Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

    2023-10-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික ක

    ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි.

    කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ ජාලාවල පළවෙනවා. මේ ,එවන් වීඩියෝපටයක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ලංකාවේ නුවර ප්‍රදේශයේ සිදුවූ ජල ගැලීමක් ලෙස හඟවමින් KANDY ලෙස ඉංග්‍රීසි බසින් වීඩියෝවේ සටහන් කර තිබු අතර එහි පෙන්නුම් කරන්නේ ජලයෙන් යටවූ නාගරික මාර්ගයක් මතින් ඇදී යන ගසක් මත පුද්ගලයින් දෙදෙනෙකු නැගී ගමන් කරන අවස්ථාවක්. එම වීඩියෝව බොහෝ දෙනෙක් හුවමාරු කර ගෙන තිබුනේ මෙලෙසින්

    Facebook| Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    සත්‍ය කරුණු විමසා බැලීම ( Fact Check ) 

    Invid- We Verify තාක්ෂණය ඔස්සේ අප මෙම වීඩියෝව පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දක්නට හැකිවුණේ මෙය ලංකාවේ සිද්ධියක් නොව දකුණු ඇමෙරිකාවේ රාජ්‍යයක් වන කොලොම්බියාවේ සිදුවූ දෙයක් බවයි.

    කොලොම්බියාවේ Barranquilla ප්‍රදේශය පිළිබඳව දිනපතා තොරතුරු සපයන X සමාජ ජාලයේ ගිණුමක, ඒ පිළිබඳව පසුගිය ඔක්තෝබර් 13 වනදා පෝස්ටුවක දක්වා දැක්වුණේ පහත අයුරින්.

    එහි සඳහන් වන්නේ මෙය කොලොම්බියාවේ Barranquilla ප්‍රදේශයේ Carrera 40 and Calle 41 මාර්ග සහිත නාගරියක ප්‍රදේශයේ ඇතිව තිබු ගංවතුර තත්වය හේතුවෙන් කඩාවැටී තිබු ගසක් මත මේ ආකාරයට පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගත් අවස්ථාවක් දැක ගන්නට ලැබුණු බවයි.

    වීඩියෝව හොදින් නිරීක්ෂණය කිරීමේදී එම මාර්ගවල නම සඳහන් පුවරුවක්ද දිස්වෙනවා.

    මෙම ස්ථානය පිලිබඳ Google Maps ඔස්සේ සිදුකළ සෙවීමේ දී ද අප අපට කොලොම්බියාවේ Barranquilla නගරයේ පිහිටා ඇති අදාළ ස්ථානය මෙලෙස සොයා ගැනීමට හැකිවුණා. Google Street View මඟින් එම ස්ථානය දිස්වන්නේ මෙතනින්

    ඒ අනුව ද මෙම වීඩියෝව ලංකාවේ ගංවතුර සිදුවීමක් නොව කොලොම්බියාවේ සිදුවීමක් බව තහවුරු වෙනවා.

    කෙසේවෙතත් නුවර සහ ආශ්‍රිත ප්‍රදේශවලට ද ඔක්තෝබර් මාසයේ දී තද වැසි සහිත තත්වයන් ඇතිව තිබු බවට වාර්තා වී තිබුණා. එවැනි එක් වාර්තාවක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය )

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ මෙම ජල ගැලීම ලංකාවේ මහනුවර සිදුවීමක් නොව, මීට දින කිහිපයකට පෙර, දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ සිදුවීමක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-10-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.