Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනි කාන්ත්ගේ වීඩියෝවක් ද?

    2023-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “රජිනිකාන්ත් ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook

    මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි සිටින්නේ රජිනිකාන්ත් බවට බොහෝ ෆේස්බුක් පරිශීලකයින් ද, ප්‍රතිචාර දක්වා තිබුණා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අනාවරණය වුයේ, ඉන්දීය සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර ද ඉතා ජනප්‍රියත්වයට පත් ව තිබු, රජිනි කාන්ත්ගේ මුහුණුවරට බොහෝ සමානකමක් දක්වන, වෙනත් ඉන්දියානු පුද්ගලයෙකුගේ වීඩියෝවක් මෙලෙසින් ලාංකික පාඨකයින් අතරේ ද හුවමාරු වන බවයි.

    මේ පිළිබඳ ඉන්දීය මාධ්‍යද, වාර්තා කර තිබූ අතර, අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා ඉන්දියාවේ ෆෝට් කොචි හි පට්ටලම් පාරේ තේ කඩයක් පවත්වාගෙන යන සුදාකර් ප්‍රභූ නමැති පුද්ගලයෙක් බව දැක්වෙනවා.

    ෆෝට් කොචි හි සිටි මලයාලම් නළු අධ්‍යක්ෂක නදිර්ෂා විසින් ඔහුගේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ගොස් සිටි විට රජිනි කාන්ත්ගේ රුවට සමාන පෙනුමැති මෙම පුද්ගලයා හඳුනාගෙන ඔහුගේ පින්තූර කිහිපයක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු කර ගෙන තිබෙනවා. 

    ඔහුගේ පින්තූර සහ වීඩියෝ බොහෝ දෙනා අතර හුවමාරු වීමෙන් පසුව, සුදාකර් ප්‍රභූ මහතාට කේරළය පුරා විවිධ සිදුවීම් සහ උත්සව සඳහා ආරාධනා ලැබී තිබු බව ද වාර්තා වෙනවා.

    මේ අතර, රජිනිකාන්ත් ඔහුගේ 170 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉන්දීය දමිළ සුපිරි රංගන ශිල්පී රජිනි කාන්ත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ රජිනි කාන්ත් නොව ඔහුගේ රුවට සමාන ඉන්දියාවේ කේරළයේ ෆෝට් කොචි හි පට්ටලම් පාරේ තේ කඩයක් පවත්වාගෙන යන සුදාකර් ප්‍රභූ නමැති පුද්ගලයෙකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.