Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කොරෝනා හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානුවන් දේව පිළිම ගඟට විසිකළා ද?

    2021-05-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්දියාවේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් පිරිස විශාල වශයෙන් දිනපතාම ජීවිතක්ෂයට පත් වනවා අපට ප්‍රධාන දෙස් විදෙස් මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරන්තරන්යෙන්ම දැකගන්නට පුළුවන් වුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ වීඩියෝවකින් පෙන්වා තිබුනේ ඉ

    ඉන්දියාවේ තවදුරටත් කොරෝනා ආසාදිතයන් පිරිස විශාල වශයෙන් දිනපතාම ජීවිතක්ෂයට පත් වනවා අපට ප්‍රධාන දෙස් විදෙස් මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරන්තරන්යෙන්ම දැකගන්නට පුළුවන් වුණා.

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූ වීඩියෝවකින් පෙන්වා තිබුනේ ඉන්දියාවේ පිරිසක් දෙවිවරුන්ගේ පිළිම ගංඟාවකට දමන ආකාරයයි. කොරෝනා තත්ත්වය හමුවේ දෙවියන් එපා වූ ඉන්දියානු පිරිසක් මෙම කටයුත්ත කරන බවක් එමඟින් අදහස් කර තිබුණි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Jayamini Pushpa Kumara නම් අයෙක් විසින් සඳහන් කර තිබුණේ, “දෙවියන් එපා වූ ඉන්දියානුවන් කෝවිල්වල දේව පිළිම ගඟට විසිකර දමයි” යනුවෙනි. මෙම වීඩියෝව WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. එම වීඩියෝව පහතින් දක්වා තිබේ.

    Facebook | Archived Link

    මෙම වීඩියෝව මේ වන විට 4000කට ආසන්න ප්‍රමාණයක් ෆේස්බුක් ඔස්සේ නරඹා තිබෙනවා. 

    කොරෝනා වසංගතයෙන් දේව භක්තිකයින්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි වීම නිසා කෝපයට පත් හින්දු භක්තිකයන් දේව පිළිම ජලයට මුදා හරින බවට මෙම වීඩියෝව මගින් දැක්වෙන බවටයි සඳහන් වුණේ.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම): 

    මෙම වීඩියෝ දර්ශනය නැරඹීමේදී බැලූ බැල්මට මෙය පැරණි වීඩියෝවක් බව පෙනුණි. එමෙන්ම මෙලෙස ජලයට විසි කරනු ලබන්නේ ගණ දෙවියන් හෙවත් ගණේෂ් දෙවියන්ගේ පිළිම පමණක් බවට හඳුනා ගත හැක. ඒ අනුව කළ විමර්ශනයේදී පැහැදිලි වූයේ මෙය ඉන්දියානුවන්ගේ උත්සවයක් වන ගනේෂ් චාතුර්ති (Ganesh Chaturthi) සැමරීම බවයි.

    ගණදෙවියන්ගේ උපත සමරන මෙම උත්සවය මගින් ගණ දෙවියන්ගේ උපත, ජීවිතය සහ මරණය යන චක්‍රයේ වැදගත්කම ද දක්වයි. දින 10 ක් පුරාවට පැවැත්වෙන මෙම උත්සවයේ අවසාන දිනයේදී ගනේෂ් දෙවියන් තම දෙමව්පියන් වන ශිව දෙවියන් හා පාර්වතී දේවතාවිය සමඟ එක්වීම සඳහා කයිලාෂ් කන්දට නැවත පැමිණෙන බවට විශ්වාසයක් පවතී. ඒ හේතුවෙන් ගණ දෙවි ප්‍රතිමා චාරිත්‍රයක් ලෙස වතුරේ ගිල්වනු ලබයි. 

    හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ ගණ දෙවි ප්‍රතිමා ගිල්වීම සඳහා නිවසින් පිටතට ගත් වේලාවේ එය නිවසේ ඇති විවිධ කරදර බාධක ද රැගෙන යන බවයි. මෙම උත්සවය සම්බන්ධයෙන් HindustanTimes පුවත් වෙබ් අඩවියේ පසුගිය වසරේ දක්වා තිබුණේ මෙලෙසිනි. 

    HindustanTimes | Archived

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම වීඩියෝව සම්බන්ධයෙන්අප ඇෆ්ගනිස්තාන කණ්ඩායම විසින් කරුණු විමසුමක් සිදුකර තිබු අතර මෙය 2015 වර්ෂයේදී YouTube ඔස්සේ මුදා හැර ඇති වීඩියෝවක් බව එහිදී මෙසේ අනාවරණය වී තිබුණා. එම වීඩියෝව පහතින්. (44 වන තත්පරයේ සිට)

          

    YouTube | Archived Link

    මෙම වීඩියෝ පටයේ රූප රාමු සහ ලංකාවේ වර්තාමානයේ හුවමාරු වන වීඩියෝ පටයේ රූප රාමු එකම බව ද අපට දැක ගන්නට ලැබුණා. එම රූප රාමු සංසන්දනයක් පහතින්

    මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ ගනේෂ් චාතුර්ති උත්සවය අවසන් වීමෙන් පසු ගනේෂ්  ප්‍රතිමා මුහුදට හෙළීම සිදු කරනු ලබන අතර ප්‍රතිමාව ජලයට හෙළීම සඳහා අනුගාමිකයන් සහ ඉන්දීය සොල්දාදුවන් ගණනාවක් එක්ව ක්‍රියා කරන ආකාරය ද වීඩියෝවේ දැක්වේ. 

    ගණපති විසර්ජන් ලෙස හඳුන්වන මෙවන් අවස්ථාවක තවත් වීඩියෝවක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව පැහැදිලි වන්නේ කොරෝනා වසංගතය හමුවේ කෝපයට පත් හින්දු භක්තිකයන් තමන් වන්දනා කරන දේව ප්‍රතිමා ජලයට මුදාහරින ආකාරයක් නොව ඉහත වීඩියෝවෙන් දැක්වෙන්නේ ගණදෙවියන්ගේ උපත සමරන ගනේෂ් චාතුර්ති උත්සවයේ අවසන් දිනයේදී චාරිත්‍රයක් වන ගණදෙවි ප්‍රතිමා ජලයේ ගිල්වා දමන ආකාරයක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.