Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්?

    2023-02-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයේ තරඟකාරී බව සනිටුහන් කරමින් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා නොමග යන සුළු සටහන් සංසරණය කරගනු ලබනවා. පාර්ලිම්නේතු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පළාත් පාලන මැතිවරණයේ තරඟකාරී බව සනිටුහන් කරමින් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා නොමග යන සුළු සටහන් සංසරණය කරගනු ලබනවා. පාර්ලිම්නේතු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පළ වූ නොමඟ යවන සුළු පුවත් ලිපියක් හේතුවෙන් නිර්මාණය වී තිබු සටහන් නැවත වරක් මේ දිනවල ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. ඒ පිළිබඳව  අප කළ විමර්ශනයයි, මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි. සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි !!” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් මෑතකදී සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම 2020 වර්ෂයේ මෙම සටහනේ මුල් සටහන පළ වී තිබූ අතර එය 3600ක් පමණ පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මේ අයුරින්. Archived Link

    2019 වසරේ මෙම ශිර්ෂ පාඨයෙන් ‘මව්බිම’ පුවත් පතේ ප්‍රධාන පිටුවේ ද, පුවතක් පළ වූ බවට සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම සටහන් බහුලව පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

    මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ඉල්ලීම් බහුලව ලැබුණු අතර මේ හේතුවෙන් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම මව්බිම පුවත් පතේ මෙවැනි ලිපියක් පළ වී තිබුණා ද, යන්න පරීක්ෂා කර බැලුවා. ඒ අනුව 2019 නොවැම්බර් 13 වන දා “සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි. සුමන්තිරන් උතුරේ ජනතාවට කියයි !!” යන ශීර්ෂ පාඨය ඇතුළත්ව  පුවත් ලිපියක් පළ වී තිබෙනවා. (මෙම සම්පූර්ණ ලිපිය මෙතෙක් අපට නොලැබුණු අතර එය ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.)

    කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කළ බවට පුවතක් අපට වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ දැකගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් ඉහත සිරස්තලය යටතේ පළවූ පුවතට පාදක වූ පරිදි ප්‍රකාශයක්, සුමන්තිරන් විසින් 2019 ජනපති මැතිවරණ සමයේ සිදු කළා ද, යන්න පිළිබඳ සෙවීමට කටයුතු කළෙමු. 

    පහතින් දැක්වෙන්නේ, මෙම නොමග යන සුළු පුවත් සඳහා මුල් වී තිබු, සුමන්තිරන් විසින් 2019 නොවැම්බර් 11 දින මඩකලපුවේදී දමිළ භාෂාවෙන් සිදු කරන ලද , කතාවක ඇතුලත් සජීවී වීඩියෝවක්.

    Archived

    මෙම දේශනයේ සම්පූර්ණ සාකච්ඡාව අප Fact Crescendo දමිළ කණ්ඩායමේ සහය ඇතිව විමර්ශනය කරනු ලැබුවා.

    2019 ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සංධානයනය විසින් සහය ලබාදුන් අපේක්ෂයා වුයේ සජිත් ප්‍රේමදාසයි. ඒ අනුව දේශපාලන වේදිකාවේ දී ඔහුට පක්ෂව කරුණු TNA නායකයින් විසින් පැවසු අතර ඉහත වීඩියෝවේ දී ද සුමන්තිරන් ඉල්ලා තිබුනේ  දමිළ සහ මුස්ලිම් සුළු ජාතීන් වෙනුවෙන් හඬක් නැගිය හැකි පුද්ගලයා වන්නේ, සජිත් ප්‍රේමදාස මහතා බැවින් ඔහුට ඡන්දය ලබා දෙන ලෙසයි. මෙම සම්පුර්ණ කතාවම අප පරික්ෂා කල අතර එහි  කිසිඳු අවස්ථාවක ‘සිංහලයින් පරාද කිරීම’ සඳහා සජිත්ට ඡන්දය ලබා දෙන ලෙස සුමන්තිරන් පවසන්නේ නැහැ.

    ඔහු විසින් සඳහන් කරනු ලබන්නේ, ජනාධිපතිවරණයට සුළු ජාතීන්ගේ ඡන්ද ද, බලපාන බැවින් මේ සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දී ඔහු දිනවීමට කටයුතු කරන ලෙසයි.

    සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි – ප්‍රකාශය සුමන්තිරන් තරයේ ප්‍රතික්ෂේප කරයි

    2019 නොවැම්බර් මස මේ ආකාරයට පුවත්පත් කිහිපයක් විසින් තමාගේ ප්‍රකාශයක් විකෘති කරමින් ජාතිවාදය වපුරවමින් සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බවත්, මැතිවරණ කොමිසම, පොලිස්පති ඇතුළු පාර්ශව වෙත පැමිණිලි කර ඇති බවත්, ඒ පිළිබඳව කඩිනමින් විමර්ශන කරන ලෙසත්, අදාළ පුවත්පත්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා තිබුණේ මෙලෙසින්.

    සුමන්තිරන් මහතා මේ පිළිබඳව සිය නිල ට්ව්ටර් ගිණුමේ ද, පණිවිඩයක් නිකුත් කර තිබුණේ මේ අයුරින්.

    Archived Link

    එමෙන් ම නොමග යන අයුරින් පළ කළ එම පුවත සම්බන්ධයෙන් තම නීතිඥවරු අදාළ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ක්‍රියාකළ බවට ද, ඔහු විසින් පළ කළ ට්විටර් පණිවිඩය මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, “සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් 2019 ජනපතිවරණ මැතිවරණ සමයේ ප්‍රකාශයක් කළ බවට එම අවධියේ සිට මේ වන විටත් සංසරණය වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල දැක්වෙන්නේ වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පළවූ අසත්‍ය පුවතක් බවයි. 

    එම පුවතට පාදක වූ සම්පූර්ණ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී තහවුරු වූයේ සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකරන බවයි. ඔහු 2019 ජනපතිවරණ වේදිකාවේ දී මෙම පුවතට මුල් වූ කතාවේ දී පවසා තිබුණේ, සුළු ජාතීන් වෙනුවෙන් හඬක් නැගීම සඳහා ඡන්දය ලබා දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-02-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.