Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ඌරපොල – නිට්ටඹුව අබලන්වූ මාර්ගය? මාතලේ පිහිටි මනරම් හෝටලයක්?

    2021-11-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන්

    සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ෆේස්බුක් පිටුවලට අවධානය යොමු කරවීමට බොහෝ ඇඩිමින්වරු අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සහ දරන්නේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යවමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින්. එලෙස පරිශීලකයින් නොමග යැවීමට උත්ස දැරූ ඡායාරූප සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    1. “කුඹුරක් කියල රැවටුනා නේද ඒ බං ඌරපොල ඉඳන් නිට්ටඹුවට යන පාර ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින්ද පෙනී යන්නේ බොහෝ දෙනෙකු මෙම මාර්ගය ඌරපොල සිට නිට්ටඹුවට ගමන් කරන මාර්ගය බවට උපකල්පනය කර තිබුණ බවයි.

    මෙම ඡායාරූපය භාවිතා කරමින් “කුඹුරක් කියල රැවටුනා නේද නෑ  බං ඔය අපේ ගමේ පාර ” යනුවෙන් පළ වූ සටහනක් පහතින්.

    Facebook | Archived Link

    1. “ පිට රටක හෝටලයක් කියලා රැවටුනාද? නෑ මේ තමයි, හෝටලය” යනුවෙන් සඳහන් කරමින් තවත් ඡායාරූපයක් සමාජ මාධ්‍යට එක් කර තිබුණු අයුරු.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ ඇතැම් නගර වලට අයත් ස්ථාන බවට දක්වමසින් සංසරණය වූ මෙම සටහන් වල දැක්වෙන ඡායාරූ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අප මෙම ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව ඉහත පළමු සටහන වන ඌරපොල සිට නිට්ටඹුවට ගමන් කරන මාර්ගය යනුවෙන් සඳහන් කළ ස්ථානය 2017 වර්ෂයේ ඉන්දියාවේ, Bhagalpur ප්‍රදේශයේ අබලන් වූ Bhagalpur NH-80 මාර්ගයක් බවට The times of India වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    The times of India | Archived Link

    ඉහත ඡායාරූපය ඇතුළත්ව එම මාර්ගය සම්බන්ධයෙන් පළ වූ Twitter පණිවිඩයකද එම මාර්ගය ඉන්දියාවේ Bhagalpur NH-80 මාර්ගය ලෙස සඳහන් කර තිබුණේ මෙලෙසින්. Archived Link ඒ මාර්ගය පිළිබඳ පළ වූ තවත් වූ Twitter පණිවිඩයක් මෙතනින්.

    කෙසේවෙතත් මෙම මාර්ගය Munger සහ Bhagalpur අතර 57-km දිග ​​දිග මංතීරු හතරක් බවට පරිවර්තනය කිරීමට නියමිත බවටයි මේ සම්බන්ධයේ මෑතකදී පළ වූ ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. Archived Link

    ඌරාපොල සිට නිට්ටඹුව දක්වා දිවෙන මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීමට අප Google Map හරහා පරීක්ෂාවක් සිදුකළා. එම මාර්ගය මෙලෙසින්. 

    කෙසේනමුත් ඌරාපොල සිට නිට්ටඹුව දක්වා දිවෙන මාර්ගය එනම් B 445 මාර්ගය (Veyangoda-Ruwanwella ) Google street view ඔස්සේ පිරික්සීමේදී මෑතකදී ලබාගත් දර්ශන දක්වා නොතිබූ බැවින් (අවසන් වරට 2020 පෙබරවාරි ඡායරූප දැකගන්නට ලැබේ), අප එම මාර්ගයේ දෙපස ප්‍රදේශවාසීන් දෙදෙනෙකුගෙන් එහි වත්මන් තත්ත්වය පිළිබඳ විමසා සිටියා.

    එම මාර්ගය පෙර කාපට් අතුරා හොඳ තත්ත්වයක තිබුණද පසුගිය කාලයේ දී පයිප්ප ලයින් ඇතිරීම සඳහා මාර්ගය සකස්කිරීමේ දී යම්කිසි හානියකට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් තැනින් තැන වළවල් තිබෙන බවත් පවසා සිටියා. කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපය අතිශයෝක්තියක් බවත් ඔවුන් පවසා සිටියා.

    සමාජ මාධ්‍ය සටහන් ලෙස අප ඉහත පෙන්වූ දෙවන සටහනේ ඡායාරූපයේ දැක්වෙන්නේ, ලංකාවේ මාතලේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක් නොව ස්විට්සර්ලන්තයේ පිහිටි Hotel Belvédère නමැති හෝටලයකි.

    එම හෝටලය පිළිබඳ වීඩියෝවක් පහතින්. වෙබ් වාර්තාවක් මෙතනින්.

    මාතලේ අරුණාලෝක හෝටලය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ එම ඡායාරූපය Switzerland.Hotels නමැති ෆේස්බුක් පිටුවක් දක්වා තිබූ අයුරු පහතින්.

    Facebook | Archived Link

    මාතලේ පිහිටි අරුණාලෝක හෝටලයේ ඡායාරූප ද අප පරීක්ෂා කළ බැලු අතර එම හෝටලය පිහිටි ස්ථානය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ වැනි කඳු බෑවුමක පිහිටීමක් නොවන බව පැහැදිලිවම පෙනී යනවා. කෙසේනමුත් අප මාතලේ ප්‍රදේශවාසියෙකුගෙන් මේ පිළිබඳ සිදුකළ විමසීමේ දී තහවුරු කර සිටියේ එම හෝටලය අලුතින් ප්‍රතිසංස්කරණය කිරීමක් මෑතක දී සිදුකළ බවයි.

    එම ඡායාරූපය පහතින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු අනාවරණයේදී තහවුරු වූයේ, ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ ඌරපොළ සිට නිට්ටඹුව දක්වා ගමන් කරන මාර්ගය අබලන් බවට සඳහන් කිරීමට යොදා තිබූ ඡායාරූපය වන්නේ, ඉන්දියාවේ Bhagalpurහි  NH-80 මාර්ගයේ ඡායාරූපයක් බවයි. කෙසේනමුත් එම මාර්ගය පසුගිය කාලයේ දී මාර්ගයේ නල එලීමේ ක්‍රියාවලියේ දී යම්කිසි දුරකට අබලන් වී තිබෙන බව ප්‍රදේශවාසීන් පවසා සිටිනවා.

    එමෙන්ම මාතලේ අරුණාලෝක හෝටලය ලෙස සඳහන් කරමින් පෙන්වා තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ, ස්විට්සර්ලන්තයේ පිහිටි Hotel Belvédère නමැති හෝටලයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.