Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

    2020-10-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් මිණුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රමයෙන් ව්‍යාප්ත වී මෙතෙක් ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වන විශාලතම පොකුර බවට දැන් පත්ව තිබේ. මෙසේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් සමඟම පසුගිය කාලයේදී ගිළිහී ගිය සෞඛ්‍ය ආරක

    ගම්පහ දිස්ත්‍රික්කය මුල්කරගත් මිණුවන්ගොඩ කොවිඩ්-19 පොකුර පසුගිය දින කිහිපය පුරාවටම ක්‍රමයෙන් ව්‍යාප්ත වී මෙතෙක් ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වන විශාලතම පොකුර බවට දැන් පත්ව තිබේ. මෙසේ රෝගීන් වැඩිපුර වාර්තා වීමත් සමඟම පසුගිය කාලයේදී ගිළිහී ගිය සෞඛ්‍ය ආරක්ශිත පුරුදු අනුගමනය කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම මාධ්‍ය හරහා උපදෙස් ලබා දෙන අයුරු දැකගනන්ට පුළුවන්.

    එසේම රජය විසින්ද නිසි ලෙස සෞඛ්‍ය පුරුදු පිළි පදින්නේ නැති අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පසුගියදා දැනුම් දුන්නා. තවමත් නිශ්චිත එන්නතක් මෙම ආසාදනය වෙනුවෙන් සොයාගෙන නොමැති අතර විටින් විට කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විවිධ ක්‍රම සුදුසු බව දක්වන සටහන් නැවත වරක් ලංකාවේ සංසරණය වීමට පටන් ගෙන තිබේ. හුස්ම තත්පර 10ක් රඳවා ගැනීම මඟින් කොරෝනා අවදානම නිර්ණය කළහැකි බවට පළවූ අසත්‍ය සටහනක් පිලිබඳ අප පසුගිය දා සිදුකල විමර්ෂණයක් මෙලෙසින්

    කොරෝනා වෛරසය පෙනහලු තුලට ගමන් කිරීමට පෙර එය දින හතරක කාලයක් උගුර ආශ්‍රිතව පවතින බවත් ලුණු මිශ්‍ර උණු ජාල පානය කිරීම මඟින් එම තත්වයෙන් මිදිය හැකි බවට පළවූ සටහන් ද නොමඟ යවන සුළු සටහන් බව අපට අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

    හැකි තරම් ජලය පානය කිරීම සහ උණුසුම් ජලය මිශ්‍ර ලුණු වතුරෙන් හෝ විනාකිරි මගින් උගුර සේදීම මෙම රෝගයෙන් බේරී සිටීමට හැකි බව හැඟවෙන පරිදි දිලාන් මදුශංක නම් අයෙකු තම ෆේස්බුක් ගිණුමට එකතු කල සටහනක දක්වා තිබුණා. එම සටහන පහතින්.

    Facebook Archived

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ නාම පුවරුවක් ද සහිත ඡායාරුපයක් ද සමඟින් මෙම සටහන නිර්මාණය වී තිබීම හේතුවෙන් බොහෝ දෙනා මෙය එම සංවිධානයේ නිවේදනයක් ලෙස වැරදි අවබෝධයකින් ද හුවමරු කරගනන්නා බවක් දැකගන්නට ලැබුණා.  ඉහත සටහන ම හුවමාරු කරගෙන තිබු වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ කරුණ පිලිබඳව වැඩිදුරටත් සොයා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නිවේදන වෙත අපගේ අවධානය යොමු කලා. ඔවුන් අප්‍රේල් මාසයේදී නිකුත් කල නිවේදනයකට  අනුව, වෛරසයට නිරාවරණය වීම (ආසාදනය වීම) සහ රෝග ලක්ෂණ ආරම්භය අතර කාලය වන Covid-19 සඳහා පුර්ව තක්සේරු කාලය සාමාන්‍යයෙන් දින 5-6 ක් වුවද එම කාලය ඇතැම් අවස්ථාවලදී දින 14ක් දක්වා ද වැඩි විය හැකි බවයි.

    Original LinkArchived Link

    එමෙන්ම ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීම සහ උණුසුම් ජලය සහ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීමෙන් මෙම වෛරසයෙන් බේරිය හැකි බවක් ලෝක සෞඛ්‍ය සංවිධාන මඟින් පළවූ වාර්තා වල සටහන් වන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීනයේ ශාඛාවෙන් පළවූ ට්විටර් පණිවුඩයක පවසා තිබුනේ ජලය අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීම සමස්ත සෞඛ්‍යයට වැදගත් වුවද, එය කොරෝනා වයිරස් ආසාදනය වළක්වන්නේ නැත. 

    WHO Philippines Tweet 

    එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට (සීඩීසී) අනුව ද, කොරොන වයිරස් රෝගය  වැළැක්වීම සඳහා දැනට නිශ්චිත ක්‍රමයක් සොයාගෙන නැත. ලුණු හෝ විනාකිරි මිශ්‍ර උණු වතුර මඟින් උගුර සේදීම හෝ වැඩිපුර ජලය පානය කිරීම වැනි කටයුතු මඟින් මෙම රෝගය පාලනය කල හැකි බවක් එහි දක්වා නැත.

    මෙම ගැටලුවට පිලිතුරක් වශයෙන් webmd නම් වෙබ් අඩවියද යම් පැහැදිලි කිරීමක් කර ඇති බවක් අපට නිරීක්ෂණය විය.එයින්ද පැහැදිලි කර ඇත්තේ විනාකිරි හෝ ලුනු සමග උනු වතුරෙන් උගුර සේදීම කොරෝනා රෝගයට විසඳුමක් නොවන බව එහි පැහැදිලි කර තිබෙනවා

    LinkArchived

    තවත් වෙබ් අඩවියකින් මෙයට පිළිතුරු දී තිබුනේ මෙලෙසින්

    LinkArchived

    මීට පෙර කොරෝනා වසංගතය මුලින්ම ආරම්භ වූ සමයේ ද මෙවැනිම සාවද්‍ය සටහන් පෙළක් ලොව පුරා මෙන්ම ලංකාවෙත් හුවමාරු වූ අතර එම අවධියේදී අප විසින් ඉංග්‍රීසි බසින් ඒ පිලිබඳ ව සිදුකල කරුණු විමර්ෂණයක් මෙලෙසින්

    අප මේ සම්බන්ධව කොලඹ ජාතික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිකගෙන්ද විමසා සිටි අතර ඇය ප්‍රකාශ කර සිටියේ උණුවතුර මිශ්‍ර ලුණු මඟින් උගුර සෝදාහැරීම සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයකදී උපකාරී වන නමුත් කොරෝනා රෝගී තත්වයකදී ඇතැම් අවස්ථාවල යම්කිසි සහනයක් දැනුණද කොවිඩ්-19 මර්ධනය කිරීමක් එයින් සිදුකළ නොහැකි බවයි.

    එනිසා මෙම කාරනය වැරදි එකක් බවත් කොරෝනා රෝගය පාලනය කිරීමට නිතරම අත් සේදීම, රෝගය ආසාදිත අය සමග සම්බන්දතා පැවැත්වීමෙන් වැලකීම, දිනපතා ස්පර්ශ වන පෘෂ්ඨයන් පිරිසිදු කර විෂබීජහරණය, නිසි පරිදි මුඛ ආවරණ පැලඳිම වැනි සෞඛ්‍ය පුරුදු වලට හුරු වීම වඩාත් යෝග්‍ය බව එම වෛද්‍යවරිය අපට වැඩිදුරටත් ප්‍රකාශ කළා

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ කොරෝනා වෛරසයෙන් මිදීම වෙනුවෙන් වැඩිපුර ජලය පානය කිරීම හෝ උණු වතුර සමග ලුනු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් විසඳුමක් ලැබෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නැති බවයි. එබැවින් කොරෝනා වෛරසය පෙනහලු තුලට ගමන් කිරීම පෙර එය දින හතරක කාලයක් උගුර ආශ්‍රිතව පවතින බැවින් හැකි තරම් ජලය පානය කිරීම යෝග්‍ය යයි පැවසෙන ෆේස්බුක් සටහනේ කිසිඳු සත්‍යතාවයක් නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.