Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?

    2022-03-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ  ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ

    මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ  ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඔබයි අපේ විරුවා ගීතය ජාතික උරුමයක් කිරීමට සංස්කෘතික ආමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ  සටහනක් හුවමාරු වී තිබුණා.

    එමෙන්ම එම ගීතය ජාතික උරුමයක් හැටියට නම් කිරීමටත් , ජාතික කෞතුකාගාරයේ බිත්තියක ලියා තබා සංරක්ෂණය කිරීමටත්, කිසියම් පුද්ගලයෙකුට එය ගායනය, වාදනය කිරීමට අවශ්‍ය නම් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්ගෙන් පූර්ව අවසරය ලබාගත යුතු බවට නියම කිරීමටත් ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බවට ජනාධිපති මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙයියනුවෙන්ද එහි වැඩි දුරටත් සඳහන් වේ.

    එම සටහන පහතින්.

    Facebook | Archived Link

    ෆේස්බුක් පරිශීලකයින් අතර එම සටහන සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    එමෙන්ම මෙම සටහන සත්‍ය බවට ඇතැම් පිරිසක් උපකල්පනය කර තිබූ බවට මේ සටහන් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසන් ලියනගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කළ මලින් ලියනගේ විසින් රචික චතුල ඉන්ද්‍රචාප සහ ටෙහානි ඉමාරා විසින් ගායන කරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂක මැතිවරණය සඳහා නිර්මාණය කරන ලද ‘වැඩ කරන අපේ විරුවා’ තේමා ගීතය ජාතික උරුමයක් හැටියට ප්‍රකාශ කරන බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි අප ප්‍රථයෙන්ම නිරීක්ෂණ කළ අතර එවැනි පුවතක් වාර්තා නොවී ඇති බවට දැක ගන්නට ලැබුණි.

    කෙසේ වෙතත් ඉහත ලිපියේ දැක්වෙන පරිදි ජනාධිපති මාධ්‍ය අංශය විසින් ද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු විය.

    අප මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම ජානාධිපතිවරයා විසින් එලෙස සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙම ගීතය සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු නොකළ බවත්, මාධ්‍ය වෙත හෝ ජනාධිපති කාර්යාලය විසින් මෙම ගීතය සම්බන්ධ කිසිදු නිවේදනයක් නොකළ බවයි එම අංශයේ මාධ්‍ය සම්බන්ධීකාරක සඳහන් කළේ.

    අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ කාර්යාලයෙන්ද විමසීමක් සිදු කළා. ඔවුන් පවසා සිටියේද, එවැනි නිවේදනයක් ලේකම්වරයාට නොලැබුණු බවයි. එමෙන්ම ‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට කටයුතු කිරීමට උපදෙස් දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලියවිල්ල පදනම් විරහිත ව්‍යාජ තොරතුරු රැගත් අසත්‍ය ලියවිල්ලක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Read more : ‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණය සඳහා නිර්මාණය කරන ලද ‘අපේ විරුවා’  තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගන්නා බවට සංස්කෘතික අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවට හුවමාරු වූ ලියවිල්ල ව්‍යාජ ලෙස සැකසූ අසත්‍ය ලියවිල්ලක් බවයි. මේ බවට ජනාධිපති මාධ්‍ය අංශය මෙන්ම සංස්කෘතික අමාත්‍යංශයද තහවුරු කරනු ලැබුවේ, මෙය අසත්‍ය ප්‍රචාරයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.