Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කෝටි 28 ක ගණුදෙනුවට ඇමති ජොන්ස්ටන් සම්බන්ධ බවට ලංකාදීප වාර්තා කරාද?

    2021-11-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ

    දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව පුවත්පත් මගින් වාර්තා කිරීම සාමාන්‍ය කරුණක්. කෙසේ වෙතත් සමාජ ජාලා මාධ්‍ය වඩාත් ප්‍රචලිත වීමත් සමග පුවත්පත් වාර්තා වල සදහන් කරුණු විකෘති කර හෝ ඇතැම් විට ඒවායේ පවතින ඡායාරූප විකෘති කර වෙනත් අදහසක් මතුවන සේ සමාජ ජාලා තුල පැතිරවීමේ ප්‍රවණතාවයක් විටින් විට දකින්නට ලැබෙනවා. මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකල විමසුමක්.

    සමාජ ජාලා සටහන් (Social Media Notes)

    2021 නොවැම්බර් මස 15 වන දින (ඊයේ) ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ පළ වූ පුවතක් ලෙස “කුරුණෑගල මධ්‍යම වෙළඳපොළ කොන්ත්‍රාත්තුවේදී කෝටි 28ක අත යට ගනුදෙනුවක් කෝප් කමිටුවේදී හෙළිවෙයි ” යනුවෙන් සඳහන් කළ ශීර්ෂ පාඨය රැගත් පුවතක් වාර්තා කර තිබු අතර ඒ සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් ද භාවිත කර තිබුණේ මෙලෙසින්.

    Facebook| Archived

    ඉතා කෙටි කාලයක් තුළ බොහෝ දෙනා අතර මෙම සටහන සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    සත්‍ය වශයෙන්ම මෙම පුවත් වාර්තාවේ ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපය යොදා ගත් බව හෝ අමාත්‍යවරයාගේ නම හෝ  ඇතුළත්ව නොමැති බවට සහ මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපට ඉදිරපත් කෙරුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවට සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අප ප්‍රථමයෙන් සොයා බැලුවේ සමාජ මාධ්‍ය වල සඳහන් ආකාරයට ලංකාදීප පුවත්පත මෙවැනි තොරතුරක් නොවැම්බර් 15 දින වාර්තා කර ඇද්ද යන කරුණයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ නොවැම්බර් 15 දින ලංකාදීප පුවත්තේ ප්‍රධාන පුවත ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබු සිරස්තලයම පළකර තිබු බවයි.

    කෙසේ වෙතත්,කෝපා(රාජ්‍ය ගිණුම් පිළිබදකාරක සභාව) කමිටුවේදී හෙළිවූ මුල්‍ය අක්‍රමිකතාවයක් බවට ලංකාදීප වාර්තාවේ දක්වා තිබුණු මෙම පුවතේ පසුබිමෙන් සමාජ ජාලා සටහනේ ඇති ආකාරයට ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක් පළව තිබුණේ නැහැ. එම සම්පූර්ණ පුවත පහතින්.

    Web| Archived

    ලංකාදීප වෙබ් අඩවියේද මේ පිළිබඳව වාර්තා කර තිබුණ අතර එහි සඳහන් වන්නේ කුරුණෑගල මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තු ගත මුදල ඉක්මවා 41% ක ලංසුවක් (එනම් කොටි 28 කට වැඩි මුදලක්) තැබූ ආයතනයකට එහි මධ්‍ය වෙළද පොළ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇති බවයි. ඒ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා නිර්දේශ වී ඇති අතර එමෙන්ම ඉංජිනේරු අංශය සඳහාද චෝදනාවක් ද කෝපා කමිටුවෙන් එල්ලවී ඇත්තේ ඔවුන් ඇස්තමේන්තු ගතකර ඇති මුදලින් ව්‍යාපෘතිය සිදුකල නොහැකි වීම හේතුවෙන් එහි වැඩිදුරටත් සඳහන්.

    Web | Archived

    මෙම වාර්තාවේද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නම සඳහන්ව නැහැ.

    ලංකාදීප සත්‍ය වාර්තාව සහ සංස්කරණයට භාජනය කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයද ඇතුළත් කර සැකසූ ඡායාරූප සංසන්දනය පහතින්.

    ඒ අනුව පෙනී යන්නේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරූපයක් ලංකාදීප පුවත්පතේ පළ වී නොතිබුණු අතර ඒ මහතාගේ නම ද අදාළ පුවත් වාර්තාවේ සඳහන් වී නොතිබුණු බවයි.

    ලංකාදීප ප්‍රාදේශීය වශෙයන් පළවූ කලාපයක හෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඡායාරුපය පළවුණේ ද යන්න අප ලංකාදීප කතෘවරයාගෙන් ද විමසා සිටි අතර ඔහු ද, තහවුරු කරනු ලැබුවේ අමාත්‍යවරයාගේ නම හෝ ඡායාරුපයක් එම වාර්තාව සඳහා යොදා නොගත් බවයි.

    මේ සම්බන්ධයෙන් අප COPA හි සාමාජික ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගෙන් විමසූ විට ඇය පැවසුවේ, මේ පිළිබදව COPA හි සාකච්ඡා වී ඇති බව සහ මේ පිළිබදව වැඩිදුර තොරතුරු විමසීම සඳහා කුරුණෑගල නගර සභා බලධාරීන් සහ අවශ්‍ය සෙසු නිලධාරීන් COPA වෙත කැඳවීමට තීරණය වී ඇති බවයි.

    COPA හි සාමාජික දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන්ද මේ පිළිබදව විමසූ විට ඔවුන් පැවසුවේ මේ සම්බන්ධයෙන් COPA හි සාකච්ඡා වී ඇති බවත්, එය කුරුණෑගල නගර සභා බලධාරීන් /නිලධාරීන් සම්බන්ධ කාරණයක් බවයි.

    අප මේ සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අමාත්‍යවරයාගේ ඡායාරූපය අවභාවිත කරමින් මෙලෙස අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    සැ. යු : මෙම පුවත සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කිසියම් ආකාරයකින් හෝ සම්බන්ධ බව හෝ නොවන බව හෝ අපට ස්වාධීනව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවේ. 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද විමර්ශනයේදී තහවුරු වූයේ ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ පළවූ පුවතක් සඳහා එම පුවත් පත විසින් පළ නොකරන ලද ඡායාරූපයක් එනම් ජොන්ස්ටන් ඇමැතිවරයාගේ ඡායාරූපයක් යොදා සංස්කරණය කොට සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවයි. 

    කුරුණෑගල මහ නගර සභාවේ ඉංජිනේරු ඇස්තමේන්තු ගත මුදල ඉක්මවා කොටි 28 කට වැඩි ආයතනයකට එහි මධ්‍ය වෙළද පොළ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුව විසින් කුරුණෑගල නගර සභා බලධාරීන් /නිලධාරීන් අලලා වැඩිදුර විමර්ෂණයක් සිදුකිරීමට නියමිත බව කෝපා කමිටු සාමාජිකයින් පවසා සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.