Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිටපු ජනපති මහින්ද යළිත් කොළඹ පදිංචියට?

    2025-09-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකවන්න. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව යන ලදි.  එහෙත් ඇතැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකවන්න.

    පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව යන ලදි.  එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ එම මහතා නැවතත් කොළඹට පැමිණ ඇති බවට  පුවතක්  සංසරණ වෙමින් පවතින අතර මෙහි සත්‍යය  අසත්‍යය බව අප විසින් පරීක්ෂා කරන ලදි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට පැමිණ ඇති බව සදහන් වන පුවතක් සමාජ මාධ්‍ය හා අනෙකුත් ප්‍රධාන මාධ්‍යයන්ගේ සංසරණ විය.                          

    Facebook

    Facebook

    මෙය සත්‍ය තොරතුරක් යැයි විශ්වාස කළ සැලකිය යුතු පිරිසක් විසින් මෙම තොරතුරු හුවමාරු කර ගෙන තිබූ අයුරු ද, මෙම පුවත සත්‍ය බවට විශ්වාස කරමින් අදහස් දක්වා තිබූ අයුරු ද අපට දැක ගැනීමට හැකි විය. මෙම ප්‍රවෘතියේ නිර්වද්‍යතාව පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදු කරන ලදි.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය 10 වන බදාදා දින පාර්ලිමේන්තුහි දී සම්මත කිරීමත් සමඟ බලාත්මක වූ නව නෛතික තත්ත්වය මත පසුගිය 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ මහින්ද රාජපක්ෂ මහතා එතෙක් නීත්‍යානුකූලව ලබා දී තිබු විජේරාම නිල නිවසින් ඉවත්ව තංගල්ලේ පිටිහි තම කාල්ටන් නිවස වෙත යන ලදි. 

    ඉහත සටහන් වල සහන් ආකාරයේ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේදැයි යන්න පරීක්ෂා කිරීමේදී ලංකාදීප පුවත්පත විසින් “මහින්ද ආපහු කොළඹට” යනුවෙන් ශීර්ෂ පාඨයේ සඳහන් වූ පුවතක් දැක ගන්නට ලැබුණු අතර එහි විස්තරයේ සඳහන් වී තිබුණේ, අවශ්‍ය පහසුකම් තහවුරු කරගත් වහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ පදිංචියට එනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා පැවසූ බවයි. නමුත් එම වාර්තාවේදී හෝ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් නිත්‍ය වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කොළඹට පැමිණෙන බවක් හෝ පැමිණි බවක් සඳහන් වන්නේ නැහැ.

    ලංකාදීප

    නමුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය හා අනෙකුත් ප්‍රධාන මාධ්‍යයන්ගේ මෙම පුවත සංසරණය වී තිබුණා. 

    සත්‍ය වශයෙන් ම පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇත්දැයි අප පරීක්ෂාවට ලක් කළා.

    ඒ අනුව අපගේ අවධානය යොමු වුණේ, ඔහු විසින් පසුගිය 11 වන දා මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් පිටත් වූ දින මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කරන අවසථාවයි. එහිදී මාධ්‍යවේදියෙකු විසින් ඔහු වෙත ප්‍රශ්නයක් යොමු කරනු ලබන්නේ, හිටපු ජනපති මහින්දට දෙන්න කොළඹින් ගෙවල් ඕන තරම් තියෙනවා යනුවෙන් සංජීව වහතා මීට පෙර අවස්ථාවක පැවසූ බවත්, ඒ කවුරුවත් නිවසක් ලබා නොදෙන්නේ දැයි යන්නයි. එහිදී ඒ මහතා පිළිතුරු සපයනු ලබන්නේ,

    “ඊයෙ හවස පනත සම්මතවෙලා අද දවස ඇතුළත මේ සියල්ල ලෑස්ති කර ගන්න බෑනේ, පළමුව අපේ යුතුකම නීතියට ගරු කරළා මෙතනින් යන එක. ඊට පස්සෙ අපි බලමු මොකක්ද කරන්නෙ කියලා.” යන්නයි. ඔහු කිසිදු අවස්ථාවක මහින්ර රාජපක්ෂ කොළඹ පදිංචියට පැමිණ ඇති බව හෝ ළගදීම පැමිණෙන බව ක් සඳහන් නොකරයි. එම වීඩියෝව පහතින්.

    Facebook

    මෙම ප්‍රකාශය භාවිත කොට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ, තංගල්ලට ගිය මහින්ද රාජපක්ෂ මහතා යළි කොළඹ පදිංචියට පැමිණ ඇති බව හැඟවෙන අයුරිනි. නමුත් මන්ත්‍රී සංජීව විසින් ඉහත සමාජ මාධ්‍ය ජාලාවල පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් කර නැහැ.

    මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා දුරකතනය ඔස්සේ සම්බන්ද කර ගනිමින් විමසා සිටින ලදි. එහිදී එම මහතා පවසන ලද්දේ මහින්ද මහතා විජේරාමේ පිහිටි නිළ නිවසෙන් පිටව යන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතාට කොළඹින් නිවසක් ලැබේවිද? ඔහු නැවතත් කොළඹට පැමිණෙයි ද යනුවෙන් මාධ්‍යවේදීන් විමසන පැනට සංජීව එදිරිමාන්න මහතා පවසා ඇත්තේ නිවසක් හමු වුනොත් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් කොළඹට පැමිණෙයි යනුවෙන් බවය. එහෙත් මෙම තොරතුර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ජනතාව නොමග යන අයුරින් බව ත්,  ඒ මහින්ද රාජපක්ෂ මහතා නැවත කොළඹ නිවසට පැමිණ ඇති බව තමන් ප්‍රකාශ කළ බවට දක්වමින් බව සංජීව මහතා වැඩි දුරටත් පවසා සිටියා.

    එමෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා ද, පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට, මැදමුලන පිහිටි කාල්ටන් නිවේසේ සුවෙන් පසුවන බවයි.

    මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබෙන්නේ, මේ වන විටත් ඔහු කාල්ටන් නිවසේ රැඳී සිටින බව ත්, ඔහුව බැලීමට ඔහුගේ පාක්ෂිකයින් සහ මහ ජනතාව ඇතුළු තවත් පිරිස් කාල්ටන් නිවසට පැමිණෙන බවත්, ස්තූතිවන්නත වන බව ත් ය. එම සටහන මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව මෙම කරුණු පරීක්ෂාවෙන් තහවුරු වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට නැවත කොළඹ නොපැමිණ ඇති බවත්, එතුමන් තංගල්ලේ පිහිටි සිය කාල්ටන්  නිවසේ  සිටින බවය. හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පසු  සංජීව එදිරිමාන්න මහතා විසින් මාධ්‍යට ඒ පිළිබද සිය අදහස් දැක් වූ මොහොතේ කරන ලද ප්‍රකාශක්  මාධ්‍ය විසින් ජනතාව නොමග යවන අයුරින් වැරදියට වාර්තා කර ඇති බව මින් තහවුරු වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    A

    Achini

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-09-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.