Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය විසින්, සම රහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 540කට අලෙවි කළ බවට පළවන්නේ ව්‍යාජ සටහනක්!

    2024-05-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : සීමා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    සීමාසහිත අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. එය එම සමූපකාර සමිතිය විසින් දැනුම් දී ඇති බවට එම සටහනින් අඟවා තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින් සංසරණය වී තිබුණා. Archived Link| Archived Link| Archived Link

    මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 13 වන දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ  නැවුම් කුකුල් මස් තොග මිල රු 950ක් වූ අතර. සාමාන්‍ය මිල රු.1070 ක අගයක් ගෙන තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

    මෙවන් මිල දර්ශකයක් යටතේත්, මාලිමාවේ බලය හිමි අකුරැස්ස සමූපකාර සමිතියේ කුකුල් මල් කිලෝවක මිල රු. 540ක වැනි මිලකට අලෙවි කරන බව ට දක්වා තිබීම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානයට ලක් ව තිබුණා.

    මෙහි නිරවද්‍යතාව විමසීම සඳහා අප එම සමිතියේ සභාපති වරයා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, එම සටහන් අසත්‍ය බවත්, අකුරැස්ස සමූපකාර සමිතියේ සැබෑ මිල ගණන් වෙනස් කොට එම සමිතියේ මිල ගණන් දැක්වෙන සැබෑ ආකෘතියක් වෙනස් කරමින් මෙලෙසින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බවයි. තවද අකුරැස්ස සමිතියේ සමූපකාරයේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල රු.940ක් ලෙස පැවති බවත් ඒ මහතා සඳහන් කළා.

    එමෙන් ම ඉහත සටහන ව්‍යාජ සටහනක් බවට පෙන්වා දෙමින් අකුරැස්ස සමූපකාර සමිතියේ නිල ෆේස්බුක් ගිණුමේ ද, සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිය, වර්තමානයේ ජාතික ජන බලවේගය මූලික කරගත් මණ්ඩලයකින් මෙහෙයවෙන අතර මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම NPPබලය ලබාගෙන තිබෙන සමූපකාර සමිති ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ ව්‍යාජ සහ උපහාසාත්මක සටහන් මාලාවක් ම නිර්මාණය වී තිබුණි. එවැනි සටහන් පිළිබඳ විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාජබ මුලික කරගත් මණ්ඩලයකින් මෙහෙයවෙන අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ සම රහිත කුකුල් මස් කිලෝවක මිල් රුපියල් 540ක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් ව්‍යාජ ලෙස සංස්කරණ කරන ලද සටහන් බවයි. ඒ බවට එම සමිතියේ සභාපතිවරයා ද, තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.