Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙම සටහනේ දැක්වෙන්නේ සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප ද?

    2020-01-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති  ත්‍රස්තවාදය සමාජ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන්ට බරපතල හානි සිදු කළේය. පැවති  ත්‍රස්තවාදය 2009.05.19 වන දින ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුධමය වශයෙන් සම්පුරණයෙන්ම පරාජයට පත් කළේය. ලංකේය සමාජය තුල ආරක්ෂක

    ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න කාලයක් පැවති  ත්‍රස්තවාදය සමාජ දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික ප්‍රවාහයන්ට බරපතල හානි සිදු කළේය. පැවති  ත්‍රස්තවාදය 2009.05.19 වන දින ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ යුධමය වශයෙන් සම්පුරණයෙන්ම පරාජයට පත් කළේය. ලංකේය සමාජය තුල ආරක්ෂක අංශ කෙරෙහි පවතින්නේ දැඩි භක්තියකි.

    හමුදා සාමාජිකයන් පිරිසක් පුහුණුවීම්හි නිරතවන ආකාරයේ ඡායාරූප පෙළක් ” වින්නා ” නම් ෆේස්බුක් පිටුවෙහි  නිසදැසක ආකාරයේ කවි සටහනක් ද සමග හුවමාරුවන අයුරු දක්නට ලැබේ.

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක භටපිරිස් ත්‍රස්තවාදයට එරෙහි අවසන් සටනේ කල මානුෂික මෙහෙයුම අගයමින් එම නිසදැස පළකර තිබේ. එම සටහන සමග පලවන ඡායාරූප සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප ද යන්න පිලිබදව පිලිබඳ සැක සහිතය.

    එම කවිය සහ සටහන පහතින්. 

    “උපුටා ගැනීමකි….යකෝ බලාපියව්, බඩට කන්න නැතුව, බොන්න වතුර පොදක් නැතුව , ඇළවල් අස්සේ ගොස් බොන්න වතුර හොයපු හැටි.

    තොපිලා ගෙදර සුවපහසුව නිදාගත් අතරේ දවස් ගනන් නිදි වරා , කිසිවක් කරකියා ගත නොහැකි විටෙක නිදි කිරා වැටුනු අවස්ථාවන්….. යකෝ තොපිලට පව් නැද්ද බොළව් මේ මිනිස්සූ කල සේවය අගය කරන්න එක දිනක් හරි වෙන් කරන්න බැරි වීම ගැන.

    මේත් මිනිස්සූ බොළව් තිරිසනුන් නෙමෙයි අත් හැරලා දාන්න තරම්. දේශපාලනය අමතකරපල්ලා , මනුෂ්‍යත්වයේ නාමයෙන් සලකපල්ලා ….. රටකට විපතක් එද්දී ජාති භේද , ආගම් භේද , පක්ෂ පාට භේද බලා ද බොළව් පැමිණෙන්නේ ……”

    එම සමාජ මාධ්‍ය ජාලාහි හුවමාරුවන සටහන්.

    Facebook LinkArchived Link

    එම සමාජ මාධ්‍ය ජාලාහි හුවමාරුවන සටහන්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සත්‍ය තොරතුරු සෙවීම සදහා අපි මුලින්ම ගූගල් නිව්ස් (Google Reverse Image) යොදාගනු ලැබුවා. එහිදී අපට පැහැදිලිවුයේ එම ඡායාරූප සම්බන්දයෙන් රටවල් කිහිපයකම විදෙස් ලිපි දක්නට ලැබිමයි .

    අනෙකුත් ඡායාරූප කිහිපයද අප ‘Google Reverse Image Search” හරහා අප කරනු සෙවීමකට ලක් කළෙමු. එහිදී එම ඡායාරූප Alghadeer නම් ඉරාක චන්ද්‍රිකා රුපවාහිනී නාලිකාවකට අයත් වෙබ් අඩවියක මුලින්ම පලව ඇති බව දක්නට ලැබිණ. එම ඡායාරූප 2015 වසරේදී එම වෙබ් අඩවිය මගින් පළකර ඇති බව පැහැදිලිවිය.

    Link

    තව දුරටත් අප මේ සම්බන්දයෙන් කරුණු විමර්ශනය කරන ලදී. ඒ අනුව මෙම ඡායාරූප  ABNA නම් වෙබ් අඩවියක පලව තිබුණි. ABNA යනු AhlulBayt News Agency වන අතර එය ඉරාණ අන්තර්ජාල පුවත් සේවාවක් වේ. ඔවුන් එම ඡායාරූප සදහා තම වෙබ් අඩවියේ ජාල සලකුණ (water mark) යොදා තිබිණ.

    Link

    තව දුරටත් කරුණු සෙවීමට අප ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කරන ලදී. එහිදී ද පලව ඇති ඡායාරූප ආකාරයේ කිසිවක් එම වෙබ් අඩවිය තුලද නොවිය.

    Link

    මේ සම්බන්දයෙන් යුද හමුදා මාධය අංශය වෙත පලවන ඡායාරූප යොමු කර , දුරකතනයෙන් කල විමසීමකදී පවසා සිටියේ මෙහි පලව ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඡායාරූප  නොවන බවයි.

    අවසාන නිගමනය

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත සමාජ මාධ්‍ය වාර්තාවේ ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන්ගේ ඡායාරූප ලෙස හුවමාරුවන බොහෝ  ඡායාරූප සැබවින්ම ශ්‍රී ලංකා හමුදාවේ ඡායාරූප නොවන බවයි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.