්න ඔන කියල හිතෙනවා. ඒ නිසා මම ජේ.වී.පී එකට උදවු කරන්න ආසයි. ඇතා බලන්න ඇවිත් අනුර නායකතුමා මම කීප සැරයක් හමුවෙලත් තියනවා. එතුමව ජනාධිපති වෙන එක දැකල මගේ ඇස් දෙක පියාගන්න ලැබුණොත් ලොකු දෙයක් – කළු මාමා” යනුවෙන් සඳහන් කළ සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    මෙම සටහන් වල දැක්වෙන පරිදි කළු මාමා හෙවත් විල්සන් කොඩිතුවක්කු විසින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න සැළකිළිමත් වූ අතර ඇතැම් අය මෙය සත්‍යයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය කළ බව මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම කිරීමේ භාග්‍යවන්ත කාර්ය්‍ය ඉටු කරමින්, දකුණු ආසියාවේ උසම හීලෑ දළ ඇතු ලෙසින් ගෞරවයට පත්ව සිටි නැදුන්ගමුවේ රාජා මඟුල් ඇතු මාස කිහිපයක සිට මද කිපීම නිසා අලි ගාලක රඳවා සිටියදී පසුගිය 07 වන දා පාන්දර 5.30ට පමණ මිය ගොස් තිබුණා. මේ පිළිබඳ පළ වූ පුවත් මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.

    දහතුන් වතාවක් දළදා කරඬුව වැඩම කරවූ රාජා ඇත් රජුන් වැලිවේරිය නැදුන්ගමුවේ හර්ෂ ධර්ම විජය වෛද්‍යාචාර්යතුමන්ගේ හිමිකාරීත්වයේ හැදී වැඩුණු අතර හස්තියා මිය යන විට 69 වැනි වියෙහි පසු විය.

    ලොව සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ සධාතුක කරඬුව වැඩැම්මවූ නැදුන්ගමුවේ ඇත් රාජාගේ මිය යෑම මුළු මහත් ජනතාවට කම්පාවක් ඇති කළා. 

    ගාල්ල උඩුගම ප්‍රදේශයේ උපත ලැබූ විල්සන් කොඩිතුවක්කු නොහොත් ‘කලු මාමා’ නැදුන්ගමුවේ රාජාව බලාකියා ගත් හස්ථිපාලකවරයා වේ.

    කෙසේවෙතත් ඇත් රජුගේ වියෝව සම්බන්ධයෙන් නැදුන්ගමුව රැක බලා ගත් කළු මාමා ගැනද සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වූ අතර නැදුන්ගමුව රාජාට මෙන්ම ඔහුටත් සමාජ මාධ්‍ය ඔස්සේ කවි ගී ලියවුණේ, කළු මාමා නැදුන්ට දැක්වූ ඉමහත් ආදරය නිසාමයි.

    මේ අතර විල්සන් මහතා විසින් තමන් ජනතා විමුක්ති පෙරමුණට උදව් කිරීමට අවශ්‍ය බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූවායින් පසු තමන් මියැදුණත් කමක් නැත යනුවෙන් ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූවත් නැදුන්ගමුවේ රාජා මියැදුණයින් පසුව මාධ්‍ය වෙත එවැනි ප්‍රකාශයක් හෝ එවැනි අදහසක් දැක්වෙන ප්‍රකාශයන් ඔහු විසින් සිදු නොකළ බවට අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ නිරීක්ෂණයේදී විමර්ශනය විය.

    නැදුන්ගමුවේ රාජාගේ වියෝවෙන් පසු කළු මාමා සඳහන් කළ ප්‍රකාශයන්  දැක්වෙන වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එම ප්‍රකාශ අතරින් කළු මාමා සඳහන් කළ ප්‍රකාශයක දැක්වුණේ, “ආයෙ මේ රස්සාව කරන්න හිතනේනෙ නෑ” යනුවෙන් පැවසූ ප්‍රකාශය රැගත් වීඩියෝවක් ඇතත් ඒ හැරුණු කොට ඔහු විසින් එලෙස අනුර කුමාර දිසානායක මහතාට උදව් කරන බවක් එම අවස්ථාවේදී හෝ ප්‍රකාශ කර නොතිබුණි. එම වීඩියෝව පහතින්.

    ඉහත ෆේස්බුක් සටහනේ දැක්වෙන පරිදි එම ප්‍රකාශය සිදු කළ බවට දැක්වෙන දළදා මාලිගාවේ මාධ්‍ය අංශයේ වීඩියෝව ද අප නිරීක්ෂණය කරනු ලැබුවා. එම වීඩියෝවේද එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එහි සඳහන් නොවුණි. එම වීඩියෝව පහතින්.

    අප මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද පවසා සිටියේ එවන් ප්‍රකාශයක් නැදුන්ගමුවේ රාජාගේ හස්ථිපාලකවරයා වන ‘කලු මාමා’ විසින් සිදු නොකළ බවයි.

    1953 වසරෙහි දී භාරත දේශයේ උපන් රාජා 2005 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරට එක් කරනු ලැබුවේ ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ ආරාධනයෙන් ය. පෙරහර කාර්ය්‍ය ඉටු කිරීම වෙනුවෙන් සියනෑ කොරළයේ සිට මහනුවර දක්වාම පාගමනින් පැමිණෙන නැදුන්ගමුවේ ඇතු, මෙරට ජනත‍ාව අතර ඉමහත් ගෞරව සැළකුම් ලද හස්ථි රාජයෙක් ලෙස ඉතිහාසයට එක්විය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, නැදුන්ගමුවේ රාජාගේ හස්ථිපාලකවරයා වන විල්සන් කොඩිතුවක්කු හෙවත් ‘කලු මාමා’ විසින් ජනතා විමුක්ති පෙරමුණට උදව් කරන්න අවශ්‍ය බවට පැවසූ බව හෝ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු සිය දෑස් පියවුණත් කමක් නැති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන ප්‍රකාශයන් අසත්‍ය වේ. එවන් ප්‍රකාශයක් ඔහු විසින් සිදු නොකර ඇති බවට ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය අංශය තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.