Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අනිවත්ත, උමං මාර්ගය අවදානම් බැවින්, එය භාවිත නොකරන ලෙසට පළ වන සටහන් අසත්‍යයි!

    2024-11-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගංවතුර තත්ත්වයන්, නායයෑම් තත්ත්වයන් සිදු වෙමින් පවතී. මේ අතර මහනුවර පිහිටි උමං මාර්ගයක් භාවිත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගංවතුර තත්ත්වයන්, නායයෑම් තත්ත්වයන් සිදු වෙමින් පවතී. මේ අතර මහනුවර පිහිටි උමං මාර්ගයක් භාවිත නොකරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    නුවර, නිහාල්ස් ඉදිරිපිට තිබෙන උමන් මාර්ගය දැඩි අවදානම් කලාපයක් ලෙසට නිවේදනය කළ බව දක්වමින් ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත නොකරන ලෙස ට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සත්‍ය සොයා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මහනුවර කටුකැලේ සිට දිවෙන මාර්ගයේ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ (දොඩම්වල මාවතේ) ආරම්භක ස්ථානයේ සිට මීටර් 500 පමණ දුරකින්, මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම උමං මාර්ගය හමුවේ.

    කෙසේ වෙතත් මෙම උමං මාර්ගය සහිත ප්‍රදේශය අධික වර්ෂාපතනය හේතුවෙන් දැඩි අවධානමක් පවතින ප්‍රදේශයක් ලෙසට නිවේදනයක් නිකුත් කර ඇති බවට දක්වා තිබුණත් එලෙසින් නිවේදනයක් නිකුත් කර තිබුනේ කුමන රාජ්‍ය ආයතනය ද, යන්න සඳහන් කර නොතිබුණි.

    ඒ අනුව ප්‍රධාන මාධ්‍ය ධාරා මේ පිළිබඳ ව වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කළ ත්, එවැනි පුවතක් අපට දැක ගන්නට නොලැබුණි.

    මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    අප මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

    ඔවුන් පවසා සිටියේ එම මධ්‍යස්ථානය මගින් එම උමං මාර්ගය භාවිත නොකරන ලෙස නිවේදනයක් නිකුත් නොකළ බවයි. 

    නමුත් එම ප්‍රදේශයේ ගිලා බැසීමක් සම්බන්ධ වාර්තා වූ බවත්, නමුත් අනිවත්ත උමං මාර්ගය වසා නොමැති බවත්, එ් හරහා ගමන් කටයුතු මේ වන විටත් සිදුවන බවයි ඔවුන් පැවසුවේ.

    මහනුවර නගර සභාව

    අප මහනුවර නගර සභාවේ ප්‍රධාන කර්මාන්ත ඉංජිනේරු ගයාන් ජයසේකර මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඒ මහතා පෙන්වා දුන්නේ, අනිවත්ත උමං මාර්ගය භාවිත නොකරන ලෙස දන්වමින් කිසිදු රාජ්‍ය ආයතනයකින් නිවේදනයක් නිකුත් කර නොමැති බවයි. 

    එමෙන් ම එම මාර්ගයේ ද, කිසිදු අවධානමක් නොමැති අතර එය භාවිත කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. 

    මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්

    මහනුවර ප්‍රාදේශීය වාර්තාකරුවන් කිහිප දෙනෙකුගෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටියේ එම උමංග මාර්ගයේ මේ වන විටත් ගමනා ගමනය සඳහා භාවිත කරන බවත්, එවැනි නිවේදනයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවූ බවයි.

    එමෙන් ම ඊයේ (27) දිනයේ අනිවත්ත උමං මාර්ගයේ තත්ත්වය පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය පරිශීලකයෙකු විසින් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook 

    අද (28) රාත්‍රියේදීත් එම උමං මාර්ගයෙන් ගමනා ගමනය සිදුවන අයුරු අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය ඊයේ (27) පස්වරු 7:00 සිට අද (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි. 

    අනතුරු ඇඟවීමේ මට්ටම 3 එනම් අවධානම් කලාප ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ නම් කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ.

    මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර,උඩපලාත,දෙල්තොට, ගගවට කෝරළය,පාතහේවාහැට,හාරිස්පත්තුව,පාතදුම්බර,යටිනුවර,මැදදුම්බර,දොළුව, උඩුනුවර,තුම්පනේ, ⁠පූජාපිටිය,⁠පන්විල, පස්බාගෙ කෝරළය, අකුරණ,හතරලියද්ද වේ. 

    මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති මෙම උමං මාර්ගය භාවිත නොකරන ලෙස ත්, එය දැඩි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති බව ත්, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යන සුළුයි. 

    මහනුවර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ නගර සභාව තහවුරු කළේ, කිසිදු රාජ්‍ය ආයතනයකින් එවැනි අවදානමක් සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් නොකළ බවත්, එම උමං මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වනවිටත් සිදු වන බවයි. එවැනි අවධානමක් එම උමං මාර්ගයේ නොමැති බව ද, ඔවුන් පෙන්වා දෙනවා.

    Avatar

    Title:අනිවත්ත, උමං මාර්ගය අවදානම් බැවින්, එය භාවිත නොකරන ලෙසට පළ වන සටහන් අසත්‍යයි!

    Fact Check By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.