Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

    2023-06-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    SUV මෝටර් රථයක් ගංවතුර අවස්ථාවක දී ගසා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ව සංසරණය වුණා. මේ අතර මෙය හපුතලේ වූ සිදුවීමක් ලෙස ද, ඇතමුන් නොමග ගොස් තිබුණා.

    Facebook

    WhatsApp ඔස්සේ ද, මෙම වීඩියෝ ව බහුලව සංසරණය වූයේ මෙය හපුතලේ වූ සිදුවීමක් බවට අඟවමිනි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කටයුතු කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රදේශයේ, වර්ෂාපතය හමුවේ ඇති වූ මෙවැනි හදිසි ගංවතුර තත්වයක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළත්, මෙවැනි වීඩියෝවක් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා නාලිකා සිය පුවත් විකාශනයේදී හෝ දක්වා නොතිබුණු බවට අපට ප්‍රත්‍යක්ෂ වුණා.

    මේ හේතුවෙන් අප මෙම වීඩියෝවේ ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. එහිදී බොහෝ රටවල සමාජ මාධ්‍ය වේදිකාවල මෙම වීඩියෝවේ විවිධ කෝණ ඇතුළත් වීඩියෝ රාශියක් දැක ගන්න ට ලැබේ.

    මෙය මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවා රාජ්‍යයේ සිදුවීමක්!

    මෙම වීඩියෝව මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාවෙන් වාර්තා වී තිබුනේ මැයි 29 වන දා යි. Veracruz ප්‍රදේශයේ මාර්ගයක ඇති වූ ගංවතුර තත්ත්වය නොසලකා හරිමින් Alberto Uriel Romero Martíne නමැති එම පුද්ගලයෙකු, තවත් මෝටර් රථ මාර්ගයේ නතර කර තිබියදී, ඒවා ද ඉස්සර කරමින් තම Toyota 4×4 SUV මෝටර් රථය ධාවනය කරගෙන, ඒ වනවිටත් වතුරින් යටවී තිබු මාර්ගය හරහා යාමට සුදානම් වූ අවස්ථාවක දී, ජාල ධාරාව වැඩිවී, මෝටර් රථය සැඩ පහරට ගසාගෙන ගිය අවස්ථාවක් මෙම විදියෝවෙන් දැක්වෙනවා. සම්පුර්ණ වීඩියෝව පරික්ෂා කිරීමේ දී අදාළ රියදුරා මෝටර් රථයෙන් ඉවතට පැන තම ජීවිතය බේරා ගැනීමට තැත් කරන අයුරුත් පෙනී ගිය ද, නිකරගුවාවේ මාධ්‍ය වාර්තා කළේ අවසානයේ රියදුරාට සිය ජීවිතය ද අහිමි වූ බවයි.

    මෙම වසරේ නිකරගුවාවෙහි ආරම්භ වන ශීත ඝෘතුවේ පළමු වර්ෂාපතනය වූ අවස්ථාවේදී මෙලෙසින් මෙම අවසනාවන්ත සිදුවීම වාර්තා තිබුණා. ඒ බවට පළ වූ විදෙස් මාධ්‍ය වාර්තාවක් මෙතනින්. Archived Link. මේ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ තව ත් වීඩියෝවක් මෙතනින්. Archived Link

    ඉන් අනතුරුව අප පරීක්ෂා කළේ, හපුතල ප්‍රදේශයේ මෑතකදී ගංවතුර තත්ත්වයක් ඇති වූවාද නැතහොත් එම ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්නයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    හපුතලේ නාය යෑම් අවදානමක් ඇති  ප්‍රදේශයක් බවත්, එනම්, හපුතලේ වසරේ දින 365ම යම් අවදානම් මට්ටමක පවතින බවත් අප කළ විමසීමේදී බදුල්ල දිස්ත්‍රික්කයේ මෙහෙයුම් භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහකාර අධ්‍යක්ෂක උදය කුමාර මහතා අප කළ විමසීමේදී සඳහන් කළා.

    කෙසේවෙතත් මේ දිනවල හපුතලේ ප්‍රදේශයට අඩු වර්ෂාපතනයක් පවතින අතර  දැනට පවතින නිරිතදිග මෝසම් තත්ත්වය කොළඹට සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට විශේෂයෙන් බලපෑම් සිදුකළත්, හපුතලේ ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයට එතරම් බලපෑමක් සිදු නොවන බැවින්, මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

    ජූනි මාසය හපුතලේ ප්‍රදේශයේ වියළි ම මාසවලින් එකක් ලෙස සැලකිය හැකිය. ඒ බවට දැක්වෙන වාර්තාවක් මෙතනින්. Archived Link

    එමෙන් ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් මෑතකදී නිකුත් කරන ලද නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිරීක්ෂණය කිරීමේදී ද බදුල්ල දිස්ත්‍රික්කය එහි සඳහන් කර නොමැති බවත් අපට දැක ගන්නට ලැබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    මාර්ගයක් හරහා ඇතිවූ ගංවතුර තත්ත්වයක් නොසළකා හරිමින් සිය රථය ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝව මෙරට හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් නොව, මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාහි වූ සිදුවීමකි. එසේම මේ දිනවල හපුතලේ ප්‍රදේශයට අඩු වර්ෂාපතනයක් පවතින අතර මෙවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව අඩු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-06-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.