Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

    2021-01-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්ම

    ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්.

    මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අපහස කිරීම නොකඩවා සිදුවුවහොත්, ඉදිරියේ පැවත්වීමට නියමිත සියලු තරඟ වර්ජනය කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන්නේ අසත්‍ය සටහනක් බව අපගේ විමර්ෂණයෙන් අනාවරණය විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    “සමාජ මාධ්‍යවල මෙහෙම බනින එක ඉවසන්න අමාරුයි. ක්‍රීඩකයොත් මිනිස්සු. දරු පවුල් කාරයෝ ලැජ්ජා භය තියෙනවා. අව්වේ වේලෙන්නයි අපහාස විඳින්නයි දෙකක් බෑ.  ඉස්සරහටත් සමාජ මාධ්‍යවල අපහාස කරොත් අපි ඉදිරි තරඟ ඔක්කොම වර්ජනය කලා නිකන් ඉන්නවා. එතකොට බනින උන්ට උඩ බලන් ඉන්න වෙන්නේ” යන ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසා ඇති අන්දමට සකසුණු සටහනක් වට්සැප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා.

    එවැනි එක සටහනක් පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\29 Cricket Chairman\screenshot-www.facebook.com-2021.01.27-08_47_11.png

    Facebook | Archived Link

    මෙවැනි සටහන් කෙටි කාලයක් තුළ බොහෝ දෙනා අතරේ හුවමාරු වී තිබුණා

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\29 Cricket Chairman\fdc6a779-3408-4a50-9cbd-18f1b87a0426.png

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙලෙස පවසා ඇත්දැයි අපි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තා කරඅත්දැයි පරීක්ෂා කළ නමුත් ශම්මි සිල්වා එවැනි ප්‍රකාශයක් කර ඇති බවට කිසිදු විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යක් වාර්තා කර තිබුනේ නැහැ. බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුනේ එම ප්‍රකාශය අසත්‍යක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ශම්මි සිල්වා මහතා විසින් පළකර තිබු නිවේදනයක්.

    මෙම ෆේස්බුක් සටහනේ අන්තර්ගතය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය සමඟ ද සම්බන්ධ වූයෙමු.

    සමාජ මාධ්‍යය තුළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට  සිදුකරන අපහාස නොකඩවා පැවතුණහොත්, සියලු දෙනාම ඉදිරි තරග වර්ජනය කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා කිසිවිටෙකත් පවසා නොමැති බවත්, මෙම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යය සටහනක් බවත් අප හා සම්බන්ධවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා අවධාරණය කර සිටියා.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ද සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ “ක්‍රිකට් වර්ජනය ගැන පළවන කතාව සම්පුර්ණ අසත්‍යක්” යනුවෙන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයක් හුවමාරු කරගෙන තිබුණා. එසේ හුවමාරු කරගෙන තිබු ප්‍රකාශය පහතින්

    Facebook | Twitter 

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වකවානුවේ ලැබූ පරාජයන් හමුවේ ක්‍රීඩා ලෝලීන් කණගාටුවෙන් සිටියද ඒ සඳහා පිළිතුරු ලබාදිය යුත්තේ මෙසේ අසත්‍ය ප්‍රකාශ හරහා නොවන බවත් කණ්ඩායමක් වශයෙන් ජයග්‍රාහී මාවත වෙත අවතීරණ වීමෙන් බවත් ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් සිය ප්‍රකාශයේ කරුණු දක්වමින් පවසා තිබුනේ ඒ සඳහා පරිපාලනය සෑම උත්සාහයක් ම ගන්නා බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍යය තුල  ක්‍රිකට් ක්‍රීඩකයන්ට  සිදුකරන අපහාස නොකඩවා පැවතුණහොත්, ඉදිරි තරග සියල්ලක්ම වර්ජනය කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසා නොමැති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-01-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.