Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Gota-Go-Gama පුස්තකාලය ගිනිබත් වුණාද?

    2022-05-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල වූ මැර ප්‍රහාරයේදී එහි පුස්තකාලය ද ගිනිබත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝටාගෝගම පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනිබත්” යනුවෙන්

    පසුගිය 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල වූ මැර ප්‍රහාරයේදී එහි පුස්තකාලය ද ගිනිබත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ගෝටාගෝගම පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනිබත්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මේ ආකාරයෙන්.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම ඡායාරූප සටහන් බහුලව සංසරණය වී තිබූ අයුරු පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 09 වන දා ගාලු මුවදොර පිටියේ “ගෝඨා ගෝ ගම” සාමකාමී අරගලයට, හිටපු අගමැතිට සහය දැක්වීමට පැමිණ සිටි කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් “ගෝඨා ගෝ ගම” පුස්තකාලය සම්පූර්ණයෙන් ගිනි බත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් සංසරණය වූවා.

    මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එදින පුස්තකාලය ගිනිබත් වී නොතිබුණු බවටත් පුස්තකාලය ආරක්ෂා කර ගැනීමට එහි සිටි පිරිස සමත් වී තිබු බවයි. එමෙන්ම පහර දීමට ප්‍රථම පුස්තකාලයේ තබා තිබූ පොත් සියල්ල පුස්තකාලය තුළින් එළියට රැගෙන තිබූ බවයි. 

    එම අවස්ථාවේ දී පුස්තකාලය ගිනි බත් නොවී ඇති අයුරු දක්නට ලැබෙන අතර පුස්තකාලය බේරාගෙන තිබුණේ මේ අයුරින්.

    Facebook

    එමෙන්ම අරගල භූමියේ පුස්තකාලය භාරව කටයුතු කරමින් සිටි එක් තරුණයෙක් වන මනුරංග විජේසේකර එම අවස්ථාවේ පැවසුවේ පුස්තකාලයට ගිනි තැබීමට කඩා කප්පල් කිරීමට පැමිණි කණ්ඩායම උත්සහ කළත් ඔවුන් ඊට ඉඩ නොදුන් බවයි. එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව මෙතනින්. 

    මේ සම්බන්ධයෙන් අදහස් පළ මනුරංග විජේසේකරගේ ප්‍රකාශය පහතින්

    ‘ගෝඨා ගෝ ගම’ පුස්තකාලය, රජයට පක්ෂපාතී විරෝධතාකරුවන් පැමිණ ප්‍රචණ්ඩත්වයක් ඇතිවීමට පෙර ස්වේච්ඡා සේවකයන් විසින් පුස්තකාලයේ තිබූ පොත් බේරා ගන්නා අයුරු දැක්වෙන තවත් වීඩියෝවක් පහතින්.

    https://twitter.com/Roarlk/status/1523668979012685824

    ඒ අනුව ‘ගෝඨා ගෝ ගම’ පුස්තකාලය ගිනිබත් කිරීමට ප්‍රචණ්ඩාකාරී පිරිසට හැකියාවක් නොලැබුණු බව පෙනී යනවා.

    කෙසේනමුත් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරයේ දී පොත් විනාශ කර තිබූ බව දැක්වෙන මෙවැනි සටහන් හුවමාරු වී තිබූ අතර මේ පිළිබඳව “ගෝඨා ගෝ ගම” අර්ගල භූමියේ පුස්තකාල පරිශ්‍රයේ මැයි 09 වැනිදා සක්‍රීයව සිටි අයෙකු සම්බන්ධ කර ගනිමින් වැඩිදුර තොරතුරු සැපයීමට ද බලාපොරොත්තු වෙමු.

    පසුගිය 09 වන දා අරගල භූමියට සිදුවූ පහරදීමට පෙර ‘ගෝඨා ගෝ ගම’ භූමියේ පිහිටි පුස්තකාලය දිස්වුණේ මේ අයුරින්. වීඩියෝවක් පහතින්.

    ‘ගෝඨා ගෝ ගම’ පුස්තකාලය පෙරටත් වඩා හොඳින් ස්ථාපිත කෙරෙන අයුරු දැක්වෙන ඡායාරූප මෙතනින්.  වීඩියෝවක් පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, පසුගිය දා ගාලු මුවදොර පිටියේ “ගෝඨා ගෝ ගමට” එල්ල වූ ප්‍රහාරයේදී එහි පුස්තකාලයට ගිනි තබා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූප සහ සටහන් නොමග යවන සුළු බවයි. එම අවස්ථාවේ පුස්තකාලය ගිනි බත් නොවූ බව එය භාරව කටයුතු කරන එක් තරුණයෙකු පවසා සිටි අතර මැයි 09 වැනි දින පුස්තකාලය දැක්වෙන දර්ශන වලින්ද ඒ බව සනාථ වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.