Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

    2022-07-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා

    සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් රංගන ශිල්පී සහ නිරූපණ ශීල්පී යුරේනි නොෂිකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර ඇති බවට දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම එම සටහන් වලට විරෝධය දක්වමින් තවත් සටහනක් මෙලෙසින් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් දෙකම සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    සත්‍ය වශයෙන්ම මෙවන් ප්‍රකාශයක් යුරේනි නොෂිකා විසින් සිදු කළාද යන්න විමසා බැලීමක් අප සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 22 වන දා අලුයම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල භුමියේ සහ එම ගොඩනැගිල්ල තුළ අනවසරයෙන් රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කර තිබුණා.

    කෙසේ වෙතත් අරගලයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව මෙරට රංගන ශිල්පී සහ නිරූපණ ශීල්පී යුරේනි නොෂිකා විසින් හමුදා සෙබළුන් සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳ අප නිරීක්ෂණයක් සිදු කළා.

    නමුත් ඇයගේ නිල ෆේස්බුක් ගිණුම සහ ඉහත සටහන් වල දක්වා ඇති ගිණුම වෙනස් බවට අපට නිරීක්ෂණය වුණා.

    ඉහත සටහන් වල යුරේනි නොෂිකා යනුවෙන් සිංහල භාෂාවෙන් එම ගිණුමේ නම සඳහන් වී තිබුණත්, ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ ඇත්තේ, Yureni Noshika නමිනි.

    නමුත් අපට යුරේනි නොෂිකා නමින් ෆේස්බුක් ගිණුමක් ඇති බවට නිරීක්ෂණය නොවීය.

    එමෙන්ම ඇයගේ නිල ෆේස්බුක් ගිණුමේ නිරීක්ෂණය කිරීමේදී මේ පිළිබඳව ඇය විසින් ඉහත සඳහන් කළ ප්‍රකාශය සහිත සටහනක් දැක ගන්නට නොලැබිණි. නමුත් යුරේනි නොෂිකා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ අරගලකරුවන් මෙවැනි සටහන් මඩ ගැසීම සඳහා නිර්මාණය කර ඇති බවටයි.

    එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මේ පිළිබඳව විමසීම සඳහා අප රංගන ශිල්පී යුරේනි නොෂිකා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    ඇය පවසා සිටියේ, තමන් කිසිම අවස්ථාවක සඳහන් නොකළ ප්‍රකාශයක්, තමන් ප්‍රකාශ කළ බවට දැක්වෙන ලෙසින් තමන්ගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක පළ කර ඇති බවයි. එමෙන්ම ව්‍යාජ සටහන සඳහා තවත් පිරිසක් තමන් සම්බන්ධයෙන් අසත්‍ය පතුරවමින් තවත් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත්, තමන් ලෙසින් පෙනී සිටි ව්‍යාජ ගිණුම සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වලට වාර්තා කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගත් බවත්, එම ව්‍යාජ ගිණුම මේ වන විට අක්‍රීව කර ඇති බවත් ඇය පවසා සිටියා.

    කෙසේ වෙතත් මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අප ඇයගේ නිල ෆේස්බුක් ගිණුම හරහා සිදුකරන ලද තාක්ෂණික විමර්ශනයේ දී ද පැහැදිලි වූයේ හමුදාව සම්බන්ධයෙන් යුරේනි නොෂිකා විසින් පළ කළ සටහනක් බවට දක්වමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වැනි සටහනක් යුරේනි විසින් ඇයගේ නිළ ෆේස්බුක් පිටුවේ පළ කර නොමැති බවයි. 

    Also Read:

    අරගලයට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට දමිතා අබේරත්න පැවසුවාද? 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පසුගිය 22 වන දා හමුදා සෙබලුන් විසින්  ජනාධිපති ලේකම් කාර්යාලයේ අනවසරයෙන් සිටි අරගලකරුවන් ඉවත්කිරීම  හේතුවෙන් යුරේනි නොෂිකා විසින් හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ වෛරීය ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන ව්‍යාජ ලෙස සකසා ඇති සටහනක් බවයි.

    යුරේනි නොෂිකා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ එවැනි ප්‍රකාශයක් සිදු නොකළ ඇති බවට අප කළ තාක්ෂණික විමර්ශනයෙන්ද තහවුරු වූ අතර, ඇය විසින් ද ඒ බව තහවුරු කළ අතර ඉහත සටහන නිර්මාණය කර තිබුණේ ඇයගේ නොවන ව්‍යාජ ගිණුමකිනි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.