Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: රජයේ සේවකයන්ට ජනවාරි සිට ගෙවීමට නියමිතව තිබු රුපියල් පන්දහසේ දීමනාව අත්හිටුවා ඇද්ද ?

    2022-01-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Photo Credit goes to IPS රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ජනවාරි මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යවරයා විසින් මෑතකදී නිවේදනය කළා. කෙසේ වෙතත් සමාජ ජාලා වල මෑතක සංසරණය වන ලිපියක් මුල්කරගනිමින් පළවූ සටහන් පෙලකින් දැක්වෙන්නේ මෙම රුපියල් පන්දහසක දීමනාව තා

    Photo Credit goes to IPS

    රජයේ සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාවක් ජනවාරි මාසයේ සිට ගෙවන බවට මුදල් අමාත්‍යවරයා විසින් මෑතකදී නිවේදනය කළා. කෙසේ වෙතත් සමාජ ජාලා වල මෑතක සංසරණය වන ලිපියක් මුල්කරගනිමින් පළවූ සටහන් පෙලකින් දැක්වෙන්නේ මෙම රුපියල් පන්දහසක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවයි.මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් විසින් ලිපියක ඡායාරූපයක් එකතු කර තිබුණේ රුපියල් පන්දහසේ දීමනාව වැටුප් පත්‍රිකාවල පෙන්නුම් කර තිබුණද එය වැටුපට එකතු කර නැති බවත් එය තාවකාලිකව අත්හිටුවීමට ජනවාරි මස 18 වැනි දින නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවති ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී දැනුම්දීමක් සිදුකර තිබු බවයි. 

    එම කරුණු ඇතුලත්ව අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ලිපි ශීර්ෂයක් යටතේ හුවමාරු වූ ලිපිය පහතින්. එම ලිපියේ අත්සන් යොදා තිබුනේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරී ලෙස L.T.Salitheen නැමැත්තෙක්.

    Facebook | Archived

    මෙම ලිපිය ෆේස්බුක් අවකාශය පුරා පැතිර පැවතුනු ආකාරයක් දක්නට ලැබුණා.

    හිරු නිව්ස් ෆේස්බුක් පිටුවද මේ සම්බන්ධ පුවතක් පළකර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived 

    වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම සටහන පිළිබදව සොයා බැලීමක් කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප විසින් මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ,රජයේ යම් බලධාරියකු විසින් ගුරුවරුන්ට මෙම රුපියල් 5000 දීමනාව ලබා නොදෙන බවට ප්‍රකාශයක් සිදු කර ඇතිද යන කාරණයයි.එවැනි ප්‍රකාශයක් කීසිවෙක් මගින් සිදු කර නොමැති බව අපට දැකගන්නට ලැබුණා.

    අප අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස් .ආර් .හසන්ති ගෙන් මේ පිළිබදව විමසා බැලුවා.ඇය පැවසුවේ මෙම ලිපිය කලාප අධ්‍යාපන කාර්‍යාලයේ ඝනකාධිකාරවරයා විසින් තම අනුදැනුමකින් තොරව නිකුත්කරන ලද්දක් බවයි.

    කෙසේ වෙතත් මෙහි අන්තර්ගත කරුණු සාවද්‍ය බවත් ඇය පවසා සිටියා.සිංහල ජාතිකයෙක් නොවන ඝනකාධිකාරවරයාගේ අඩු සිංහල දැනුම ,හදිසි බව මෙන්ම නොසැලකිලිමත්කම නිසා මෙය සිදු වන්නට ඇතැයි ඇය පවසා සිටියා. එමෙන්ම ඝනකාධිකාරවරුන්ගේ රැස්වීමකදී ලිපියේ සදහන් ආකාරයට රුපියල් පන්දහසේ දීමනාව තාවකාලිකව අත් හිටුවා ඇති බවට සාකච්ඡාවක් ඇතිව නොමැති බවත් ඇය පවසා සිටියා.

    ඇය පැවසුවේ ගුරුවරුන්ගේ/විදුහල්පතිවරුන්ගේ  නව වැටුප් වැඩිවීමක් සමග රුපියල් පන්දහසේ දීමනාව වැටුපට එක්කිරීමට තරම් මුදල් ප්‍රමාණයක් නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව වෙත නොළැඹිම නිසා යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවුණු බවයි.

    කෙසේ වෙතත් මේ වනවිට ඇති තත්ත්වය අනුව අද (ජනවාරි 20) දින වැටුප් ලබාදී ඉදිරි දින කිහිපය තුළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදිය හැකි බවත් ඇය පැවසුවා.

    ඝනකාධිකාරවරයා විසින් මේ ආකාරයෙන් කලාප අධ්‍යාපන කාර්‍යාලයේ අනුමැතියකින් තොරව ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇය පැවසුවා.

    එමෙන්ම අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් ජනවාරි 19 වනදා ෆේස්බුක් සටහනක්ද එක්කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    මතභේදයටතුඩුදී ඇති ලිපිය අම්පාර කලාපයේ ගුරු විදුහල්පතිවරුන්ට යොමුකළ ඝනකාධිකාරවරයාව සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ.

    කෙසේ වෙතත් හොරණ, බලන්ගොඩ ආදී දිවයිනේ වෙනත් ප්‍රදේශ කිහිපයක කලාප අධ්‍යාපන කාර්‍යාල කිහිපයකින් ද අප සිදු කළ කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ රුපියල් පන්දහසේ දීමනාව වැඩිකළ වැටුප් සහිතවම ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ලබාදීමට කටයුතු කර ඇති බවකි .

    මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය දැක්වූ අදහස් “හිරු” පුවත් ඔස්සේ පළකර තිබුනේ මෙලෙසින්

    HiruNews | Archived

    එහිදී ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කර තිබුනේ උතුරු මැද පළාතේ ද මෙලෙස ගැටලුකාරී තත්වයක් වාර්තා වී තිබු අතර මේ සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් යොමු කල යුතුව තිබු බවත් ඉදිරියේදී මෙවැන්නක් සිදු නොවුනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසා සිටියේ ද සහනදායි රුපියල් පන්දහසේ දීමනාව නවතා නොමැති බවත් නැවත ප්‍රතිපාදන ලැබුණු විගසම ලබන මාසයේ වැටුපට පෙර මෙම දීමනාව ලබා දිය හැකි බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ රජයේ සේවකයින් සදහා වන රුපියල් පන්දහසේ දීමනාව තාවකාලිකව නතර කිරීමට රජය විසින් තීරණයක් ගෙන නොමැති බවයි. අම්පාර අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ටද එය ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියද තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.