Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී? බැදුම්කර නඩුව ඉදිරියට ගෙන යන්නට බැහැ – අලි සබ්රි ?

    2020-12-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරය හොබවයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලංකාවේ අවසර පතමින් ඔහු ප්‍රබල හඬක් නගයි. කොවිඩ්-19

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වු ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරය හොබවයි. කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලංකාවේ අවසර පතමින් ඔහු ප්‍රබල හඬක් නගයි.

    කොවිඩ්-19 ආසාදිතව මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු මිහිදන් කිරීමට ලැබෙන අයහපත් ප්‍රතිචාර නිසා කළකිරී සිටින අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යැවු බවත්, එතුමා එය පිළි නොගත් බවට සමාජ මාධ්‍යයන්හි සැරිසරන පුවත සාවද්‍ය බව අප සිදුකළ කරුණු විමර්ශනයෙන් තහවුරු විය. එමෙන්ම බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන ගිය නොහැකි බවට ඔහු පවසා ඇති බවට හුවමාරු වන්නේ ද අසත්‍ය සටහනක්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ඇමති අලි සබ්රි ඉල්ලා අස්වෙයි – ජනාධිපති භාර නොගනී” සිරස්තලයෙන්, කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය සමඟ මුස්ලිම් මෘත දේහ ආදාහනය නොකර ආගමික විශ්වාසය අනුව භූමදානය  කිරීමට ඉඩ නොලැබීම හේතුවෙන් කළකිරිමකට පත්ව සිටින  අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා ජනපතිඳුන්ට පීඩනයක් ඇති කිරීමේ අරමුණින්  සිය අමාත්‍ය ධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපියක් දෙසැම්බර් මස 29 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති නමුත් ජනාධිපතිවරයා විසින් එය භාර ගෙන නොමැති බවට ප්‍රවෘත්තියක් Lanka News Web නමැති වෙබ් අඩවියක ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

    FacebookArchived LinkArticleArchived

    මෙය බොහෝ දෙන හුවමාරු කරගෙන තිබු ආකාරයක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණි

    එමෙන්ම බැඳුම්කර නඩුව ඉදිරියට ගෙ ගිය නොහැකි බවට අධිකරණ අමාත්‍යවරයා පැවසු බවට නොවැම්බර් මස අවසාන සතියේදී “පාරාදීසයක් උදෙසා” නමැති ෆේස්බුක් පිටුවක පළකර තිබු සටහනක් මේ වන විට විශාල පිරිසක් අතර හුවමාරු වී තිබෙනු ද දැක ගණනට ලැබුණි

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ෆෙස්බුක් ජාලයේ සංසරනය වන ඉහත ප්‍රවෘත්තී පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප මෙම  ප්‍රවෘත්ති සටහන් අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා වෙත යොමු කළෙමු. ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වුයේ “Absolutely false” ලෙසය. 

    තමා ඇමතිධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යැවු අතර එතුමා එම ලිපිය භාර නොගත් බව සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ඔහු අවධාරනය කළ අතර ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක්ද තැබු බව පැවසීය. ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට පහත සටහන නිරීක්ෂනය විය.

    අධිකරණ ඇමතිතුමාගේ ඉල්ලා අස්වීම තහවුරු කර ගැණිමට අප ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධ වුයෙමු. අප හා එක්වු එහි මාධ්‍ය නිලධාරියා පවසා සිටියේ අධිකරණ ඇමතිතුමා ඇමතිධුරයෙන් සහ මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිඳුන්ට ලිපියක් යොමු කළ බවට සහ එතුමන් එය ප්‍රතික්ෂේප කල බවට සමාජ මාධ්‍යයේ සැරිසරන පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවය.

    අධිකරණ ඇමති මොහොමඩ් අලි සබ්‍රි මහතා ඇමතිධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පැතිරෙන ප්‍රවෘත්තින්හී කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ඔහු විසින් News1st ප්‍රවෘත්ති සේවයට පැවසු බව එම විකාශයක පහත අයුරින් දක්නට ලැබුණි.

    බැදුම්කර නඩුව ඉදිරියට ගෙන ගිය නොහැකි බවට අධිකරණ ඇමතිතුමා ප්‍රකාශ කළ බවට පළ වන පුවත පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ එම පුවතද සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවය. දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී නීතිපතිතුමා බැඳුම්කර නඩුව පිළිබඳව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඔහු පාර්ලිමේන්තුව දැනුවත් කළ බවද පැවසීය.

    අධිකරණ ඇමතිතුමා බැඳුම්කර නඩුවේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරාවේ ඇති වාර්තා පරීක්ෂාකර බැලුවෙමු. ඩේලිමිරර් පුවත්පතේ මේ දැනුවත් කිරීම පිළිබඳව වාර්තාවක් පලකර තිබෙණු නිරීක්ෂනය විය. අද දෙරණ පුවත් සේවය එය වාර්තා කර තිබුනේ පහත අයුරින්.

    https://www.facebook.com/adaderana/posts/3288829104555429?__xts__%5B0%5D=68.ARAynE58xNERmYF4Cm7v8NkRVs8BOufOorHr1jkU9eCb178_DRTpywJmAz1h6HQ_tOvT23RSnPyrO6PeRarTITfN_Zep5hH9NUF5VApBPPIUK6-MinJ7JrkgilP7X6vN_jDbOG1VUl8Mfigb-FRSaZIwbfCCWnXsH7FERCDhNOv-UD_Ct4GMLe6MhSCisVZYHPDaG0uNF1VQGbI4_pJz_tR6CoYURL0zAa7GVS74r-65-_hkBWyld-1n3xgTp59bEEVbe0CTRV8Phmb1BSSJQ7Ju6I0_mtuFs-p_GLCKqzxqt4OtlIKrONVP-1Uf4hdjel5Xyo20W1lBvkU6udfnFhG5lg&__tn__=-R

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අධිකරණ ඇමති ජනාධිපති නිතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ ඇමතිධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා නොමැති බවයි. එමෙන්ම ඔහු බැදුම්කර නඩුව ඉදිරියට ගෙන ගිය නොහැකි බවක් ද පවසා තිබුනේ නැහැ

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.