Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

    2024-07-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී නැහැ.

    මෙරට කඳුකර ප්‍රදේශයේ දිවියෙකු විසින් කුඩුවක් තුළ සිටින සුනඛයින් දඩයම් කිරීමට මාන බලන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංංසරණය වූ වීඩියෝව මෙරට සිදුවීමක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    හැටන් ප්‍රදේශයේ සිදුවීමක් බවට විස්තරයක් ලබාදෙමින් හුවමාරු වූ මෙම දර්ශන පෙළින් දැක්වෙන්නේ කුඩුවක් තුළ සිටින සුනඛයන් වෙත ආක්‍රමණය කිරීමට ඉඩකඩක් බලන කොටියෙකි. කෙසේවෙතත් කිහිප අවස්තාවක් ම එවැනි උත්සාහයක් දරුවද එම දැල් ගසා ඇති බලු කුදුව තුළට ප්‍රවේශ වීමට අපොහොසත්වන කොටියා, අවසානයේ එම පරිශ්‍රයෙන් ඉවතට ගමන් කරන අයුරු ද වීඩියෝවෙන් දැක්වෙනවා.

    FB | Facebook

    මේ සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම වීඩියෝව මෙරට සිදුවීමක් ලෙස අඟවා ඇති බවයි.

    මෙහි සත්‍ය සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ ද, යන්නයි. නමුත් ඉහත සටහන් වල පෙන්වා දෙන පරිදි මෙරට පුස්සැල්ලවා, හැටන් යන ප්‍රදේශ වලින් හෝ වෙනත් ප්‍රදේශයක, මෙවනි දිවියෙකුගේ මේ ආකාරයේ ආක්‍රමණයක් ගැන පුවතක් වාර්තා නොවුණි.

    මේ හේතුවෙන් ඉහත වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්න ලැබුණේ, මෙම සිදුවීම ලංකාවේ නොව, ඉන්දියාවේ වූ සිදුවීමක් බවයි.

    පසුගිය ජූලි 18 වන දා එරට මාධ්‍ය වාර්තා කර තිබුණු වීඩියෝවක දැක්වූයේ මෙම සිදුවීම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නිල්ගිරි දිස්ත්‍රික්කයේ කොටගිරි ප්‍රදේශයේ නිවසක සිටි සුනඛයන් ඩැහැ ගැනීමට කොටියෙකු පැමිණි අවස්ථාවක් බවයි.

    මේ සම්බන්ධයෙන් එරට මාධ්‍ය පළ වූ තවත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

    අප Factcrescendo India කණ්ඩායම ද, තහවුරු කළේ, මෙය ඉන්දියාවේ කොටගිරි ප්‍රදේශයේ වූ සිදුවීමක් බවයි.

    අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා නුවර, හැටන්, පුස්සැල්ලාව, මස්කෙළිය ප්‍රදේශයන්හි ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, දිවියන් නිවෙස් වලට පැමීණීමේ සිදුවීම් වරින් වර වාර්තා වූවත්, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට සිදුවීමක් නොවන බවයි.

    කෙසේනමුත් කඳුකර කොටින් සමඟ එම ප්‍රදේශවාසීන්ගේ ඇතිවූ ගැටුම්කාරී තත්වයන් පිළිබඳව සෑම වසරක දීම වාගේ වාර්තා වෙන බැවින් මේ ආකාරයට දකුණු ඉන්දියාවේ වීඩියෝ දර්ශන හේතුවෙන්, එහි පරිසරය ද ලංකාව බොහෝ සෙයින් සමාන බැවින්, විශාල පිරිසක් මෙමඟින් නොමඟ ගිය අවස්ථා මීට පෙරත් අපට හමු වී තිබෙනවා. එවැනි අවස්ථාවක් ගැන මීට පෙර සිදුකළ කරුණු අනාවරණයක් පහතින්.

    Also Read: මස්කෙළිය ප්‍රදේශයේ නිවසකට, දිවියෙකු කඩා වැදුණු අවස්ථාවක CCTV දර්ශන පෙළක් ද?

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කූඩුවක සිටින සුනඛයෙකු ග්‍රහණය කිරීමේ අවස්ථාවක් මෙරට සිදුවීමක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවල දැක්වෙන්නේ ඉන්දියාවේ කොටගිරි ප්‍රදේශයේ වූ සිදුවීමක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-07-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.