Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

    2021-01-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක

    වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා.

    මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න අවශ්‍ය නැති බවත් තම පාලන කාලය තුළ මහා භාණ්ඩාගාරයේ ඇති පමණ මුදල් ඉතුරු කරමින් මහබැංකුව ශක්තිමත් කළ බවක් සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබු අයුරක්. කෙසේනමුත් ඔහු විසින් එබඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බව අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න අවශ්‍ය නැහැ. අපේ කාලයේ ආර්ථිකය ශක්තිමත් කරා, මහා භාණ්ඩාගාරයේ ඇති වෙන්න මුදල් ඉතුරු කළා, මහබැංකුව ශක්තිමත් කළා.” වදන් රෝපණය කර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් රැගත් සටහනක් අමල් මධූ නමැති ෆේස්බුක් ගිණුමක් Voice for Rear Admiral Dr. Sarath Weerasekera නැමැති ෆේස්බුක් සමුහයක ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

    Facebook | Archived Link

    මෙම සටහන බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබු අයුරක් ද අපට දැක ගණනට ලැබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න අවශ්‍ය නැහැ. අපේ කාලයේ ආර්ථිකය ශක්තිමත් කරා, මහා භාණ්ඩාගාරයේ ඇති වෙන්න මුදල් ඉතුරු කළා, මහබැංකුව ශක්තිමත් කළා.” යනුවෙන් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇති බවට වාර්තා ප්‍රධාන විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ධාරාවේ ඇද්දැයි පරීක්ෂා කළෙමු. එවැනි ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකර ඇති බවට වාර්තා ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යයෙහි දැක ගන්නට ලැබුනේ නැත.

    සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ වැඩිපුරම හුවමාරු වී තිබුනේ “සමගි ජන බලවේගයේ “බුද්ධි මණ්ඩපය” එළිදකියි!” යන තේමාවලින් පළවී තිබු සටහන් පෙළක්.

    තවදුරටත් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප විපක්ෂ නායක මාධ්‍ය අංශය වෙත ෆේස්බුක් ජාලයේ සැරිසරන සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලදැයි සැලකන ප්‍රකාශය ඇතුළත් සටහන් යොමු කළෙමු. සජිත් ප්‍රේමදාස මහතා “ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න අවශ්‍ය නැහැ. අපේ කාලයේ ආර්ථිකය ශක්තිමත් කරා, මහා භාණ්ඩාගාරයේ ඇති වෙන්න මුදල් ඉතුරු කළා, මහබැංකුව ශක්තිමත් කළා.” යනුවෙන් කිසිවිටෙකත් නොපැවසූ බවත්, මෙය විපක්ෂ නායකතුමාට පහර ගැසීම සඳහා දියත් කර ඇති මඩ ප්‍රහාරයක් බවත් අප හා සම්බන්ධ වූ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අවධාරණය කළේය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා “ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න අවශ්‍ය නැහැ. අපේ කාලයේ ආර්ථිකය ශක්තිමත් කරා, මහා භාණ්ඩාගාරයේ ඇති වෙන්න මුදල් ඉතුරු කළා, මහබැංකුව ශක්තිමත් කළා” යනුවෙන් පවසා තිබුනේ නැති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.