Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රොබෝ තාක්ෂණයෙන් ගොයම් කපන වීඩියෝවේ ඇත්ත කතාව!

    2024-02-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිනෙන් දින දියුණු වන තාක්ෂණික මෙවලම් යොදාගනිමින්, ඉතා පහසුවෙන් සිදුකරන ඡායාරුප සහ වීඩියෝ නිර්මාණ, ඇතැම් අවස්ථාවලදී නොමග යවන සුළු අර්ථකතන ඇතිව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් නොම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    දිනෙන් දින දියුණු වන තාක්ෂණික මෙවලම් යොදාගනිමින්, ඉතා පහසුවෙන් සිදුකරන ඡායාරුප සහ වීඩියෝ නිර්මාණ, ඇතැම් අවස්ථාවලදී නොමග යවන සුළු අර්ථකතන ඇතිව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපේ ගොවියෝ පොහොර ටික ගන්න සල්ලි නැතිව ඉන්නවා” යනුවෙන් සඳහන් කරමින් රොබෝවරුන් ගොයම් කපන අයුරු දැක්වෙන වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook FB

    ටික්ටොක් ඔස්සේ මෙම වීඩියෝව ලොව පුරා විවිධ භාෂා වලින් හුවමාරු වී තිබුණි. එවැනි වීඩියෝවක් පහතින්.

    @chenimartinez3

    #fypシ #para #robots

    ♬ sonido original – Yareli

    රොබෝවරුන් නොයෙකුත් ක්‍රියාවන් වල යෙදෙන අයුරු දැක්වෙන මෙවැනි වීඩියෝ කිහිපයක් අපට ‘X’ ඔස්සේ දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    මෙහි ඇතැම් දර්ශන හොඳින් පරික්ෂා කිරීමේ දී සත්‍ය වීඩියෝවක් නොවන බවත්, පරිෂණක මෙවලම් ඔස්සේ සිදුකර ඇති නිර්මාණයක් බව අනුමාන කල හැකියි. මේ පිලිබඳ වැඩිදුර කරුණු පරීක්ෂාවක් සිදුකිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    සංසරණය වන වීඩියෝ හොඳින් නිරීක්ෂණයේදී පෙනී යන්නේ, රොබෝවරුන්ගේ චලනයෙහි යම් යම් විෂමතා දැක ගන්නට ලැබෙන බවයි. එසේම, කෙටි වීඩියෝවේ ඇතැම් අවස්ථාවන්හි දී ඔවුන්ගේ පාද පොළව මත පතිත වී නොමැති බවත්, රොබෝවරයාගේ සිරුරේ කොටස වටා මතුපිට පැහැදිලි බවක් නොමැති බොඳ වී ඇති බව යන කරුණු අපගේ අපගේ අවධානයට ලක් වුණා.

    මේ හේතුවෙන් අප මෙම වීඩියෝව Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එය @TheFigen_ යන ‘X’ ඔස්සේ පසුගිය ජනවාරි මස පළකර තිබු බවක් දැක ගන්නට ලැබුණි. එහිදී ද මෙම වීඩියෝව AI තාක්ෂණය (කෘතිම බුද්ධිය) ඔස්සේ නිර්මාණය කරන ලද බවට බොහෝ පරිශීලකයින් ද මෙලෙසින් සඳහන් කර තිබු අතර, අදාළ වීඩියෝ සටහන පසුව ඉවත්කරගෙන තිබුණි. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් ද මෙතනින්.

    මෙම නිර්මාණ සිදුකරන්නේ කෙaසේ ද ?

    Wonder Studio යනු, සජීවී ක්‍රියාදාම දර්ශන පෙළක්, පරිඝණක ආශ්‍රිත නිර්මාණ මඟින් (CG) ස්වයංක්‍රීයව සජීවිකරණ ක්‍රියාවලි ඔස්සේ නිර්මාණ සිදුකරණ AI මෙවලමකි. මිනිස් චලනයන්ගේ ආධාරයෙන් ත්‍රිමාණ රොබෝ චලන දැක්වෙන වීඩියෝ තැනීම එහි දීර්ඝ ලෙස විස්තර කෙරෙනවා. ඒ වගේම එය ආශ්‍රයෙන් හදපු විවිධ වීඩියෝ පිළිබඳව 2023 දෙසැම්බර් මස YouTube නාලිකාවක පළ වූ වීඩියෝවක දක්වා තිබුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන රෝබෝවකු ගොයම් කපන බව දැක්වෙන වීඩියෝව ද ඒ ආකාරයෙන් මිනිසෙකුගේ චලනයන් යොදනිම්න් නිර්මාණය කර ඇති බව පැහැදිලි වන්නේ, එම පසුබිම් දර්ශන පෙළටම වෙනත් ආකාරයේ රොබෝවන් ද ආදේශ කරමින් මේ ආකරයේ ද වීඩියෝ නිර්මාණය වී තිබීමේ හේතුවෙන්.

    ගොවිතැන් කටයුතු සඳහා රොබෝ තාක්ෂණය යොදාගන්නා අවස්ථා

    විශේෂයෙන්ම බොහෝ බටහිර රටවල කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා ස්වයංක්‍රීය යන්ත්‍ර මෙන්ම රොබෝ තාක්ෂණය ද භාවිතා කෙරෙනවා. බෝග සිටුවීමේ සහ අස්වනු නෙලීමේ සිට පශු සම්පත් අධීක්ෂණය සහ කළමනාකරණය කිරීම දක්වා අංග රැසක් සඳහා මෙවැනි තාක්ෂණික ක්‍රමවල සහය කෘෂිකාර්මාන්තයේ යොදාගන්නා අවස්ථා වාර්තා වෙනවා. වී ගොවිතැන සඳහා ද එසේ රොබෝ තාක්ෂණික ක්‍රම යොදාගැනීම පිලිබඳ සාර්ථක අත්හදා බැලීම් මෙසේ සිදුකර තිබෙනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රොබෝවරුන් ගොයම් කපන අයුරු යනුවෙන් දැක්වෙන වීඩියෝව සත්‍ය ලෙසම රොබෝවෙකු ගොයම් කපන අවස්ථාවක වීඩියෝවක් නොව, මිනිස් චලනයන් රොබෝවෙකු විසින් සිදුකරන බවට පරිඝණක සජිවිකරණයට ලක්කරන AI(කෘතිම බුද්ධිය) මෙවලමක් ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.