Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා ද?

    2022-10-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, මෙරට ප්‍රධාන ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සටන් සංසරණ වූවා. මෙහි නිරවද්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, මෙරට ප්‍රධාන ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සටන් සංසරණ වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “දිගු කාලයක් පුරාවට පිළිකා තත්ත්වය සමග සටන් කළ සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය මෙලොව හැර යයි” යනුවෙන් සඳහන් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම  සමාජ මාධ්‍ය ඔස්සේ ද, සටහන් සංසරණය වුණා.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    දකුණු අප්‍රිකාවේ ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, විදෙස් මාධ්‍ය ද, එම පුවත වාර්තා කර තිබු බවත් ඒ සඳහා ඩේවිඩ් මිලර් විසින් ම පළකර තිබු සටහන් පෙළක් යොදාගෙන තිබු බවයි.

    මිලර්ගේ සමාජ මාධ්‍ය සටහන්:

    ඉන්දියාවට සහ දකුණු අප්‍රිකාව අතර ද්විපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා දැනට ඉන්දියාවේ රාන්චි හි සිටින ඩේවිඩ් මිලර්, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් හසුරුව මගින් ඊයේ(08) දින ඔහු සහ දරුවෙකුගේ වීඩියෝවක් සමඟින් සංවේදී සටහනක් හුවමාරු කර ගෙන තිබුණා.

    View this post on Instagram

    A post shared by Dave Miller (@davidmillersa12)

    එමෙන්ම ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ ‘Story’ විශේෂාංගයේ ද, එම කුඩා දරුවා හා ඔහුගේ ඡායාරූපයක් පළ කර සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්.

    Archived Link

    මිලර් සඳහන් කර තිබුණේ, “ඔබව ගොඩක් මග හැරෙනවා මගේ ස්කට්! මම දන්නා ලොකුම හදවත ඔබටයි තිබෙන්නේ. සෑම විටම ඇදහිය නොහැකි තරම් ධනාත්මක සහ ඔබේ මුහුණේ සිනහවකින් යුක්ත ව ඔබ සටන් කරමින් වෙනත් ම මට්ටමකට ඔබ ළඟා වුණා. ඔබ ඔබේ ගමනේ සෑම පුද්ගලයෙකුම සහ සෑම අභියෝගයක්ම වැළඳ ගත්තා. ජීවිතයේ සෑම මොහොතකම වටිනාකම ගැන ඔබ මට බොහෝ දේ කියා දුන්නා! මගේ ජීවිතයේ ඔබ සමග ගමනක් යෑම පිළිබඳ මට නිහතමානීව සතුටක් දැනෙනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි.” යනුවෙනි.

    මිලර්ගේ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළවූ මාධ්‍ය වාර්තා:

    ඩේවිඩ් මිලර් මෙම සංවේදී සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කර ගැනීමත් සමග මේ ඔස්සේ නොමග ගොස් ඇති ඔහුගේ රසිකයන් මෙන්ම ඇතැම් මාධ්‍ය ධාරා ද ප්‍රකාශ කළේ, ඔහුගේ දියණිය මිය ගොස් ඇති බවයි. DNA, Sports Tiger සහ තවත් බොහෝ මාධ්‍ය සංවිධාන ප්‍රකාශ කළේ, ඩේවිඩ් මිලර්ගේ දියණියගේ මරණයට පත් වූ බවයි.

    කෙසේ වෙතත්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රසිකයන් කිහිප දෙනෙකු මාධ්‍ය සංවිධානයට සහ රසිකයින්ට දෝශා රෝපණ එල්ල කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබුණේ, එම සංවේදී සටහන සහ වීඩියෝව ඩේවිඩ් මිලර්ගේ දියණියගේ මරණය නොව පිළිකාවෙන් පෙළෙන ඔහුගේ කුඩා රසිකයෙකුගේ මරණය බවයි.  මාර්ගගත ක්‍රිකට් විශ්ලේෂකයෙකු වන Mufaddal Vohra ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ ඩේවිඩ් මිලර්ගේ ලොකුම රසිකයෙක් වූ ඈන් මිය ගිය බවත්. ඇය මිලර්ට සමීප වූ බවයි. මිලර්ට ශක්තිමත්ව සිටින ලෙස එම පණිවිඩයෙන් පවසා තිබුණේ මේ අයුරින්. Archived Link

    මිලර් සිය රසිකයකුගේ සංවේදී වීඩියෝව හුවමාරු කර ගැනීමත් සමග තවත් ක්‍රීඩා මාධ්‍යවේදියෙකු සඳහන් කළේ, ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගොස් නොමැති බවයි. “ඇය එයාගේ දුව නෙවෙයි යාලුවනේ. මිනිස්සු මේ ආරංචිය ප්‍රචාරය කරන්නේ ඩේවිඩ් මිලර්ට එයාගේ දුව නැති වුණා කියලා. ඇය ඔහුගේ රසිකයෙක්, සුබ පතන්නියක්, මිලර් ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඒ වගේම ඇය පිළිකාවකින් පරාජය වුණා.” යනුවෙන් ඔහු එක් කළ ට්විටර් පණිවිඩය මෙතනින්.

    Archived Link

    ඉහත සටහනේ පෙන්වා ඇති කප් කේක් සමඟ මෙම කුඩා දැරිය සිටින ඡායාරුපය මිලර්ගේ ම ඉන්ස්ටග්රම් ගිණුමේ මීට වසර පහකට පෙර 2017 මාර්තු මස පළකර තිබුනේ මෙලෙසින් . එහිදී ද ඔහු පිළිකාව සමඟ සටන් කරමින් සිටින එම අවධියේ පස් හැවිරිදි මෙම Anne නම් දිරිය දැරියගේ අගය කර තිබුණා.

    කෙසේවෙතත් පසුව මාධ්‍ය රැසක් මඟින් ම මෙම ඡායරුපවල දැක්වෙන්නේ මිලර්ගේ ම දියණියක් නොවන එහෙත් ඔහුට ඉතාමත් ලෙන්ගතු දැරියක් බවට සඳහන් කරමින් වර්තා පළකර තිබුණා. එවැනි සත්‍ය පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එසේම ක්‍රීඩකන් පිලිබඳ සටහන් පලකරන sports.breeze මගින්ද පළමුව නොදැනුවත්කම හේතුවෙන් මෙසේ මිලර්ගේ දියණිය මියගිය බව ද සඳහන් කොට සටහන් පළ කර බවත් පසුව මිලර් විසින්ම ඒ සිය දියණිය නොවන බව පැහැදිලි කිරීමත් සමග එය නිවැරදි කල බවටත් දක්වමින් සටහනක් ඉන්ස්ටග්රම් ඔස්සේ පළකර තිබුනේ මෙලෙසින්. මිලර්ගේ පැහැදිලි කිරීම තවත් රසිකයෙක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    අප මේ දිනවල ඉතා හොඳ පිතිකරණයක නිරත වන දකුණු අප්‍රිකානු සුපිරි වේගවත් පිතිකරුගේ පුද්ගලික ජීවිතය පිලිබඳ තොරතුරු සොයා බැලු අතර 1989 වසරේ උපත ලද මිලර්ගේ විවාහය ඇතුළු කරුණු පිලිබඳ නිල සඳහනක් දැක ගන්නට ලැබෙන්නේ නැති අතර බොහෝ වෙබ් අඩවිවල ඔහු අවිවාහක ලෙසයි සඳහන් කර තිබෙන්නේ cricketerlife | starsunfolded

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සුපිරි ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පළ වූ පුවත අසත්‍ය වන අතර එලෙස මිය ගොස් ඇත්තේ ඔහු ඉතාමත් ළඟින් ඇසුරු කළ කාලයක් තිස්සේ පිළිකාව සමඟ සටන් කල ඈන් නමැති ඔහුගේ කුඩා රසිකාවියකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.