Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ බවට කුමාර් ගුණරත්නගෙන් ප්‍රකාශයක් ?

    2021-12-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිර

    දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. ඇතැමුන් මෙවැනි සටහන් නිර්මාණය කරනු ලබන්නේ, දේශපාලනඥයන් පැවසූ ප්‍රකාශයන් විකෘති කොට ජනගත කිරීමෙන් හෝ දේශපානඥයන් විසින් සිදු නොකළ ප්‍රකාශ ජනගත කිරීමෙන්. එවන් සටහනක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

     “අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ. දැන් අනුරට වැඩිපුරම අවස්ථාව දෙන්නේ රාජපක්ෂලට ගැති මාධ්‍ය නාලිකා. එදා රාජපක්ෂට ආවඩපු අය අද ආවඩන්නේ අනුරට ඒ බැසිල්ගේ උපදෙස් මත. මේ මොහොතේ අනුරගේ සාර්ථකත්වය වැඩිපුරම පතන්නේ බැසිල්. JVP හිටපු දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් කියයි. ” කුමාර් ගුණරත්නම් විසින් රූපවාහිනි වැඩසටහනකදී පැවසූ බවට හඟවමින් මෙම සටහන ෆේස්බුක් ඔස්සේ පළක කර තිබුණු අයුරු පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ඔහු  ඊයේ (16) දිනයේදී සහභාගී වූ සිරස නාලිකාවේ 10 Questions වැඩසටහන වෙත අප අවධානය යොමු කරනු ලැබුවා.

    එහිදී ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි කිසිදු ප්‍රකාශයක් කුමාර් ගුණරත්නම් මහතා විසින් සිදු කර නොතිබුණු බවට අපට නිරීක්ෂණය වූවා.

    එම වැඩසටහන පහතින්.

    බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් එම වැඩසටහන අතර තුරදී එම වැඩසටහනේ නිවේදක ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ කිසිදු පැනයක් යොමු නොකරන අතර පිළිතුරු ලබා දීමේදී කුමාර් ගුණරත්න විසින් හෝ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදක්වයි.

    ජනතා විමුක්ති පෙරමුණට වැඩිපුර අවස්ථා ලබා දෙන්නේ, රාජපක්ෂලාට ගැති මාධ්‍ය නාලිකා බවට යන්න පිළිබඳව කුමාර් ගුණරත්නම් එම වැඩසටහන තුළදී නොපවසන අතර මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ගම් මට්ටමින් ක්‍රියාකාරි වෙමින් සිටින බවත් නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය නොපෙනෙන බවත් යන පැනය විසින් කුමාර් ගුණරත්න මහතාට යොමු කිරීමේදී ඔහු සඳහන් කරන්නේ, “මී ළඟ බලය”  යන තේමාව යටතේ වැඩසටහනක් කරන බවත්, සමාජ මතය හැසිරවීමේදී එම මතය ජනගත කරන්න මාධ්‍ය තුළ ලැබෙන අවස්ථාවන් අනුව වන බවත් සඳහන් කරනු ලබනවා. 

    ඒ හැරුණු කොට මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අදහසක් එම වැඩසටහන අතර තර ප්‍රකාශ කරනු නොලබයි.

    අපි මේ සම්බන්ධයෙන් එම වැඩසටහන මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ මහතාගෙන් අප මේ පිළිබඳව විමසූ අතර ඔහු පවසා සිටියේද, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනින් දැක්වෙන කිසිදු අදහසක් එම වැඩසටහන අතර තුළ කුමාර් ගුණරත්නම් විසින් නොපැවසූ බවයි.

    එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා විසින් වෙනත් අවස්ථාවක හෝ එලෙස ප්‍රකාශ කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක හෝ අපට දැක ගන්නට නොලැබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, කුමාර් ගුණරත්නම් විසින් සිරස නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් “අනුර කුමාරගේ මීඩියා කැම්පේන් එක දැන් කරන්නේ බැසිල් රාජපක්ෂ. දැන් අනුරට වැඩිපුරම අවස්ථාව දෙන්නේ රාජපක්ෂලට ගැති මාධ්‍ය නාලිකා. එදා රාජපක්ෂට ආවඩපු අය අද ආවඩන්නේ අනුරට ඒ බැසිල්ගේ උපදෙස් මත. මේ මොහොතේ අනුරගේ සාර්ථකත්වය වැඩිපුරම පතන්නේ බැසිල්.” යනුවෙන් නොපැවසූ බවයි. ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන අසත්‍ය බවට පැවසිය හැක.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-12-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.