Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තැබූ අවස්ථාවේ සත්‍ය වීඩියෝවක් ද?

    2025-03-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සත්‍ය සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන විට නොමග යන අන්දමින් එම සිදුවීම් වලට අදාළ නොවන ඡායාරූප, වීඩියෝ පළ කිරීම් දැක ගන්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙලෙසින් නොදැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවලදී සත්‍ය සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන විට නොමග යන අන්දමින් එම සිදුවීම් වලට අදාළ නොවන ඡායාරූප, වීඩියෝ පළ කිරීම් දැක ගන්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙලෙසින් නොදැනුවත්කම නිසා මෙලෙසින් අසත්‍ය තොරතුරු සමාජගත වනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    1980 වසරේදී ජර්මනියේ 7 හැවිරිදි Anna Bachmeier නම්  කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ව ඇයගේ මව වන Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තබා ඝාතකය කිරීම සිද්ධියේ සත්‍ය රූප රාමු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය කරුණු ද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ දක්වා ඇති කරුණු සත්‍ය වූවත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවේ වීඩියෝව ද, යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගත්තා. නමුත් ඉහත සිදුවීමේ නඩු වාරය පැවැත් වූ අවස්ථාවේ සත්‍ය  වීඩියෝවක් ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    මෙම  වීඩියෝව පිළිබඳ කළ පරීක්ෂණයේදී තහවුරු වූයේ මෙම සත්‍ය සිදුවීම අළලා නිර්මාණය කරන ලද චිත්‍රපටයේ කොටසක් මෙලෙසින් සත්‍ය සිදුවීමේ අවස්ථාවක් ලෙස පළ කර ඇති බවයි.

    A person holding an object

Description automatically generated

    imdb

    “The Marianne Bachmeier Case: No Time For Tears” (1984) නමැති මෙම චිත්‍රපටය Hark Bohm විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර මෙය මෙම සිදුවීමේ මව වන මේරියන් බැච්මියර්ගේ(Marianne Bachmeier) සිද්ධිය පාදක කරගත් ජර්මානු චිත්‍රපටයකි. 

    1981 දී ඇගේ 7 හැවිරිදි දියණිය වන ඇනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයට ලක්ව සිටි ඝාතකයා වූ ක්ලවුස් ග්‍රබොව්ස්කි (Klaus Grabowski) ට බැච්මියර් විසින් වෙඩි තැබීම වටා ඇති සිදුවීම් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. මිනිත්තු 105 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයේ මාරි කොල්බින්(Marie Colbin) බැච්මියර්ගේ චරිතය නිරූපනය කරනු ලබයි.

    මෙම සම්පූර්ණ චිත්‍රපයට YouTube ඔස්සේ පළ කර තිබූ අතර එහිදී ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන කොටස ද දැක ගන්නට ලැබේ. 

    1982 වසරේ දෙසැම්බර් 21/28 The Bulletin පුවත් පතේ මේරියන් බැච්මියර්ගේ සත්‍ය ඡායාරූපයක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Marianne Bachmeier, on trial for shoot – National Library of Australia

    මේරියන් බැච්මියර් සිය දියණියගේ ඝාතකයාට උසාවියේ දී වෙඩි තිබු සිදුවීම 

    1980 මැයි 5 වන දින 7 හැවිරිදි ඇනා, ඇගේ මව සමඟ ආරවුලක් ඇති කර ගත් අතර එදින පාසල් නොයා නිවසේ රැඳී තිබේ. මෙම දිනයේ දී, බැච්මියර්ගේගේ අසල්වැසි නිවසක ජීවත් වූ 35 හැවිරිදි මස් වෙළෙන්දෙකු වන ග්‍රබොව්ස්කිගේ නිවසට එම දියණිය ගොස් තිබියදී මොහු විසින් ඇනා පැය කිහිපයක් ඔහුගේ නිවසේ තබාගෙන, ඇයට ලිංගික අතවර කර තිබේ. අවසානයේ ගෙල සිර කර මරා දමා දැරිය බැඳ පෙට්ටියක දමා, එය ඇළ ඉවුරක තබා ගොස් ඇති බව ත්, පසුව ග්‍රබොව්ස්කිගේ පෙම්වතිය ඔහුව පොලිසියට භාර දී ඇති බව ත් වාර්තාවේ.

    ග්‍රබොව්ස්කි වරදකරු වූ ලිංගික අපරාධකරුවෙකු වූ අතර මීට පෙර ගැහැණු ළමයින් දෙදෙනෙකු ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලබා තිබුණි. අත්අඩංගුවට ගත් පසු, ග්‍රබොව්ස්කි ප්‍රකාශ කර ඇත්තේ ඇනා තම මවට අපයෝජනය ගැන පවසන බවට තර්ජනය කිරීමෙන් ඔහුගෙන් මුදල් කප්පම් ගැනීමට උත්සාහ කළ බවයි. නැවත සිරගෙට යාමට ඇති බිය නිසා ඇයව මරා දැමීමට ඔහු පෙළඹවූ බව ඔහු සඳහන් කර තිබේ.

    1981 මාර්තු 6 වන දින, ග්‍රබොව්ස්කිගේ නඩු විභාගයේ තුන්වන දිනයේ උදේ 10 ට පමණ,  ලුබෙක් දිස්ත්‍රික් උසාවියේ අධිකරණ ශාලාවට  Beretta 70 වර්ගයේ පිස්තෝලයක් හොර රහසේ රැගෙන ආ මේරියන්, ඉන්පසු ඇය තම දියණියගේ ඝාතකයා බවට පාපොච්චාරණය කළ ක්ලවුස් ග්‍රබොව්ස්කිගේ පිටුපසට හත් වතාවක් වෙඩි පහර එල්ල කල අතර ඔහු ක්ෂණිකව පාහේ මිය ගියේය.

    එහි ප්‍රතිඵලයක් වශයෙන්, මනුෂ්‍ය ඝාතනයක් සහ නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බැච්මියර් වරදකරු විය.

    ඇයට වසර හයක සිර දඬුවමක් නියම වූ නමුත් වසර තුනක් සිර දඬුවම් විඳීමෙන් පසු ඇය නිදහස් කරන ලදී. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Read in English : Film Scene Misidentified as Mother’s 1981 Courtroom Shooting 

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 1980 වසරේදී ජර්මනියේ 7 හැවිරිදි Anna Bachmeier නම්  කුඩා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ව ඇයගේ මව වන Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තබා ඝාතකය කිරීම සිද්ධියේ සත්‍ය රූප රාමු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ දැක්වෙන්නේ, “The Marianne Bachmeier Case: No Time For Tears” (1984) නමැති මේරියන් බැච්මියර්ගේ(Marianne Bachmeier) සිද්ධිය පාදක කරගත් ජර්මානු චිත්‍රපටයක එම සිද්ධියට අදාළ වීඩියෝවෙන් කොටසකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.