Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මහබාගේ අනතුරේ 16 හැවිරිදි තරුණයාගේ පියා ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන් ද?

    2021-11-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    එක් පුද්ගලයෙකුට මරු කැන්දවමින් මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් එම ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ ඔහුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මෙම පියා ජාතික ජන බලවේගයේ සාමාජ

    එක් පුද්ගලයෙකුට මරු කැන්දවමින් මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් එම ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ ඔහුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. මෙම පියා ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු වන ඉස්මයිල් ආබ්දීන් බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ අද මහබාගේ අනතුර කරපු 16 හැවිරිදි තරුණයා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ඉස්මයිල් ආබ්දීන්ගේ පුත්‍රයා ඔහු ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක්.” යනුවෙන් එම අනතුර සම්බන්ධයෙන් පළ වූ සටහනක දක්වා තිබුණා.

    Facebook | Archived Link

    තවත් සටහනක් පහතින්

    Facebook | Archived Link

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ එම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    ඒ අනුව මෙම සටහන් වලින් පෙන්වා දෙනු ලැබුවේ එම අනතුර සිදු කරනු ලැබුවේ ජවිපෙ වෘත්තීය සමිති නායකයෙක් වන ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන්ගේ පුත්‍රයා බවටයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාව සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 03 වන දා උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී තිබූ  ජීප් රථයක් මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මීගමු සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබුණා.

    මෙම ජීප්රථය වයස අවුරුදු 16 ක තරුණයෙකු පදවා ගෙන ගොස් ඇති බව හෙළිවී තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මේ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත්වල ද ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි අනතුර සිදු කරනු ලැබූ දරුවාගේ පියා වන්නේ, ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන් බවට වාර්තා නොකර ඇති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

    එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ජීප්රථය පැදවූ වයස අවුරුදු 16 ක ළමයා සහ රියදුරු බලපත්‍රයක්ද නොමැති වයස අවුරුදු 16ක සිය දරුවාට මෝටර් රථය පැදවීමට ඉඩදීම සම්බන්ධයෙන් එම ළමයාගේ පියාද අත්අඩංගුවට ගත් බවත්, එම පියා මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙකු බවයි පුවත් පත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ. ඒ බවට පළ වූ පුවතක් මෙතනින්.

    සිදුවීමෙන් අනතුරුව එම අවස්ථාවේදී එම පියා මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළ වීඩියෝවකට ද අපගේ අවධානය යොමු වුණා. එම වීඩියෝව පහතින්.

    https://youtu.be/emxfLmVWihA?t=60

    අත්අඩංගුවට ගනු ලැබූ පියා කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, එම පුද්ගලයා මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකු බවත්, ඔහුගේ නම වන්නේ බස්තියන් නේට්‍රිගේ රුවන්ජිත් සඳරත්න නමැත්තෙකු බවයි. සිංහල ජාතියෙකුව සිටි එම පුද්ගලයා පසු කලකදී මුස්ලිම් ආගමට පැමිණ ඇති බවටයි මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ. එමෙන්ම එම පුද්ගලයා බ්‍රිහාන් ඉස්මයිල් ආබ්දීන් නොවන බවටයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

    ඉන් අනතුරුව අප ඉහත සටහන් වල නම සඳහන් වී තිබූ 2020 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ බ්‍රිහාන් ඉස්මයිල් ආබ්දීන් මහතාව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත් අතර ඒ මහතා සඳහන් කළේ. තමන්ගේ නම සහ ඡායාරූප ඇතුළත් කර දේශපාලන වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය තුළ පළ කරන බවයි. එමෙන්ම තමන්ට ද පුතුන් තිදෙනෙකු සිටින බවත් ඔවුන් සියල්ල 18 ඉක්මවූ වැඩිමහල් පුතුන් බවත්, මෙම අනතුර සිදු කරනු ලැබූ ළමයා සිටින්නේද, තමන්ගේ නිවස අසළ හෙයින් ද මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ ගත කර තමන්ටත් පක්ෂයටත් කැළලක් ඇති කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    මේ සම්බන්ධයෙන්  JVP Srilanka නිල ෆේස්බුක් පිටුවෙන් බ්‍රිහාන් ඉස්මයිල් ආබ්දීන් විසින් දැක් වූ අදහස් පහතින්.

    https://www.facebook.com/jvpsrilanka/videos/1505529306481847/

    Also Read: 

    FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

    FACT CHECK : නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, පුද්ගලයෙකුට මරු කැන්ද වූ ඊයේ දින මහබාගේ සිදු වූ මාරක රිය අනතුරේ ජීප් රථය පැදවූ 16 හැවිරිදි තරුණයාගේ පියා වන්නේ, ජාතික ජන බලවේගයේ ඉස්මයිල් ආබ්දීන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එම පුද්ගලයා මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකු වන බස්තියන් නේට්‍රිගේ රුවන්ජිත් සඳරත්න නමැත්තෙකු බවයි. එමෙන්ම මේ වන විට එම පුද්ගලයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවනු ලබනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.