Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මෑතකදී අවසන් ගමන් ගිය කලාකරුවෙකු පිළිබඳ සටහනක් ද?

    2021-09-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉමහත් ප්‍රේක්ෂක හදවත් ගෞරවාදරයට පාත්‍ර වූ සුනිල් පෙරේරා කලාකරුවාණන් පසුගිය දා දිවියෙන් සමු ගැනීමත් සමඟ ඔහුට නිවන් සුව පතා, ලංකාවේ කලා ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය පිළිබඳ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණි. මෙවන් පසුබිමක මේ ආකාරයෙන්ම

    ඉමහත් ප්‍රේක්ෂක හදවත් ගෞරවාදරයට පාත්‍ර වූ සුනිල් පෙරේරා කලාකරුවාණන් පසුගිය දා දිවියෙන් සමු ගැනීමත් සමඟ ඔහුට නිවන් සුව පතා, ලංකාවේ කලා ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වය පිළිබඳ සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණි.

    මෙවන් පසුබිමක මේ ආකාරයෙන්ම නමක් දාරා සිටින ප්‍රවීණ කලාකරුවෙකුගේ ඡායාරුපයක් සමඟ හුවමාරු වූ සටහනක්, මේ දිනවල හුවමාරු වේ තිබු බැවින්, ඒ පිළිබඳ අප විමසීමක් සිදුකළා. 

    සමාජ මාධ්‍ය සටහන්:

    හුරුපුරුදු මුහුණක් ද සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ෆේස්බුක් සටහනක දක්වා තිබු විස්තරය පහතින්.

    “වෙනදා වගේ හැමෝම ෆේස්බුක් එකපුරා නිවන් සුව පතලා නෑ මහත්තයෝ, අමතක වෙලා වෙන්න ඇති. නැත්නම් කවුද කියලා නොදැන ඇති.. එත් පුංචි කාලෙ ඉඳන් ටීවී. චිත්‍රපටිවල ඔබව බලපු අපිට, අපෙන් වෙන්වුණු ඒ හිනාවඅ අමතක වුණේ නෑ, පරිස්සමින් ගිහින් එන්න, ඔබට නිවන් සුව..” 

    Facebook | Archived    

    එම සටහනම හුවමාරු කරගෙන තිබූ අවස්ථා කිහිපයක් පහතින්.

    මෙම සටහන් සඳහා ප්‍රතිචාර වශයෙන් බොහෝ දෙනෙක් නිවන් සුව පතා තිබූ අතර ඇතැම් අය මෙය පැරණි සිදුවීමක් බවත් හඳුනාගෙන තිබුණි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරුපය බැලූ බැල්මටම ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තගේ බවක් පෙනී ගිය බැවින් ඒ ඔස්සේ මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූපය පරීක්ෂා කිරීමේ දී එය මීට වසර 5 කට පමණ පෙර 2016 වසරේ නොවැම්බර් මස එතුමාගේ වියෝවීමත් සමඟ මුල් වරට පළවී තිබූ සටහන්වල ස්වරූපයක් මෙසේ ද දැක ගන්නට ලැබුණි.

    සම්පුර්ණ ලිපිය මෙතනින්. Archived

    විවිධ අසනීප තත්ත්වයන් කිහිපයකින්ම පෙළුණු විමල් කුමාර කොස්තා ප්‍රවීණ රංගන ශිල්පියා 68  වියේදී මෙසේ 2016 නොවැම්බර් මස 20 වනදා දිවියෙන් සමුගත් පුවත සම්බන්ධ වාර්තා රැසක් එම අවධියේ අපට මෙලෙස දැක ගන්නට ලැබුණා.

    Lankadeepa | Ada Derana | Dinamina

    එතුමාගේ රංග දිවිය පිලිබඳ වීඩියෝවක් මෙතනින්

    එවකට ජනපති ඇතුළු විවිධ දේශපාලකයින් එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබූ බවට පළවී තිබුණ ද කලාකරුවන් රැසක් ඒ සඳහා සහභාගී නොවූ බවට පළවූ තවත් වාර්තාවක් මෙතනින්.

    කෙසේනමුත් මෙම සිදුවීම මීට වසර 5 කට ආසන්න කාලයකට පෙර සිදුවීමක් වන අතර මේ ආකාරයේ නිවන් සුව පතමින් නැවතත් සටහන් හුවමාරු වීම තුළින් මේ දිනවල සිදුවීමක් බවට ඇතැම් පිරි නොමඟ ගොස් තිබූ බැවින් ඉහත දැක්වූ මුල් සටහන පසුව යාවත්කාලීන කරගෙන තිබූ බවක් ද අපට දැක ගන්නට ලැබුණි. එම නව විස්තරයේ මෙලෙසින් දැක්වුණේ “මේ අග්‍රගන්‍ය කලාකරුවාගෙ නික්ම යාම මීට අවුරුදු කීපයකට පෙර බව මම දන්නෙම්‍ , නමුත් මෙම පෝස්ට් එකෙ මුල් අරමුණ මා දුටුවේ මෙම මහා කලාකරුවාගෙ මතක ආවර්ජනය කර ඔහුගේ ආත්මයට තවදුරටත් ශාන්තියක් ලබා දීමයි . 1000 ආසන්න ප්‍රමාණයක් ඔහුට නිවන් සුව පතා තිබේ. මෙය ඔහුගේ පවුලේ උදවිය දුටු විට සතුටු වෙනවා නොඅනුමානය. ආදරණීය මහා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා.” යනුවෙනි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) : 

    මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ මීට වසර 5කට පෙර ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර කොස්තා මහතා අභාවප්‍රප්‍රාප්ත වූ අවස්ථාවේ එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් බොහොමයක් නොපැමිණීම මුල් කරගනිමින් පළවූ සටහනක් නැවත වරක් මේ දිනවල හුවමාරු වීම තුළින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙය මැතක දී වූ සිදුවීමක් ලෙස නොමග ගොස් තිබූ බවයි.

    Also Read : FACT CHECK: කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.