Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

    2021-05-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බං

    ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා.

    මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම සටහන් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “බංග්ලාදේශ පුවත්පතක පලවූ කාටූනයකි …දැන් සැපද !!!!!!!!!!!!!!!!” යන තේමාවෙන්කටුනායක ඡායාරුපයක් Nilantha Kahanda Gamage යන අයෙකු විසින් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    Claim : Cartoon published in a Bangla newspaper

    Facebook | Archived

    කෙටි කාලයක දී 5000කටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබු එම සටහනේ දක්වා තිබුනේ ඉංග්‍රීසි බසින් පලවී තිබු කාටුනයක්. වසර දෙදහසකට වැඩි සංස්කෘතික උරුමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව විසින් 1971 දී ස්ථාපිත රටක් වන බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගත් බව එහි පෙන්වා දී තිබුණා.

    උපහාසාත්මක කෝණයෙන් එම සටහන ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර හුවමාරු වී තිබු අයුරු පහතින්

    Claim : Cartoon published in a Bangla newspaper

    මෙම සටහන් ඉංග්‍රීසි බසින් ඉහත අර්ථකථනයම ලබාදෙන විස්තරයක් ද සමඟ ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අතර පහතින් දැක්වෙන්නේ එසේ ට්විටර් ඔස්සේ පළවූ සටහනක්.

    Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මෙම කාටුනයේ Daily FT යනුවෙන් සඳහන් වී තිබීම නිසා අප Daily FT පුවත්පතේ පළවූ කාටුන පිලිබඳව පරීක්ෂා කිරීමේදී මැයි 28 වැනිදා මෙම කාටුනය ඔවුන්ගේ පුවත්පතේ වෙබ් අඩවියේ මෙසේ දැක ගන්නට ලැබුණා

    Daily FT May 28 Cartoon

    Daily FT May 28 | Archived

    මෙම කාටුනය මැයි 28 වැනිදා Daily FT පුවත්පතේ 8 වන පිටුවේ ද අපට දැක ගන්නට ලැබුනේ පහත පරිද්දෙන් වන අතර එහි කාටුන ශිල්පියාගේ නම වශයෙන් දක්වා තිබෙන්නේ වසන්ත සිරිවර්ධන මහතාගේ නමයි.

    Daily FT Editorial page, May 28

    වසන්ත සිරිවර්ධන මහතා කාටුන ශිල්පියෙකු ලෙස Daily FT පුවත්පතට දාකය වන අතර මෑතක දී එම පුවත්පතේ කතුවැකිය ඇතුළත් පිටුවේ (Editorial page) පළවූ කාටුන ඔහු විසින් නිර්මාණය කර තිබෙන අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.  

    වසන්ත සිරිවර්ධන මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙම කටුනය සහ පසුගිය කාලයේ ඔහු විසින් සිදුකළ නිර්මාණ දක්වා තිබුණා.

    Wasantha Siriwardena FB | Archived

    Daily FT පුවත්පතේ කර්තෘ තුමාගෙන් ද මේ සම්බන්ධයෙන් අප විමසීමක් සිදුකළ අතර එතුමා පවසා සිටියේ මෙහි මුල් අයිතිය සිය පුවත්පත සතු වන අතර මුල් වරට මැයි 28 වැනිදා එම පුවත්පතේ පලකරන ලද කාටුනයක් බවත් මෙය බංග්ලාදේශ පුවත් පතක පලවී තිබුනේ දැයි තමා නොදන්නා නමුත් එම කාටුනය පලකිරීමට අවසර පතා කිසිඳු බංග්ලාදේශ පුවත්පතක් තමාගෙන් විමසීමක් ද සිදුකර නොමැති බවයි.

    මේ අනුව මෙම කාටුනය, වසන්ත සිරිවර්ධන ශිල්පියාගේ මුල් නිර්මාණයක් බවත් පළමු වරට ලංකාවේ Daily FT පුවත්පත් මැයි 28 වැනිදා පළවී තිබෙන බවත් තහවුරු වනවා.

    කෙසේ වෙතත් මෙම කාටුනය බංග්ලාදේශයේ පුවත්පතක ද පළවුණි දැයි අප Factcrescendo Bangladesh කණ්ඩායමෙන් විමසා සිටි අතර මෙතෙක් ප්‍රධාන පුවත්පතක එය උපුටා දක්වමින් පළවී තිබෙනු දැක ගන්නට ද නොලැබුණු බව පවසා සිටියා.

    කෙසේවෙතත් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ලංකාවේ වෙත ණය මුදලක් ලබාදීමට බංග්ලාදේශය එකඟ වීම පිලිබඳ එරට පුවත්පත් වාර්තා බොහොමයක් පළ කර තිබුණා.

    Daily Star | Dhaka Tribune

    ලංකාවේ විසින් ඉන්දියාව හැරුණු විට සාක් කලාපයේ රටකින් පළමු වරට ලබාගන්නා මෙම විදේශ විනිමය හුවමාරුව (currency swap) පිළිබඳව පළවූ ලිපියක් මෙතනින් සහ මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මැයි 28 වැනිදා ලංකාවේ Daily FT පුවත්පතේ කතුවැකි පිටුවේ පළවූ වසන්ත සිරිවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද කාටුනයක්, බංග්ලාදේශයේ පුවත්පතක් විසින් ලංකාව වෙත ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීම පිළිබඳව එරට පුවත්පතක පලකරන ලද කාටුනයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.